About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Innala Stir Fry - ඉන්නල තෙම්පරාදුව

ඉන්නල කාලා තියෙනවා නේද? ඔන්න දැන් කියලා දෙන්න හදන්නෙ ඉන්නල තෙම්පරාදුවක් හදන විදිහ. ඉන්නල වර්ග දෙකක්…
Innala Stir Fry - ඉන්නල තෙම්පරාදුව
ඉන්නල කාලා තියෙනවා නේද? ඔන්න දැන් කියලා දෙන්න හදන්නෙ ඉන්නල තෙම්පරාදුවක් හදන විදිහ. ඉන්නල වර්ග දෙකක් තියෙනවනෙ. එකක් බෝල ඉන්නල, අනික දිගැටි ඉන්නල. බෝල ඉන්නල වලින් තමයි මේ තෙම්පරාදුව නම් හැදුවෙ.


අවශ්‍ය දේවල්:
  • තම්බා ගත් ඉන්නල 500g
  • හීනියට ලියා ගත් රට ලූණු ගෙඩි 2ක් පමණ
  • ලුණු කුඩු (රස අනුව)
  • රම්පේ
  • කරපිංචා
  • අබ ඇට ස්වල්පයක්
  • මිරිස් කුඩු තේ හැදි 1 ½ (රස අනුව අඩු වැඩි කර ගන්න.)
  • කහ කුඩු ස්වල්පයක්
  • ගම්මිරිස් කුඩු ස්වල්පයක්
  • බැදපු තුනපහ කුඩු ස්වල්පයක් (කැමති නම් පමණක්)
  • පොල්තෙල් මේස හැදි 2 - 3ක්

සාදා ගන්නා ආකාරය:
  • මුලින්ම තම්බපු ඉන්නල වලට මිරිස් කුඩුයි, කහ කුඩුයි, ගම්මිරිස් කුඩුයි, බැදපු තුනපහ කුඩුයි දාලා හොදට අත ගා ගෙන කලවම් කර ගන්න.
  • දැන් තාච්චියක් සාමාන්‍ය ගින්දරේ ලිපේ තියලා තෙල් ටික දා ගන්න.
  • තෙල් රත් වුණාට පස්සේ අබ ඇට ටික දා ගෙන අබ පුපුර ගන්න ඕනේ.
  • අබ පිපිරුවට පස්සේ රම්පේ ටිකයි කරපිංචා ටිකයි දාලා ටිකක් බැදෙන්න දෙන්න.
  • පස්සේ ලියා ගත්ත රට ලූණු දා ගෙන ලූණු ටික මෘදු වෙනකම් තෙම්පරාදු කර ගන්න.
  • ඊට පස්සේ ගින්දර අඩු කරලා ඒකටම පහේ අත ගා ගත්ත ඉන්නල ටික දාලා හොදට කලවම් කරන්න.
  • ඊළඟට රස අනුව ලුණු කුඩු දා ගෙන හොදට කලවම් කරන්න ඕනේ.
  • අන්තිමට තවත් විනාඩියක් විතර හැන්දකින් ඉන්නල පොඩි වෙන්නේ නැති වෙන්න කලවම් කරන ගමන් තෙම්පරාදු වෙන්න දීලා ලිපෙන් බා ගන්න.

වැදගත්:

  • හැමවෙලේම ඉන්නල ටික පොඩි වෙන්නේ නැති විදියට කලවම් කරන්න.
  • අඩිය අල්ලන්න පුළුවන් නිසා ඒ ගැන සැළකිල්ලෙන් ඉන්න.
  • කැමති නම් උම්බලකඩ ටිකකුත් එකතු කරන්න පුළුවන්.

හදලා බලන්නකෝ ඔයලාත් එහෙනම්. මේ විදිහට ඉන්නල තෙම්පරාදුවක් දාලා හරිම රසයි.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment