About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Curd Rice - කර්ඩ් රයිස්

ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ ඉන්දියාවේ ගොඩක් ජනප්‍රිය බත් වර්ගයක් හදාගන්න විදිහ. ඉවුම් පිහුම් ඇප් එක…
Curd Rice - කර්ඩ් රයිස්
ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ ඉන්දියාවේ ගොඩක් ජනප්‍රිය බත් වර්ගයක් හදාගන්න විදිහ. ඉවුම් පිහුම් ඇප් එකේ ගොඩක් අය අපිට කියලා එවලා තිබුණා ඉන්දියන් කෑම ටිකකුත් ඇප් එකට දාන්නකෝ කියලා.. කර්ඩ් රයිස්, එහෙමත් නැත්නම් මී කිරි බත් කියන්නෙ මී කිරි (මුදවපු කිරි) යොදාගෙන හදන බත් වර්ගයක්. මී කිරි හොයාගන්න අමාරුනම් ඔයාලට ප්ලේන් යෝගට් උනත් ගන්න පුලුවන්. මෙහෙම හදාගන්න කර්ඩ් රයිස් එක්ක බැදපු මිරිස් කරල්, පපඩම්, අච්චාරු, ලුණු මිරිස්, කට්ට සම්බෝල, එළවළු සලාද වගේ දේවල් තමයි කෑමට ගන්නේ.

අවශ්‍ය දේවල්:
කර්ඩ් රයිස් සඳහා අවශ්‍ය දේවල්:
  • සහල් කප් ½
  • මී කිරි (මුදවපු කිරි- Curd) කප් ½
  • නැවුම් කිරි (ෆ්‍රෙෂ් මිල්ක්- Fresh milk) කප් ½
  • බටර් (Butter) තේ හැදි 1 - 2ක්
  • චොප් කර ගත් අමු අඹ මේස හැදි 2
  • චොප් කර ගත් පිපිඤ්ඤා මේස හැදි 2
  • චොප් කර ගත් කැරට් මේස හැදි 1 ½
  • චොප් කර ගත් කොත්තමල්ලි කොළ මේස හැදි 1
  • තලා ගත් කරදමුංගු (එනසාල්) ඇට 2 - 3ක්
  • කරපිංචා
  • රම්පේ
  • චොප් කර ගත් අමු මිරිස් 1 - 2ක්
  • චොප් කර ගත් ඉඟුරු තේ හැදි 1
  • ගම්මිරිස් කුඩු ස්වල්පයක් (කැමති නම් පමණක්)
  • ලුණු (රස අනුව)
  • පෙරුම්කායම් කුඩු (Asafoetida / asafetida) ස්වල්පයක් (තිබෙනවා නම් පමණක්)

තෙම්පරාදුව සඳහා අවශ්‍ය දේවල්:
  • තෙල් මේස හැදි 2 - 3ක්
  • අබ ඇට තේ හැදි 1
  • සූදුරු ඇට තේ හැදි ½
  • උඳු ඇට තේ හැදි 1
  • පෙරුම්කායම් කුඩු ටිකක්
  • කජු කෑලි මේස හැදි 1 ½
  • කරපිංචා

