About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Heart Cookies - හාට් කුකීස්

ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ ලස්සනම ලස්සන බිස්කට් වර්ගයක් හදාගන්න විදිහ. හාට් එකක හැඩයට මේ බිස්කට් එ…
Heart Cookies - හාට් කුකීස්
ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ ලස්සනම ලස්සන බිස්කට් වර්ගයක් හදාගන්න විදිහ. හාට් එකක හැඩයට මේ බිස්කට් එක හදන හින්දා හාට් කුකීස් කියලා තමයි මේවට කියන්නෙ. බිස්කට් එක හදාගන්න විදිහ විතරක් නෙමේ, අතර මැදට දාන ක්‍රීම් පිරවුමත් හදන විදිහ කියලා දෙන්නම්කො. බලන්නකෝ එහෙනම්.

අවශ්‍ය දේවල්:
කුකීස් සඳහා අවශ්‍ය දේවල්:
  • පාන් පිටි කප් 2 (240g)
  • බේකින් පවුඩර් (Baking Powder) තේ හැදි ½
  • ලුණු ස්වල්පයක්
  • බටර් කප් ½ (120g)- කාමර උෂ්ණත්වයේ පැවතිය යුතුය.
  • සීනි කප් 1 (200g)
  • ලොකු බිත්තර 1
  • වැනිලා (Vanilla) තේ හැදි 1
  • කලරින් (Food Coloring)- රෝස පාට හෝ කැමති පාටකින් අවශ්‍ය පැහැයට අනුව දා ගන්න.

ක්‍රීම් පිරවුම සඳහා අවශ්‍ය දේවල්:
  • බටර් කප් ¼ (60g)- කාමර උෂ්ණත්වයේ පැවතිය යුතුය.
  • අයිසිං සීනි (Icing Sugar) කප් 1 ½ (170g)
  • සීනි කප් ¼ (50g)
  • වැනිලා (Vanilla) තේ හැදි 2
  • නැවුම් කිරි(ෆ්‍රෙෂ් මිල්ක්- Fresh Milk) මේස හැදි 1 - 2ක්

සාදා ගන්නා ආකාරය:
කුකීස් හදා ගන්න ආකාරය:

  • මුලින්ම භාජනයකට පාන් පිටි ටිකයි, බේකින් පවුඩර් ටිකයි, ලුණු ටිකයි දා ගෙන කලවම් කර ගන්න.
  • දැන් වෙනත් භාජනයක් අරන් බටර් එක්ක සීනි දා ගෙන විනාඩි 3 - 4ක් විතර සාමාන්‍ය වේගයෙන් සැහැල්ලු මිශ්‍රණයක් ලැබෙනකන් බීට් කරන්න.
  • පස්සේ ඒකටම බිත්තරයි වැනිලයි දාලා ටිකක් බීට් කර ගන්න.
  • ඊට පස්සේ බීටර් එකේ වේගේ අඩු කරලා පාන් පිටි මිශ්‍රණය දා ගෙන කලවම් වෙනකන් බීට් කරන්න. (ඕනවට වඩා බීට් කරන්න යන්න එපා. මිශ්‍රණය කලවම් වුණාම ඇති.)
  • දැන් කලරින් බිංදුව ගානේ සැරින් සැරේ දාන ගමන් මිශ්‍රණය අතින් අනා ගන්න.
  • පස්සේ මිශ්‍රණය එක ගුලියට හදා ගෙන පොලිතීන් එකකින් හොදට ඔතලා ආවරනය කර ගෙන පැය 1 ½ ක් විතර ශීතකරණයේ තියා ගන්න.
  • දැන් මිශ්‍රණය අඟල් ¼ වගේ ඝනකම හිටින විදියට තුනී කර ගෙන කූකී කටර් එකකින් හාට් හැඩ කපා ගන්න. (මිශ්‍රණය ඇලෙන ගතියක් එනවා නම් තෙල් කඩදාසිය උඩින් පාන් පිටි ටිකක් ඉහ ගෙන ඒ මත තුනී කරන්න. ඒ වගේම රෝලින් පින් එකත් ඇලෙනවා නම් කූකිස් මිශ්‍රණය තුනී කරන්න කලින් ඒ උඩිනුත් තෙල් කඩදාසියක් තියා ගන්න.)
  • ඊළඟට තෙල් කඩදාසියක් දා ගත්තු බේකින් තැටියක් අර ගෙන ඒ උඩින් කපා ගත්ත කුකීස් ටික ඒවා අතර ඉඩ හිටින විදියට තියා ගන්න.
  • දැන් බේකින් තැටියත් එක්කම ඒ උඩ තියෙන කූකිස් ටික අධි ශීතකරණයට (Freezer) දා ගෙන විනාඩි 15ක් විතර තියා ගෙන එළියට අර ගන්න.
  • අන්තිමට කලින් 160°C / 325°F උෂ්ණත්වයට රත් කර ගත්ත අවන් එකක් විනාඩි 8- 10ක් විතර යන්තමින් රන්වන් පාට වෙනකන් බේක් කර ගෙන නිවෙන්න තියන්න.

ක්‍රීම් පිරවුම හදා ගන්න ආකාරය:
  • බටර් ටික භාජනයකට දාලා විනාඩි 3 - 4ක් හොදට මෘදු සැහැල්ලු වෙනකන් බීට් කර ගන්න.
  • දැන් සීනි ටිකත් එක්ක අයිසින් සීනි ටික සැරින් සැරේ දාන ගමන් හිමින් බීට් කර ගන්න හොදට කලවම් වෙනකන්.
  • ඊට පස්සේ ඒකටම නැවුම් කිරිත් එක්ක වැනිලා එකතු කරලා කලවම් වෙනකන් බීට් කර ගන්න.
  • බිස්කට් ටික සම්පූර්ණයෙන්ම නිවෙනකන් ක්‍රීම් පිරවුම ශීතකරණයේ තියා ගෙන බිස්කට් නිවුනට පස්සේ බිස්කට් 2 ගානේ අරන් හදා ගත්ත ක්‍රීම් පිරවුමේන් සැන්ඩ්විච් කර ගන්න. (සැන්ඩ්විච් කර ගන්න කියලා කියන්නෙ බිස්කට් දෙකක් අතර මැදට හදාගත්ත මේ ක්‍රීම් එකෙන් ටිකක් ගාලා, තනි බිස්කට් එකක් හදාගන්න කියලා. ඔය පල්ලෙහා යටම තියෙන පොටෝ එක බලන්නකෝ)

වැදගත්:
  • චොකලට් කුකීස් හදන්න ඕනේ නම් කොකෝවා පවුඩර් 60g (කප් ½ ක්) වගේ දාලා පදම අනුව එකතු කරන නැවුම් කිරි ප්‍රමාණය වැඩි කරන්න.
  • බීට් කරන කොට එකම එතකට බීට් කර ගන්න, විශේෂයෙන්ම ක්‍රීම් පිරවුම හදා ගන්න කොට.

පොටෝ ටිකත් බලන්නකෝ..
ඔන්න දාන ඔක්කොම දේවල් ටික දාලා, කුකීස් මිශ්‍රණය බීට් කරන ගමන්. හදාගත්තට පස්සෙ මේක ෆ්‍රිජ් එකට දාන්න ඕනෙ.

මිශ්‍රණය ෆ්‍රිජ් එකේ තියා ගත්තට පස්සේ, එලියට ඇරගෙන මේ වගේ තුනී කර ගන්න ඕනෙ. මිශ්‍රණය ඇලෙන ගතියක් එනවා වගේ නම් තෙල් කඩදාසියක් උඩින් පාන් පිටි ටිකක් ඉහ ගෙන ඒ උඩ තුනී කරගන්න. රෝලින් පින් එකත් ඇලෙනවා නම් කූකිස් මිශ්‍රණය තුනී කරන්න කලින් ඒ උඩිනුත් තෙල් කඩදාසියක් තියා ගන්න.

ඔන්න දැන් ඒ තුනී කරගත්ත මිශ්‍රණයෙන්, කුකී කටර් එකකින් හාට් හැඩ කපන ගමන්.

මේ වගේ ලස්සනට, ගානට කපා ගන්න.

දැන් බේක් කරන්න හදන්නෙ.

මේ තියෙන්නේ අපි බේක් කරපු කුකීස් ටික. දැන් තියෙන්නෙ ක්‍රීම් ටික හදාගන්න එක.

මේ ක්‍රීම් එක හදාගන්න ඕන කරන දේවල් ටික දාලා බීට් කරන ගමන්.

ඔන්න ක්‍රීම් ටික හරි. දැන් තියෙන්නෙ බිස්කට් ටික නිවිලා රස්නෙ ගතිය ගියාට පස්සෙ, බිස්කට් දෙකක් මැදට ක්‍රීම් ටිකක් දාලා හදාගන්න.

ඔන්න අපේ රසම රස හදාල ඉවරයි. ක්‍රීමුත් මැදට දාලා තියෙන්නෙ. දැන් ඉතින් කන්න තමයි තියෙන්නෙ.










මේ ලිපිය අපි සිංහලට කරපු පරිවර්තනයක්. මුල් ලිපිය ලබාගත්තේ cafecarol.com වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment