About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Potato Curry - අල හොද්දක් හදමු

ඔන්න දැන් කියලා දෙන්න හදන්නෙ රසම රස අල හොද්දක් හදන විදිහ. අල කියන්නෙ අපි හැමෝම වගේ කන්න ආස දෙයක්නෙ.…
Potato Curry - අල හොද්දක් හදමු
ඔන්න දැන් කියලා දෙන්න හදන්නෙ රසම රස අල හොද්දක් හදන විදිහ. අල කියන්නෙ අපි හැමෝම වගේ කන්න ආස දෙයක්නෙ. අපි මේක හදනකොට උම්බලකඩ පොඩ්ඩකුත් දාලා තමයි හදන්නෙ ටිකක් රස වැඩිවෙන්න. බලන්නකෝ එහෙනම් හදන්නේ කොහොමද කියලා..

අවශ්‍ය දේවල්:
  • අල ග්‍රෑම් 400 යි (පොතු ඉවත් කර කුට්ටි කපාගන්න)
  • උම්බලකඩ කුඩු මේස හැඳි 1 යි
  • කහ ස්වල්පයක්
  • රම්පෙ, කරපිංචා
  • කපාගත් අමුමිරිස් කරලක්
  • උළු හාල් ස්වල්පයක්
  • පොල් බෑයක මිටිකිරි හා දියකිරි
  • රතු ළූණු ගෙඩි 6 යි. (සිහින්ව ලියාගන්න)
  • ලූණු අවශ්‍ය පමණ

සාදාගන්නා ආකාරය:
  • කපාගත් අමුමිරිස් කරල, රම්පෙ, කරපිංචා කුඩාවට කපාගෙන ඇතිළියකට දමන්න.
  • ඊට උම්බලකඩ, උළු හාල් ස්වල්පයක්, රතුළූණු සහ කහ එක් කරන්න. ඊලඟට අල කැබලි දමා ඒවා වැසෙන තෙක් කිරි වර්ග දෙකම වත්කරන්න. ඔබේ රස අනුව ලුණුද එකතු කර ගන්න.
  • සුවඳ හමන තුරු හා අල තැම්බෙන තුරු හොද්ද පිස ගන්න. හොද්ද උකු වැඩි නම් වතුර ටිකක් එක්කර නටවාගන්න (පිස ගන්න).
  • ඔච්චරයි! දැන් ඉතින් කන එක තම්යි තියෙන්නෙ.







ලිපිය ලබාගත්තේ gayananethmi.com වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment