හදමුද තක්කාලි එහෙම දාලා රසම රස බණ්ඩක්කා තෙම්පරාදුවක්. තක්කාලි නොදා උනත් හැබැයි හදන්න පුලුවන්. හැමදාම එකම විදිහට හදන්නේ නැතුව එක පාරක් මේ විදිහටත් බණ්ඩක්කා හදලා බලන්නකෝ..
- ළපටි බණ්ඩක්කා 250g
- චොප් කර ගත් රට ලූණු ගෙඩි 2
- කපා ගත් තක්කාලි ගෙඩි 1
- කපා ගත් අමු මිරිස් කරල් 2 - 3ක්
- චොප් කර ගත් සුදුලූණු බික් 6 - 7ක්
- කරපිංචා
- සූදුරු ඇට තේ හැදි ¼ - ½ ක් පමණ (කැමති නම් පමණක්)
- ගම්මිරිස් කුඩු (රස අනුව)
- තෙල් මේස හැදි 1 - 2ක් පමණ
- ලුණු (රස අනුව)
සාදා ගන්නා ආකාරය:
- මුලින්ම බණ්ඩක්කා ටික හොදට හෝදලා වතුර එහෙම බේරෙන්න තියලා කපන්න ඕනේ.
- පස්සේ තාච්චියක් සාමාන්‍ය ගින්දරේ ලිපේ තියලා තෙල් දා ගෙන රත් වෙන්න තියන්න.
- තෙල් රත් වුණාට පස්සේ සූදුරු ටිකයි, කරපිංචා ටිකයි දා ගෙන විනාඩියක් විතර බැදෙන්න අරින්න.
- ඊට පස්සේ ඒකටම සුදුලූණු ටිකත් එකතු කරන් තවත් විනාඩියක් විතර තෙම්පරාදු කර ගන්න.
- ඊළඟට රට ලූණු ටිකත් දා ගෙන ලූණු ටිකක් මෘදු වෙනකන් තෙම්පරාදු වෙන්න දෙන්න.
- පස්සේ තක්කලියි, අමු මිරිසුයි එක්ක බණ්ඩක්කා දා ගෙන විනාඩි 7 - 8ක් අඩු ගින්දරේ බණ්ඩක්කා තැම්බෙන්න දෙන්න.
- අන්තිමට ඒකටම රස අනුව ලුණුයි, ගම්මිරිස් කුඩුයි දාලා හොදට කලවම් කරලා ලිප නිවලා තවත් විනාඩි 2 - 3ක් පිනකින් වහලා තියා ගෙන රස බලන්න.
වැදගත්:
- කැමති නම් අන්තිමට කෑලි මිරිස් ටිකකුත් එකතු කරන්න පුළුවන්.
- තක්කාලි එකතු කර ගන්නේ නැතුව වුණත් මේ විදියට බණ්ඩක්කා තෙම්පරාදු කර ගන්න පුළුවන්.
මේ බණ්ඩක්කා.
මේ තියෙන්න ගත්ත තව දේවල් ටිකක්.
මෙන්න මේ වගේ බණ්ඩක්කා ටික කපා ගන්න ඕනේ.
මේ තෙම්පරාදුව හදන ගමන්. දැන් තක්කාලි එහෙමත් දාලා ඉවරයි. අන්තිමට රස අනුව ලුණුයි, ගම්මිරිස් කුඩුයි දාලා හොදට කලවම් කරලා ලිප නිවලා තවත් විනාඩි 2 - 3ක් පිනකින් වහලා තියා ගන්න තමයි තියෙන්නෙ.