About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Pumpkin Soufflés - වට්ටක්කා සූෆ්ලේ

මීට කලින් අපි හකුරු සූෆ්ලේ හදන විදිහ කියලා දුන්නනේ. ඔන්න අද වට්ටක්කා සූෆ්ලේ හදන විදිහ තමයි කියලා දෙ…
Pumpkin Soufflés - වට්ටක්කා සූෆ්ලේ
මීට කලින් අපි හකුරු සූෆ්ලේ හදන විදිහ කියලා දුන්නනේ. ඔන්න අද වට්ටක්කා සූෆ්ලේ හදන විදිහ තමයි කියලා දෙන්න යන්නෙ. සූෆ්ලේ කියන්නේ පිටරට කෑමක්. ප්‍රංශ කෑමක් කියලා තමයි සූෆ්ලේ හදුන්වන්නෙ. මේවා බිත්තර පුළුන් වෙන්න බීට් කරලා හදන්නේ. මේක අතුරුපසක් විදිහට තමයි කෑමට ගන්නෙ. බලන්නකෝ එහෙනම් මේක හදන්නේ කොහොමද කියලා. 

අවශ්‍ය දේවල්:
  • බිත්තර සුදුමද 2
  • බිත්තර කහමද 2
  • වට්ටක්කා පියුරී (Pumpkin Purée) කප් ½
  • කුඩු කර ගත් සීනි කප් ¼
  • ශීත කළ ෆ්‍රෙෂ් ක්‍රීම් (Cold Fresh Cream) මේස හැදි 1
  • කුරුඳු කුඩු තේ හැදි 1/8
  • කරදමුංගු / එනසාල් කුඩු ස්වල්පයක්
  • සාදික්කා කුඩු (Nutmeg) ස්වල්පයක්
  • ලුණු කුඩු ස්වල්පයක්
  • වැනිලා තේ හැදි ¼
  • බටර් ටිකක් (බේක් කරන්න ගන්න භාජන වල ගා ගන්න.)

සාදා ගන්නා ආකාරය:

  • මුලින්ම බිත්තර සුදුමද ටික භාජනයකට දමා හොදට බීට් කර ගන්න. (ෂිෆ්ට් පීක්ස්- Shift Peaks අවස්ථාවට පත් වෙනකම් බීට් කරන්න ඕනේ.)
  • පස්සේ වෙනත් භාජනයකට බිත්තර කහමද ටිකයි, වට්ටක්කා පියුරී ටිකයි, සීනි ටිකයි, ශීත කළ ෆ්‍රෙෂ් ක්‍රීම් ටිකයි, කුරුඳු කුඩු ටිකයි, කරදමුංගු එනසාල් කුඩු ටිකයි, සාදික්කා කුඩු ටිකයි, ලුණු කුඩු ටිකයි, වැනිලා ටිකයි දා ගෙන හැන්දකින් හොදට කලවම් කරන්න ඕනේ.
  • ඊට පස්සේ බීට් කර ගත්තු බිත්තර සුදුමද ටික ඒකටම දාලා හිමින් හැන්දකින් පෙරලමින් කලවම් කර ගන්න. (ඕනවට වඩා කලවම් කරන්න යන්න එපා.)
  • ඊළඟට අවන් එකේ දාන්න පුළුවන් පෝසිලින් කප් (Porcelain Cups– Ramekins) වගේ 200ml ප්‍රමාණයේ භාජන 3 කට බටර් ටිකක් එහෙම ගා ගෙන හදා ගත්ත මිශ්‍රණය එවාට පුරව ගන්න. (මිශ්‍රණය කප් 3 අතර සම සේ බෙදෙන විදියට දා ගන්න. හැබැයි භාජන පිරෙන්න හදා ගත්ත මිශ්‍රණය දා ගන්න එපා.)
  • ඊළඟට කලින් 200°C / 400°F උෂ්ණත්වයට රත් කර ගත්ත අවන් එකක විනාඩි 14 - 18ක් විතර බේක් කර ගන්න. (උඩ හරිය රන්වන් දුඹුරු පාට වෙලා පිම්ඹිලා උඩට එනකම් අවන් එකේ බේක් කර ගන්න ඕනේ.)
  • අන්තිමට කැමති විදියකට සරසලා උණුවෙන්ම පිළිගන් වන්න තමයි තියෙන්නේ.

වැදගත්:
  • ෂිෆ්ට් පීක්ස් (Shift Peaks) එනකන් බීට් කර ගන්න කියන දේ තේරෙන්නේ නැත්තම් අපේ මේ ඉවුම් පිහුම් ඇප් එකේ "අපි දැන ගත යුතු දේවල්" කොටසේ තියෙන, "ක්‍රීම් වර්ග, බිත්තර සුදුමද වගේ දේවල් නිවරැදිව බීට් කර ගමු." කියන ලිපිය පොඩ්ඩක් කියවලා බලන්නකෝ..
  • වට්ටක්කා පියුරි වෙනුවට වාෂ්පයෙන් තම්බපු වට්ටක්කා බ්ලෙන්ඩර් කර ගෙන වුණත් අර ගන්න පුළුවන්.
  • කැමති නම් විපින් ක්‍රීම් (Whipping Cream), අයිස් ක්‍රීම් (Ice Cream), කැරමල් සෝස් (Caramel Sauce), කස්ටඩ් ක්‍රීම් (Custard Cream) වගේ දෙයක් එක්ක පිළිගන් වන්න පුළුවන්.
  • 3 දෙනෙක් සඳහා ප්‍රමාණවත් මේ ප්‍රමාණ වලින් හදා ගත්තහම. (හැබැයි බේක් කරන්න ගන්න භාජන 200ml ප්‍රමාණයේ වුණොත් තමයි, ඊට වඩා පොඩි භාජන වලට දා ගෙන බේක් කළොත් 4 5ක් වගේ හදා ගන්න පුළුවන් වේවි.)

පොටෝ ටිකත් බලන්නකෝ:
මේ තියෙන්නේ බිත්තර සුදුමද බීට් කර ගෙන.

බිත්තර සුදුමද ඇරෙන්න තියෙන ඔක්කොම අනිත් දේවල් ටික මේ විදියට කලවම් කර ගන්න ඕනේ.

දැන් ඒකටම බීට් කරපු බිත්තර සුදුමද ටිකත් දා ගෙන කලවම් කර ගන්න තියෙන්නේ.

ඔන්න බේක් කරන භාජන වලට දා ගෙන ඉවරයි, දැන් තියෙන්නේ බේක් කරන්න.

මෙන්න බේක් කරලත් ඉවරයි, දැන් ඉතිං රස කර කර කන්න තමයි තියෙන්නේ.

කැමති නම් විපින් ක්‍රීම් හරි අයිස් ක්‍රීම් හරි ඒ වගේ දෙයක් එක්ක සරසාගෙන පිලිගන්වන්න පුලුවන්. ඇයි තව අයිසිං සුගර් ටිකක් උඩින් ඉහ ගත්තොත් තවත් හොදයිනෙ.

දැන් ඉතිං කන වැඩේ තමයි ඉතුරු..







    wikitech.xyz
    wikitech.xyz

    Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

    Article Tag
    Newer Posts
    Older Posts
    Comment