About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Red Cowpea Curry - රතු කව්පි මාළුව

රතු කව්පි කියන්නෙ බොහොම ගුණදායක කෑමක්නෙ. ගොඩක් වෙලාවට අපි රතු කව්පි තම්බලා පොල් එක්ක, එහෙමත් නැත්නම…
Red Cowpea Curry - රතු කව්පි මාළුව
රතු කව්පි කියන්නෙ බොහොම ගුණදායක කෑමක්නෙ. ගොඩක් වෙලාවට අපි රතු කව්පි තම්බලා පොල් එක්ක, එහෙමත් නැත්නම් ලුණු මිරිසක් එක්ක වගේ තමයි කන්නෙ. ඔන්න දැන් මේ ඔයාලාට කියලා දෙන්න හදන්නෙ රතු කව්පි මාළුවක් හදාගන්න විදිහ. බලන්නකෝ එහෙනම් රතු කව්පි මාළුව හදන්නේ කොහොමද කියලා..

අවශ්‍ය දේවල්:
  • තම්බා ගත් රතු කව්පි 250g
  • හීනියට ලියා ගත් රතු ලූණු ගෙඩි 6 - 7ක්
  • සිහින්ව කපා ගත් අමු මිරිස් කරල් 2 - 3ක්
  • රම්පේ
  • කරපිංචා
  • තුනපහ කුඩු තේ හැදි ¾ (රස අනුව අඩු වැඩි කර ගන්න.)
  • කහ කුඩු තේ හැදි ¼
  • මිරිස් කුඩු තේ හැදි 1 ½ (රස අනුව අඩු වැඩි කර ගන්න.)
  • ගම්මිරිස් කුඩු ස්වල්පයක් (කැමති නම් පමණක්)
  • ලුණු (රස අනුව)
  • මිටි කිරි අඬු කෝප්ප 1ක් පමණ
  • දිය කිරි අඬු කෝප්ප ½ ක් පමණ

සාදා ගන්නා ආකාරය:
  • මුලින්ම තම්බ ගෙන වතුර පෙරා ගත්තු රතු කව්පි ටික ඇතිලියකට දාන්න.
  • ඒකටම තුනපහ කුඩුයි, මිරිස් කුඩුයි, කහ කුඩුයි, ගම්මිරිස් කුඩුයි දාලා හොදට කලවම් කරන්න.
  • පස්සේ ඒකටම රතු ලූණු, රම්පේ, කරපිංචා, අමු මිරිස්, මිටි කිරි ටික හා දිය කිරි ටික දාලා හොදට කලවම් කරලා සාමාන්‍ය ගින්දරේ ලිපේ තියන්න.
  • ඊට පස්සේ කිරි නටා ගෙන එනකොට රස අනුව ලුණුත් එකතු කරන්න.
  • දැන් හොද්ද හොදට බස්ස ගෙන ලිපෙන් බාලා උණුවෙන්ම රස බලන්න තියෙන්නේ.

වැදගත්:
  • රතු කව්පි තම්බනකොට ඊට පැය කීපයකට කලින් පොඟන්න දාලා, පස්සේ වතුර අවශ්‍ය පරිදි දා ගෙන තම්බලා අන්තිමට ලුණු ටිකක් එකතු කරන්න. (කව්පි බෙරි වෙන්න තම්බන්න එපා.)
  • කැමති නම් කව්පි මාළුව ලිපෙන් බෑවට පස්සේ පොඩි තාච්චියක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා තෙල් රත් වුණාට පස්සේ අබ ඇට ටිකකුයි, කරපිංචා ටිකකුයි, හීනියට කපපු රතු ලූණු ටිකකුයි දා ගෙන අබ පුපුරලා, ලූණු රන්වන් පාටට බැදෙනකන් තෙම්පරාදු කර ගෙන කව්පි මාළුවට එකතු කරන්න පුළුවන්.
  • ඕනේ නම් තක්කලි ටිකකුත් එකතු කරන්න පුළුවන්. (රස වැඩියි තක්කාලි දැම්මහම.)
 මේ තියෙන්නෙ අපි හැමෝම දන්න රතු කව්පි. මේවා ගොඩක් අය තම්බලා කන්න අකමැති උනාට, මාළුවක් හැදුවහමනම් හැමෝම වගේ කයි. කව්පි මාළුව හරිම රසයි.

    wikitech.xyz
    wikitech.xyz

    Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

    Article Tag
    Newer Posts
    Older Posts
    Comment