About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Chocolate Espresso Pots - චොකලට් එස්ප්‍රෙසෝ පොට්ස්

දැන් කියලා දෙන්න යන්නෙ රසම රස චොකලට් මිශ්‍ර අතුරුපසක් හදන විදිහ ගැන. මේවට කියන්නෙ "චොකලට් එස්ප…
Chocolate Espresso Pots - චොකලට් එස්ප්‍රෙසෝ පොට්ස්
දැන් කියලා දෙන්න යන්නෙ රසම රස චොකලට් මිශ්‍ර අතුරුපසක් හදන විදිහ ගැන. මේවට කියන්නෙ "චොකලට් එස්ප්‍රෙසෝ පොට්ස්" කියලා. බේක් කරලා, ෆ්‍රිජ් එකේ තියලා.. ඔය වගේ වැඩ ගොඩක් කරලා තමයි මෙවා හදන්නෙ. හැබැයි හදන්න නම් හරිම ලේසියි. බලන්නකෝ හදන්නේ කොහොමද කියලා එහෙනම්..



අවශ්‍ය දේවල්:
  • කුඩා කෑලි වලට කඩා ගත් ඩාක් චොකලට් (Dark Chocolate) 170g
  • ෆ්‍රෙෂ් ක්‍රීම් (Fresh Cream) කප් 1 ½
  • නැවුම් කිරි (Fresh Milk) කප් 2/3
  • එස්ප්‍රෙසෝ කෝපි කුඩු (Espresso Coffee Powder) තේ හැදි 2
  • බිත්තර කහමද 6
  • සීනි මේස හැදි 2
  • ලුණු ස්වල්පයක්

සාදා ගන්නා ආකාරය:
  • මුලින්ම චොකලට් ටික බඩල් බොයිල් (Double Boil) ක්‍රමයට උණු කරලා දිය කර ගන්න ඕනේ.
  • පස්සේ වෙනත් භාජනයක් අරන් ඒකට ෆ්‍රෙෂ් ක්‍රීම් ටිකයි, නැවුම් කිරි ටිකයි, කෝපි කුඩු ටිකයි, ලුණු ටිකයි දාලා අඩු ගින්දරේ ලිපේ තියලා නොනවත්වා දිගටම හැදි ගාන ගමන් නටා ගෙන එනකම්ම හොදට රත් කර ගෙන ලිපෙන් බාලා දිය කර ගත්ත චොකලට් ටිකට මිශ්‍ර කර ගන්න ඕනේ.
  • දැන් මිශ්‍රණය මෘදු ක්‍රීම් එකක් ගානට වෙනකම් හොදට බීට් කරන්න.
  • ඊට පස්සේ වෙනත් භාජනයකට බිත්තර කහමද ටිකත් එක්ක සීනි ටික දාලා හොදට සීනි ටික දිය වෙනකම්ම බීට් කර ගන්න.
  • දැන් ඒකටම චොකලට් මිශ්‍රණය දා ගෙන හොදට ආයෙත් බීට් කරලා නිවෙන්න තියන්න.
  • ඊළඟට අවන් එකේ බේක් කරන්න ගන්න පොඩි පෝසිලින් කප් හරි (Porcelain Cups– Ramekins), පොඩි ඇලුමිනියම් කප් (Aluminum Cups) හරි 6ක් අරන් ඒවට මිශ්‍රණය සම්පූර්ණයෙන් නිවුනට පස්සේ දා ගන්න.
  • දැන් ඇලුමිනියම් ෆොයිල් එකකින් කප් ටික ආවරණය කරන් ටූත් පික් එකකින් පොඩියට හිල් විද ගන්න ඕනේ.
  • ඊට පස්සේ චොකලට් මිශ්‍රණය පුරවලා වහ ගත්තු කප් ටික අවන් එකට දාන්න පුළුවන් තැටියක තියලා ඒ තැටියට වතුර ටිකක් දාලා පුරව ගන්න. (අපහැදිලි නම් පහළ පින්තූර බලන්න.)
  • අන්තිමට කලින් 150°C / 300°F උෂ්ණත්වයට රත් කර ගත්ත අවන් එකක විනාඩි 30 - 35ක් විතර බේක් කර ගෙන නිවෙන්න තියලා පැය 2 - 3ක් ශීතකරණයේ තියලා කූල් කර ගෙන කැමති විදියකට සරසලා පිළිගන් වන්න.

වැදගත්:
  • කැමති නම් විපින් ක්‍රීම් (Whipping Cream), වැනිලා අයිස් ක්‍රීම් (Vanilla Ice Cream) වගේ දෙයක් උඩින් දා ගෙන රස විදින්න.
  • ඔයාලා පාවිච්චි කරන චොකලට් වර්ගේ ප්‍රමිතිය (Quality) ගොඩාක් දුරට මේ අතුරුපසේ රසයට වගේම පැහැයට බලපානවා, හොද ප්‍රමිතියෙන් ඉහළ චොකලට් එකක් ගන්න පුළුවන් නම් ගොඩක් හොදයි.
  • ඩබල් බොයිල් (Double Boil) ක්‍රමය කියන්නෙ කුඩා බදුනකුයි, එම කුඩා බදුන ගිල්විය හැකි ප්‍රමාණයේ විශාල බදුනකුයි ඇරගෙන, විශාල බදුනට වතුර දමා ලිප තබා කුඩා බදුන එම විශාල බදුනේ ගිල්වා හෝ ජලය මත තබා ගෙන කුඩා බදුනෙහි මොනවා හරි රත් කර ගන්න එකට.

පොටෝ ටිකත් බලන්නකෝ..
 මේ ගත්ත දේවල් ටිකක්

 මෑ ඔයාලට මෙවා හදාගන්න ගන්න පුලුවන් පෝසිලින් කප්  සහ පොඩි ඇලුමිනියම් කප්

 මුලින්ම චොකලට් ටික පොඩි කෑලි වලට කඩාගන්න හරි කපා ගන්න හරි ඕනෙ බඩල් බොයිල් කරනකොට ඉක්මනට දියවෙන්න.

 මේ චොකලට් ඩබල් බොයිල් ක්‍රමේට දිය කර ගන්න කොට. වතුර භාජනේ යට තියෙන්නෙ. හොදට බැලුවොත් පෙනෙයි මේ භාජන දෙකක් නේද කියලා..

 දැන් ෆ්‍රෙෂ් ක්‍රීම්, නැවුම් කිරි, කෝපි කුඩු, ලුණු භාජනේකට දාලා මෙහෙම රත් කර ගන්න ඕනේ.

 ඔන්න දැන් රත් කර ගත්ත කිරි මිශ්‍රණයට දිය කර ගත්ත චොකලට් ටිකත් එකතු කර ගන්නවා. පස්සේ බීට් කරන්න ඕනෙ.

 වෙනම භජනයක බිත්තර කදමද වලට සීනි දා ගෙන බීට් කරගන්න ඕනෙ.

 දැන් බිත්තර කහමද එකට චොකලට් මිශ්‍රණය මෙහෙම දා ගෙන කලවම් කරලා බීට් කරන්න ඕනෙ.

 අවන් එකට දාන භාජන වලට මෙහෙම මිශ්‍රණය පුරවලා තැටියකින් තියා ගෙන තැටියට වතුර දා ගන්න දැන්. පොටෝ එකනම් ටිකක් පැහැදිලි මදි. ඒත් හොදට බලන්නකෝ කළු පාට ට්‍රේ එකේ වතුර පුරවලා තියෙන්නෙ. කප් වල යට අදුරු පැහැයට වගේ තියෙන්නෙ වතුර මට්ටම.

මේ වගේ ඇලුමියම් ෆොයිල් එකකින් ආවරණය කරලා හිල් ටිකක් විද ගන්නත් අමතක කරන්න එපා, ඊළඟට තමයි බේක් කරන්න තියෙන්නෙ.

මේ තියෙන්නෙ අන්තිමට අපි හදාගත්ත රසම චොකලට් එස්ප්‍රෙසෝ පොට්ස් ටික. මේවානම් චුට්ටක් සරසාගෙනත් තියෙනවා. දැන් ඉතින් කන්න තමයි තියෙන්නෙ.








ලිපිය ලියන්න කරුණු ටිකක් ලබාගත්තා funmazaforum.com වෙබ් අඩවියෙනුත්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment