About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Strawberry Mousse - බිත්තර රහිත ස්ටෝබෙරි මූස්

ඉතිං ලබපු මේ සුභම සුභ අලුත් අවුරුද්ද අපේ මේ ඉවුම් පිහුම් ඇප් එකේ අක්කලා, අයියලා, නංගිලා, මල්ලිලා ඇත…
Strawberry Mousse - බිත්තර රහිත ස්ටෝබෙරි මූස්
ඉතිං ලබපු මේ සුභම සුභ අලුත් අවුරුද්ද අපේ මේ ඉවුම් පිහුම් ඇප් එකේ අක්කලා, අයියලා, නංගිලා, මල්ලිලා ඇතුළු හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා වගේම අලුත් අවුරුද්දෙදී රසටම කෑම හදන්න පුලුවන් වෙන්න ඕනෙ වසරක් වෙන්න ඕනෙ කියලා ඉවුම් පිහුම් ඇප් එකෙන් සුභ පතනවා ඕන්..

ඔන්න අලුත් අවුරුද්දෙ මුලින්ම කියලා දෙන්න හදන්නෙ ස්ටෝබෙරි වලින් රසම රස "මූස්" එකක් හදාගන්න විදිහ. "මූස්" එකක් කියන්නෙ මොකක්ද කියලා නොදන්න අය මේක ස්ටෝබෙරි වලින් හදාගන්න රසම රස අතුරුපසක් කියලා හිතා ගන්නකෝ... 


අවශ්‍ය දේවල්:
  • ස්ටෝබෙරි (Strawberry) ගෙඩි 6 - 7ක්
  • ෆ්‍රෙෂ් ක්‍රීම් (Fresh Cream) 100g
  • සීනි මේස හැදි 2ක් (මේස හැන්ද බැගින් වෙන වෙනම)

සාදා ගන්නා ආකාරය:
  • මුලින්ම ෆ්‍රෙෂ් ක්‍රීම් ටිකයි සීනි මේස හැන්දකුයි භාජනේකට දාලා සොෆ්ට් පීක් අවස්ථාව වෙනකම් බීට් කර ගන්න ඕනේ. (ඕනවට වඩා බීට් කරන්න යන්න එපා.)
  • පස්සේ ස්ටෝබෙරි ටික සුද්ද කරලා හෝද ගෙන පොඩි කෑලි වලට කපා ගෙන බ්ලෙන්ඩරයට දා ගන්න.
  • ඊට පස්සේ ඒකටම ඉතුරු සීනි හැන්දත් දාලා හොදට බ්ලෙන්ඩර් කර ගන්න.
  • දැන් බ්ලෙන්ඩර් කර ගත්ත ස්ටෝබෙරි වලින් 2/3ක් විතර කලින් බීට් කර ගත්ත ෆ්‍රෙෂ් ක්‍රීම් වලට දා ගෙන හොදට කලවම් කරන්න.
  • ඊළඟට සුදුසු වීදුරු හරි භාජන හරි 2ක් අරන් ඒ දෙක අතරේ බ්ලෙන්ඩර් කරන් ඉතුරු කර ගත්ත ස්ටෝබෙරි ටික සමානව බෙදෙන විදියට දා ගන්න.
  • අන්තිමට හදා ගත්ත ස්ටෝබෙරි ෆ්‍රෙෂ් ක්‍රීම් මිශ්‍රණය ඒ උඩින් දාලා පැය 1 ½ ක් විතර ශීතකරණයේ තියලා රස විදින්න.

වැදගත්:
  • මේ ප්‍රමාණ වලින් අරන් හැදුවොත් දෙදෙනෙකුට ප්‍රමාණවත් වෙන්න ස්ටෝබෙරි මූස් හදා ගන්න පුළුවන්.
  • සොෆ්ට් පීක් (Soft Peak) එනකන් බීට් කර ගන්න කියන දේ තේරෙන්නේ නැත්තම් ඉවුම් පිහුම් ඇප් එකේ "අපි දැන ගත යුතු දේවල්" කොටසේ තියෙන, "ක්‍රීම් වර්ග, බිත්තර සුදුමද වගේ දේවල් නිවරැදිව බීට් කර ගමු." කියන ලිපිය පොඩ්ඩක් කියවලා බලන්නකෝ.

පොටෝ ටිකත් බලන්නකෝ..
 මේ ෆ්‍රෙෂ් ක්‍රීම්.

 මේ ෆ්‍රෙෂ් ක්‍රීම් බීට් කර ගන්න අවස්ථාව

 ඊටපස්සෙ ඔන්න ස්ටෝබෙරි ටිකත් මේ විදිහට බ්ලෙන්ඩර් කරගන්න ඕනෙ.

 ඊටපස්සෙ බීට් කරපු ෆ්‍රෙෂ් ක්‍රීම් එක්ක බ්ලෙන්ඩර් කරපු ස්ටෝබෙරි එකට දාලා කලවම් කරන්න ඕනෙ.

 ඔන්න දැන් වීදුරු වලට දා ගත්තා, දැන් තියෙන්නේ ෆ්‍රිජ් එකට දාලා කූල් කර ගන්න. පිළිගන්වනකොට සරසාගන්නත් අමතක කරන්න එපා.. කෑමක රස වගේම, කෑම එක දකින කෙනාට කන්න හිතෙන්න නම් කෑම එකේ පෙනුමත් ලස්සනට තියෙන්න ඔනනෙ.







මේ ලිපිය අපි සිංහලට පරිවර්ථනය කරපු ලිපියක්. මුල් ලිපිය ලබාගත්තේ sharmispassions.com වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment