About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Vanilla Pudding - වැනිලා පුඩිං

ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ වැනිලා පුඩිං එකක් හදාගන්න විදිහ. හදන්න නම් හරිම ලේසියි මේ පුඩිං එක. වැන…
Vanilla Pudding - වැනිලා පුඩිං
ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ වැනිලා පුඩිං එකක් හදාගන්න විදිහ. හදන්න නම් හරිම ලේසියි මේ පුඩිං එක. වැනිලා පුඩිං එකක් උනාට, පිළිගන්වනකොට උඩින් චොකලට් කෑලි ටිකක් එහෙම දාගත්තොත් තවත් රසවත් කරගන්න පුලුවන්. බලන්නකෝ එහෙනම් මේ පුඩිං එක හදන විදිහ.

අවශ්‍ය දේවල්: (මේ ප්‍රමාණ වලින් අර ගෙන හැදුවහම 5 දෙනෙකුට පමණ සැහෙනවා.)
  • සීනි කප් 1/3
  • කෝන් ස්ටාච් (Corn Starch  කඩේ ගන්න තියෙනවා.) මේස හැදි 2
  • ලුණු කුඩු තේ හැදි ¼
  • නැවුම් කිරි (ෆ්‍රෙෂ් මිල්ක්- Fresh Milk) කප් 2
  • ෆ්‍රෙෂ් ක්‍රීම් (Fresh Cream) කප් ¼
  • මදක් ගසා ගත් බිත්තර කහමද 3
  • ලුණු රහිත බටර් මේස හැදි 3
  • වැනිලා (Vanilla) තේ හැදි 2ක් පමණ (රස අනුව අඩු වැඩි කර ගන්න.)

සාදා ගන්නා ආකාරය:
  • මුලින්ම සීනි ටිකයි, කෝන් ස්ටාච් ටිකයි, ලුණු ටිකයි භාජනේකට දාලා කලවම් කර ගන්න.
  • ඒකටම නැවුම් කිරි කප් 1/4 විතර දා ගෙන විස්ක් එකකින් හොදට ක්‍රීම් ගතියට උකු වී ගෙන එනකම් ගසා ගන්න ඕනේ.
  • පස්සේ එයටම ඉතුරු නැවුම් කිරි ටිකයි, ෆ්‍රෙෂ් ක්‍රීම් ටිකයි, ගසා ගත් බිත්තර කහමද ටිකයි එකතු කරන ගමන් විස්ක් කරන්න.
  • දැන් මිශ්‍රණය සාමාන්‍ය ගින්දරේ ලිපේ තියා ගෙන දිගටම නොනවත්වාම විස්ක් කරන ගමන් රත් කරන්න ගන්න.
  • විනාඩි 4 - 6ක් විතර විස්ක් කරන ගමන් රත් කරන කොට මිශ්‍රණයේ බුබුළු දා ගෙන ඒවි, ඒ වගේම උකු වෙන්නත් ගනීවි, එතකොට ලිපේ ගින්දර අඩු කරලා හැන්දකින් හැදි ගාන්න ගන්න.
  • මෙහෙම තවත් විනාඩි 3 - 5ක් විතර දිගටම හැදි ගාන ගමන් රත් කරන් යන කොට භාජනයේ බිත්ති වල පුඩිං මිදෙන්න ගන්නවා කියලා තේරේවි, අන්න එතකොට ලිපෙන් බාන්න ඕනේ.
  • ලිපෙන් බා ගත්තු ගමන් ඒකට බටර් ටිකත් එක්ක වැනිලා ටික දා ගෙන බටර් දිය වෙනකම් හොදට හැදි ගා ගා කලවම් කරලා පුඩිං ටික උණුවෙන්ම පෙරනයකින් පෙරා ගෙන්න ඕනේ.
  • පෙරා ගත්ත ගමන් වීදුරු බෝල් එකක් වගේ සුදුසු භාජනේකට දා ගෙන නිවෙන්න තියලා ශීතකරණයට දාලා පැය 2ක් විතර සෙට් වෙන්න තියලා රස බලන්න.

වැදගත්:
  • කෝන් ස්ටාච් සහ ෆ්‍රෙෂ් ක්‍රීම් ඔයාලට සුපර් මාකට් වලින් ගන්න පුලුවන්.

    පොටෝ ටිකත් බලන්නකෝ:
     ඔන්න සීනි ටිකයි, කෝන් ස්ටාච් ටිකයි, ලුණු ටිකයි භාජනේකට දාලා කලවම් කළා.

     මේ තියෙන්නේ නැවුම් කිරි කප් 14 විතර සීනි මිශ්‍රණයට දා ගෙන විස්ක් එකකින් හොදට ක්‍රීම් ගතියට උකු වී වෙනකම් ගසා ගෙන.

     ඔන්න ඉතුරු නැවුම් කිරි ටිකයි, ෆ්‍රෙෂ් ක්‍රීම් ටිකයි, ගසා ගත් බිත්තර කහමද ටිකයි එකතු කරන් විස්ක් කරලා ඉවරයි.

     මේ ලිපේ තියා ගෙන රත් කරන ගමන්.

     අන්තිමට මේ වගේ ලිපෙන් බා ගත්ත ගමන් බටරුයි වැනිලයි එකතු කරන්න ඕනේ.

    ඊට පස්සෙ පුඩිං ටික උණුවෙන්ම පෙරනයකින් පෙරා ගන්න ඕනෙ. පෙරා ගත්තට පස්සෙ ටිකක් නිවෙන්න තියලා ෆ්‍රිජ් එකේ දාන්න තමයි තියෙන්නෙ. ඊට පස්සෙ කන්න තමයි තියෙන්නෙ. පිළිගන්වනකොට පුඩිං එක උඩින් මොනවා හරි දාලා ලස්සනට සරසාගන්නත් අමතක කරන්න එපා..








    ලිපිය ලියන්න කරුණු ලබාගත්තා chowhound.com වෙබ් අඩවියෙනුත්.
    wikitech.xyz
    wikitech.xyz

    Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

    Article Tag
    Newer Posts
    Older Posts
    Comment