About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Shallots Curry - රතු ලූණු මාළුව

රතු ලූණු මාළුවක් හදමුද? පාන් කන්න නම් නියමයි රතු ලූණු මාළුව. මේක හදනකොට රතු ලූණු පොඩි කෑලි වලට කපාග…
Shallots Curry - රතු ලූණු මාළුව
රතු ලූණු මාළුවක් හදමුද? පාන් කන්න නම් නියමයි රතු ලූණු මාළුව. මේක හදනකොට රතු ලූණු පොඩි කෑලි වලට කපාගන්නයි ඕනෙ. රතු ලූණු හීනියට ලියලා එහෙම නෙමෙයි..! ඔන්න බලන්නකෝ එහෙනම් හදන්නේ කොහොමද කියලා රතු ලූණු මාළුව.

අවශ්‍ය දේවල්:
  • කපා ගත් රතු ලූණු 150g
  • උම්බලකඩ කුඩු ටිකක්
  • කපා ගත් තක්කාලි ගෙඩි ½ ක් පමණ
  • කහ කුඩු ස්වල්පයක්
  • මිරිස් කුඩු තේ හැදි ½ ක් පමණ (රස අනුව අඩු වැඩි කර ගන්න.)
  • තුනපහ කුඩු තේ හැදි ¼ - ½ ක් පමණ (අවශ්‍ය පරිදි අඩු වැඩි කර ගන්න.)
  • උළුහාල් ඇට ස්වල්පයක්
  • ලියා ගත් අමු මිරිස් කරල් 2 - 3ක්
  • අබ ඇට ස්වල්පයක්
  • පොල්තෙල් මේස හැදි 1 ½ - 2ක් පමණ
  • රම්පේ
  • කරපිංචා
  • දිය කිරි අඬු කෝප්ප 1
  • මිටි කිරි අඬු කෝප්ප ¾
  • ලුණු (රස අනුව)

සාදා ගන්නා ආකාරය:
  • මුලින්ම රත් ලූණු ටිකට කහ කුඩු ටිකයි, ලුණු ටිකකුයි දාලා අත ගා ගන්න.
  • දැන් ඇතිලියක් ලිපේ තියලා ඒකට තෙල් ටික දාලා රත් වෙන්න තියන්න.
  • තෙල් රත් වුණාට පස්සේ ඒකටම අබ ඇට දා ගෙන අබ පුපුර ගන්න.
  • පස්සේ ඒකටම රම්පේ කරපිංචා දා ගෙන ටිකක් බැදෙන්න අරින්න.
  • දැන් රතු ලූණු ටිකයි, උම්බලකඩ ටිකයි, උළුහාල් ඇට ටිකයි, අමු මිරිස් ටිකයි, තක්කාලි ටිකයි දාලා හොඳට කලවම් කර ගෙන ලූණු ටික යන්තමින් මෘදු වෙනකන් තෙම්පරාදු කර ගන්න.
  • ඊට පස්සේ ඒකට මිරිස් කුඩුයි, තුනපහ කුඩුයි, දිය කිරියි දා ගෙන උයා ගන්න.
  • හොද්ද නටා ගෙන එන කොට මිටි කිරි දාන්න.
  • අන්තිමට ලුණු එහෙම බලලා, මදි නම් තව ටිකක් දා ගෙන, හොද්ද නැටුවට පස්සේ ලිපෙන් බා ගන්න. (නැත්තම් හොද්ද හිදෙනකන්ම බස්ස ගන්නත් පුළුවන්.)

වැදගත්:
  • රතු ලූණු පොඩි කෑලි වලට කපන්න. (ගොඩක් හීනියට ලියන්න එහෙම යන්න එපා.)
  • ඕනේ නම් තෙල් වලින් තෙම්පරාදු කර ගන්නේ නැතුව පොල් කිරි විතරක් දාලා උයා ගන්නත් පුළුවන්. (එතකොට ලූණු වලට පොල්තෙලුයි, අබ ඇටයි ඇරෙන්න වට්ටෝරුවේ තියෙන ඔක්කොම දේවල් දා ගෙන දිය කිරෙන් ලිපේ තියලා නැටුවට පස්සේ මිටි කිරි දාලා උයා ගෙන ලිපෙන් බෑවට පස්සේ අබ කුඩු ටිකක් උඩින් ඉහ ගන්න ඕනේ.)
 මේ අපි හැමෝම දන්න රතු ලූණු.

wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment