ඔන්න අපේ ඉවුම් පිහුම් ඇප් එකට අලුතෙන් තවත් මිතුරියක් ඇවිල්ලා!! අපේ මේ අලුත් මිතුරියගෙ නම තමයි "සඳුනි නවෝද්‍යා". එයත් ඔයාලා වගේම ඉවුම් පිහුම් ඇප් එක බලාගෙන කෑම හදන මිතුරියක් තමයි. ඉතිං අපේ සඳුනි මිතුරිය දවසක් යූ-ටියුබ් එක පැත්තෙ ගිහිල්ලා ඉන්නකොට නිවිතියි අලයි දාලා මාළුවක් හදන විදිහ දැකලා තියෙනවා. හදලා බලපුවහම ඒක පට්ට රසයිලුනෙ. ඉතිං කොහොමින් කොහොම හරි අපේ මිතුරිය මාළුව හදන ගමන්ම පොටෝ ටිකත් ගහගෙන තියෙනවා. ඔන්න ඒ ඔක්කොම උස්සගෙන අපේ ඉවුම් පිහුම් ඇප් එක පැත්තෙ අපේ මිතුරිය ඇවිල්ලා ඉන්නවා ඉවුම් පිහුම් යාලුවෝ ඔක්කොටම මේ නිවිතියි අලයි දාලා හදපු මාලුව හදන විදිහ කියලා දෙන්න ඕනෙයි කියලා..
- ලොකු අල ගෙඩි 2-3
- නිවිති කොල
- ලූණු ගෙඩි 1,
- ලුණු
- මිරිස්
- කහ
- තුනපහ කුඩු
- කරපිංචා
- කුරුඳු
- සුදු ලූණු
- අබ
- සූදුරු ටිකක්
සාදාගන්නා ආකාරය:
- මුලින්ම අල කුඩා කැබලි වලට කපා ගන්න. නිවිති කොලත් සාමාන්‍ය ප්‍රමාණයට කපා ගන්න.
- භාජනයක් ගෙන තෙල් ටිකක් වැඩිපුර දමා තෙල් රත්වූ විට අල ටික දමා, ලුණු දමා තැම්බෙන්නට වසා තබන්න.
- අල මදක් තැම්බුනු පසු එයට ලූණු, කහ, තුනපහ, මිරිස්, කරපිංචා, කුරුඳු, සුදු ලූණු, අබ, සූදුරු ටික එකතු කර නැවත වසා තබන්න.
- පසුව එයට ජලය එකතු කර හොදින් තැම්බෙන්නට දෙන්න.
- අවසානයේ නිවිති එකතු කරන්න.
වැදගත්:
- මෙය හොදි අඩුවෙන් රස වැඩිය.
මේ තියෙන්නෙ ගත්ත දේවල් ටික. අලයි, නිවිති කොලයි මේ වගේ කපා ගත්තනම් හරි.
මුලින්ම භාජනයක් ඇරන් තෙල් ටිකක් දාලා, තෙල් රත් වුනහම අල ටිකයි, ලුණුයි දාලා තැම්බෙන්න තියන්න ඕනෙ.
අල ටික ටිකක් තැම්බුනහම, ඒකට ලූණු, කහ, තුනපහ, මිරිස්, කරපිංචා, කුරුඳු, සුදු ලූණු, අබ, සූදුරු ටික දාලා ආයෙත් වහලා තියන්න ඕනෙ.
ඔන්න වතුර ටිකකුත් දැම්මා.
ඔන්න අන්තිමට නිවිති ටිකත් දැම්මා.
ඔන්න වැඩේ ඉවරයි. දැන් ඉතින් හදාගත්ත මේ රසම රස නිවිති- අල කරිය කෑම මේසෙට යවන්න තමයි තියෙන්නෙ.
ලිපිය ලිව්වේ සඳුනි නවෝද්‍යා මිතුරිය. ඉවුම් පිහුම් ඇප් එකේ අපි හැමෝම ඔන්න ඔයාට ගොඩක් ගොඩක් ස්තූතිවන්ත වෙනවා අපිට මේ වගේ රසම රස කරියක් හදන විදිහ කියලා දුන්නට ඕන්! ඔයා ආයෙත් දවසක මොනවා හරි හදන විදිහ අපි හැමොටම කියලා දෙයි කියලා ඔන්න අපි හැමෝම බලන් ඉන්නවා..