ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ රසම රස පතෝල ව්‍යාංජනයක් හදාගන්න විදිහ. බලන්නකෝ එහෙනම් හදන්නේ කොහොමද කියලා..
- පතෝල 500g
- ලියා ගත් රතු ලූණු 7 - 8
- කපා ගත් අමු මිරිස් කරල් 3 - 4ක්
- කරපිංචා
- රම්පේ
- කහ කුඩු ස්වල්පයක්
- අමු තුනපහ කුඩු තේ හැදි ½ ක් පමණ
- මිරිස් කුඩු තේ හැදි ¼ - ½ ක් පමණ
- කෑලි මිරිස් ටිකක් කැමති නම් පමණක්
- මිටි කිරි අඬු කෝප්ප 1 ක් පමණ
- ලුණු (රස අනුව)
සාදා ගන්නා ආකාරය:
- මුලින්ම පතෝල පෙරන් ගාලා දෙකට පලා ගෙන මැද අයින් කර ගෙන හොදට සෝදලා කෑලි වලට කපා ගන්න ඕනේ.
- පස්සේ කපපු පතෝල ටිකත් එක්ක කහ කුඩු ටිකයි, තුනපහ කුඩු ටිකයි, මිරිස් කුඩු ටිකයි ඇතිලියකට දා ගන්න.
- ඊට පස්සේ ඒකටම රතු ලූණුයි, අමු මිරිසුයි, රම්පෙයි, කරපිංචයි, මිටි කිරියි දා ගෙන සාමාන්‍ය ගින්දරේ ලිපේ තියා ගන්න.
- හොද්ද නටා ගෙන එනකොට රස අනුව ලුණුත් එක්ක කෑලි මිරිස් ටික දාලා මිශ්‍ර කර ගන්න ඕනේ.
- දැන් පතෝල සාමාන්‍ය ගානකට තැම්බිලා හොද්ද නටනකන් සැරින් සැරේ හැදි ගාන ගමන් උයා ගෙන හොද්ද අවශ්‍ය ගානට හිඳෙනකන් බස්ස ගන්න. (ගොඩක්ම පතෝල තම්බන්න යන්න එපා.)
වැදගත්:
- තම තමන්ගේ රස අනුව එකතු කරන කහ කුඩු, අමු තුනපහ කුඩු සහ මිරිස් කුඩු ප්‍රමාණය අඩු වැඩි කර ගන්න පුළුවන්, හැබැයි ගොඩාක් මිරිස් කුඩුයි අමු තුනපහ කුඩුයි නම් දාන්න එපා. (මිරිස් කුඩු නම් නැතුවම වුණත් හදා ගන්න පුළුවන්.)
- කැමති නම් උම්බලකඩ කෑලි ටිකකුත් එකතු කර ගන්න පුළුවන්.
- කැමති නම් කුරුදු පොතු ටිකකුත් දාගත්තට කමක් නෑ.
මේ තියෙන්නෙ අපි හැමෝම දන්න පතෝල.
මුලින්ම පෙරන් ගාපු පතෝල දෙකට මැදින් පලලා මැද අයින් කර ගන්න ඕනේ මේ වගේ.
ඊට පස්සෙ පතෝල ටික මෙහෙම කපා ගත්තා නම් හරි. ඊට පස්සෙ ඉතින් උයාගන්න වැඩේ තමයි තියෙන්නෙ.
මේ තියෙන්නෙ අපි ඔය ඔක්කොම දේවල් කරලා කියලා හදපු අපේ රසම රස පතෝල ව්‍යාංජනය. දැන් ඉතින් කන්න ගන්න තමයි තියෙන්නෙ.