About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Ginger Chutney - ඉඟුරු චට්නි

මීට කලින් ඉඟුරු වලින් චට්නි හදලා තියෙනවද? ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ හදන විදිහ තමයි. බලන්නකෝ එහෙනම…
Ginger Chutney - ඉඟුරු චට්නි
මීට කලින් ඉඟුරු වලින් චට්නි හදලා තියෙනවද? ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ හදන විදිහ තමයි. බලන්නකෝ එහෙනම් හදන්නේ කොහොමද කියලා..

අවශ්‍ය දේවල්:
  • චොප් කර ගත් ඉඟුරු මේස හැදි 3 (පොඩියට කෑලි වලට කපාගත්ත ඉඟුරු)
  • ඉඟුරු දෝසි 50g - 75g
  • සීනි (රස අනුව)
  • චොප් කර ගත් සුදුලූණු මේස හැදි 1 ½
  • වියළි මිරිස් කරල් 5 - 6ක්
  • සියඹලා යුෂ මේස හැදි 1 ½ - 2 ½ ක් පමණ (රස අනුව අඩු වැඩි කර ගන්න.)
  • තල තෙල් මේස හැදි 2 - 3ක්
  • අබ ඇට තේ හැදි ½ ක් පමණ
  • කබලේ යන්තමින් බැද ගත් උඳු ඇට තේ හැදි ½ - 1ක් පමණ
  • ලුණු (රස අනුව)
  • වතුර (අවශ්‍ය පරිදි)

සාදා ගන්නා ආකාරය:
  • මුලින්ම පෑන් එකක් සාමාන්‍ය ගින්දරේ ලිපේ තියලා තෙල් මේස හැදි 1 - 2ක් විතර දා ගෙන රත් වෙන්න දෙන්න.
  • තෙල් රත් වුණාට පස්සේ ගින්දර අඩු කරලා ඒකට සුදුලූණුයි, ඉඟුරුයි, වියළි මිරිස් කරලුයි දා ගෙන විනාඩි 10ක් විතර මද ගින්නේ තෙම්පරාදු වෙන්න අරින්න.
  • දැන් ඒකටම සියඹලා යුෂ ටික දා ගෙන විනාඩි 5ක් විතර තෙම්පරාදු කර ගෙන නිවෙන්න තියා ගන්න.
  • ඊට පස්සේ තෙම්පරාදු කරපු මිශ්‍රණයත් එක්ක කබලේ බැද ගත්ත උඳු ඇට ටිකයි, ඉඟුරු දෝසි ටිකයි, රස අනුව ලුණුයි බ්ලෙන්ඩර් එකට දා ගෙන බ්ලෙන්ඩර් කර ගන්න. (අවශ්‍ය පරිදි වතුර ටිකකුත් දා ගන්න.)
  • දැන් ආපහු පෑන් එක ලිපේ තියලා ඒකට තෙල් මේස හැදි 1ක් දා ගෙන රත් වෙන්න තියන්න.
  • තෙල් රත් වුණාට පස්සේ අබ ඇට ටික දා ගෙන අබ පුපුර ගන්න.
  • ඊළඟට ලිපේ ගින්දර පුළුවන් තරම් අඩු කරලා බ්ලෙන්ඩර් කර ගත්ත මිශ්‍රණය ඒකටම දා ගන්න.
  • රස අනුව සීනි ටිකකුත් එකතු කරන් හැදි ගාන ගමන් දියර ගතිය නැති වෙලා උකු මිශ්‍රණයක් ලැබෙනකන් මිශ්‍රණය බස්ස ගන්න. (ඒ අතරතුරේ ලුණු ඇඹුල් බලලා, මදි නම් රස අනුව ලුණුයි සියඹලා ඉස්ම ටිකකුයි දා ගන්න.)

වැදගත්:
  • කැමති නම් රම්පේ, කරපිංචා ටිකක් අබ ඇට පුපුර ගන්න ගමන් තෙලට එකතු කර ගන්න පුළුවන්.

පොටෝ ටිකත් බලන්නකෝ..
මුලින්ම තෙල් රත් වුණාට පස්සේ ගින්දර අඩු කරලා ඒකට සුදුලූණුයි, ඉඟුරුයි, වියළි මිරිස් කරලුයි දා ගෙන විනාඩි 10ක් විතර මද ගින්නේ තෙම්පරාදු කරගන්න ඕනෙ.

ඔන්න දැන් ඒකටම සියඹලා යුෂ එකතු කරලා තියෙන්නෙ.

දැන් ඔන්න බ්ලෙන්ඩර් කර ගන්න හදන්නේ.

මෙන්න තියෙනවා බ්ලෙන්ඩර් කර ගත්ත මිශ්‍රණය.

මේ තියෙන්නෙ ආපහු පෑන් එක ලිපේ තියලා තෙල් රත් වුණාට පස්සේ අබ ඇට දා ගෙන. අබ පිපිරෙනකන් බැදෙන්න අරින්න ඕනේ.

මේ තියෙන්නේ බ්ලෙන්ඩර් කරපු මිශ්‍රණය ඒකටම දාගෙන තෙම්පරාදු කරන ගමන්.

ඔන්න අපේ රසම රස ඉඟුරු චට්නි හදලා ඉවරයි දැන්. දැන් ඉතින් කන්න ගන්න තමයි තියෙන්නෙ.










මේ ලිපිය අපි සිංහලට කරපු පරිවර්තනයක්. මුල් ලිපිය ලබාගත්තේ swapnaskitchen.com වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Newer Posts
Older Posts
Comment