සාදා ගන්නා ආකාරය:
  • මුලින්ම හාල් ටික හෝද ගෙන රම්පේ කොළයක් එහෙමත් දාලා ටිකක් වැඩියෙන් වතුර දාලා තැම්බෙන්න තියන්න.
  • බත් ඉදෙන අතරේතුරේ නැවුම් කිරි වලට තලා ගත්තු කරදමුංගු/එනසාල් ඇට දා ගෙන නටලා උතුරන් එනකන් රත් කර ගෙන පෙරා ගන්න.
  • බත ඉදුණට පස්සේ රම්පේ කොළේ අයින් කරන් උණුවෙන්ම හැන්දකින් පොඩි කරන්න.
  • පස්සේ පොඩි කරපු බත් වලට උණුවෙන්ම පෙරා ගත්ත කිරි ටිකයි, බටර් ටිකයි එකතු කරන් කලවම් කර ගෙන විනාඩි 10ක් විතර නිවෙන්න තියා ගන්න.
  • ඊට පස්සේ ඒකටම මී කිරි/මුදවපු කිරි එකතු කරලා කලවම් කරන්න.
  • දැන් චොප් කරපු අමු අඹ ටිකයි, චොප් කරපු පිපිඤ්ඤා ටිකයි, චොප් කරපු කැරට් ටිකයි, චොප් කරපු කොත්තමල්ලි කොළ ටිකයි, කරපිංචා ටිකයි, චොප් කරපු අමු මිරිස් ටිකයි, චොප් කරපු ඉඟුරු ටිකයි, ගම්මිරිස් කුඩු ටිකයි, පෙරුම්කායම් කුඩු ටිකයි, රස අනුව ලුණුයි ඒකටම එකතු කරලා හොදට මිශ්‍ර කර ගන්න.
  • ඊළඟට පොඩි තාච්චියක් සාමාන්‍ය ගින්දරේ ලිපේ තියලා තෙල් ටික දා ගෙන රත් වෙන්න දෙන්න.
  • තෙල් හොදට රත් වුණාට පස්සේ අබ ඇටයි, සූදුරු ඇටයි, උඳු ඇටයි, කජු කෑලියි, කරපිංචයි, පෙරුම්කායම් කුඩුයි දා ගෙන අබ පුපුරලා හැමදේම හොදට බැදෙනකන් තෙම්පරාදු කරන්න.
  • අන්තිමට තෙම්පරාදු කරපු මිශ්‍රණය බත් මිශ්‍රණය උඩින් දා ගෙන උණුවෙන්ම පිළිගන් වන්න.

වැදගත්:
  • කර්ඩ් රයිස් හදන්න ගොඩක්ම හොදයි සුදු කැකුළු හාල්, සුණු සහල් වගේ හාල්, රතු කැකුළු වුණත් හොදයි.
  • උකු වැඩියි කියලා හිතෙනවා නම් උණු වතුර ටිකක් කලවම් කර ගන්න පුළුවන්.
  • බටර් වෙනුවට වගේම තෙම්පරාදුවේ තෙල් වෙනුවට කැමති නම් ගිතෙල් එකතු කර ගන්න පුළුවන්.
  • ඒ වගේම මී කිරි/මුදවපු කිරි වෙනුවට ප්ලේන් යෝගට් (Plain yogurt) වුණත් එකතු කරන්න පුළුවන්.
  • එළවළු අමුවෙන් අකමැති නම් තෙම්පාරදු කරන් වුණත් එකතු කර ගන්න පුළුවන්.
  • ඔයාලා කැමති නම් මේකට චොප් කරපු ඇපල්, මුද්දරස්පලම් වියළි මිදි, දෙළුම් වගේ පළතුරු වුණත් එකතු කරන්න පුළුවන්.
  • කැමති නම් තෙම්පරාදුවට කෑලි වලට කඩා ගත්ත වියළි මිරිස්, චොප් කරපු රතු ලූණු, චොප් කරපු ඉඟුරු, චොප් කරපු සුදුලූණු වුණත් එකතු කර ගන්න පුළුවන්.
  • කැමති නම් උඩින් මිරිස් කුඩු ටිකක් යන්තමින් ඉහ ගන්න පුළුවන්.

පොටෝ ටිකත් බලන්නකෝ..
 බත් එක ඉදෙන අතරේ කිරි ටික රත් කර ගන්න මුලින්ම.

 මේ තියෙන්නෙ ඉදුන බත් වලින් රම්පේ කොළ අයින් කරලා පොඩි කරලා පෙරා ගත්ත කිරි ටික එකතු කරන්.

 දැන් ඔන්න මී කිරි එකතු කරන් කලවම් කරනවා.

 මේ තියෙන්නෙ චොප් කරපු දේවල් එක්ක ඉතුරු දේවල් එකතු කරන් මිශ්‍ර කරලා.

 හදාගත්ත තෙම්පරාදුව, කර්ඩ් රයිස් වලට එකතු කරන්න ඕනෙ අන්තිමට.

 මේ තියෙන්නෙ හදාගත්ත අපේ කර්ඩ් රයිස් එක අන්තිමට. දැන් ඉතින් කන්න තමයි තියෙන්නෙ.










මේ ලිපිය සිංහලට කරපු පරිවර්තනයක්. මුල් ලිපිය ලබාගත්තේ rakskitchen.net වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment