About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Striped Pudding - රසම රස පුඩිමක්

ඔන්න අපේ චම්පා මිතුරිය තමයි මේ ලිපිය ලියන්නෙ. එයත් ඔයාලා වගේම ඉවුම් පිහුම් ඇප් එකේ ආහාර වට්ටොරු කිය…
Striped Pudding - රසම රස පුඩිමක්
ඔන්න අපේ චම්පා මිතුරිය තමයි මේ ලිපිය ලියන්නෙ. එයත් ඔයාලා වගේම ඉවුම් පිහුම් ඇප් එකේ ආහාර වට්ටොරු කියවන මිතුරියක්. ඇත්තටම අපිට ගොඩක් උදව් කරන මිතුරියක් කිව්වානම් තමයි ගොඩක්ම හරි. ලිපියක ගැටලුවක් දැකපු ගමන්ම අපිට කතාකරන පළවෙනි යාලුවො අතරෙ ඇයත් ඉන්නවා. ඇය ඔයාලට කියලා දෙන්න කියලා, අපිට රසම රස පුඩිමක් හදන විදිහ එවලා තිබුණා. බලන්නකෝ එහෙනම් එයාගේ වචන වලින්ම මේ පුඩිම හදන්නේ කොහොමද කියල..

"ඔන්න අද මම අරගෙන ආවෙ පැය 1/2 කින් විතර හදාගන්න පුලුවන් පොඩි කෑමක්. මෙන්න තියෙනවා ඕන කරන දේවල්."
 

අවශ්‍ය දේවල්:
  • උකු ටින් කිරි පොඩි ටින් 1
  • ක්‍රැකර් බිස්කට් 200g (කුඩු කරගත්)
  • බටර් 100g
  • රතුපාට ජෙලි 100g
  • ජෙලටින් මේස හැදි 1
  • ලෙමන් යුශ මේස හැදි 1

සාදාගන්නා ආකාරය:
  • පලමු ලේයර් එක- බටර් හා ක්‍රැකර් බිස්කට් මිශ්‍ර කර ඔයාල හදාගන්න තැටියෙ යටට තද කර එය සවි වෙන තුරු මිනිත්තු 20 ක් විතර ශීතකරණයේ තියන්න.
  • දෙවන ලේයරය- උණු වතුර කෝප්ප 1/2 ක ජෙලටින් දිය කරගන්න. ඉන් පසු ටින්කිරි සහ ලෙමන් යුශ එකට මිශ්‍ර කරගන්න.ඊට පස්සෙ අර කලින් හදාගත්ත බිස්කට් තට්ටුව උඩින් දාගන්න. ඊට පස්සෙ ආයෙත් එක ශීතකරනයට දාගන්න.
  • තෙවන තට්ටුව- දැන් හදාගන්න රතුපාට ජෙලි එක (ජෙලි පැකට් එකේ සඳහන් කරලා තියෙන විදිහට හදාගන්න ජෙලි එක) පස්සෙ අර කලින් ටින්කිරි තට්ටුව උඩින් දාගෙන අයෙමත් ශීතකරණයට දාගෙන ටිකක් කූල් උනාට පස්සෙ කන්න තමයි තියෙන්නෙ.
  • අහ් ලස්සනට සරසගන්නත් අමතක කරන්න එපා. මොකද ඕනම කෑමක් කන්න කලින් ඒ කන කෙනාගෙ ඇස් දෙකයි පිනවන්න ඕනේ මොකද එතකොටයි ඒ කෑම එක කන්න හිතන්නෙ.







ලිපිය ලිව්වේ චම්පා දුලාංජනී මිතුරිය. ඇයට බොහොම ස්තූතියි නේද අපිට මේ පුඩිම හදන විදිහ කියලා දුන්නට. බොහොම ස්තූතියි චම්පා!
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment