About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Malva Pudding - මල්වා පුඩිං

ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ දකුණු අප්‍රිකානු පුඩිං එකක් හදන විදිහ. මේකට කියන්නෙ "මල්වා පුඩිං&q…
Malva Pudding - මල්වා පුඩිං
ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ දකුණු අප්‍රිකානු පුඩිං එකක් හදන විදිහ. මේකට කියන්නෙ "මල්වා පුඩිං" කියලා. දකුණු අප්‍රිකාව පැත්තෙ ගිහිල්ලා තියෙන අපේ ඉවුම් පිහුම් ඇප් එකේ සමහර ඇත්තොනම් මේක කාලත් ඇති. මේක හදන්න ගන්න "ඇප්‍රිකට් ජෑම්" එක හොයාගන්න නම් ටිකක් අමාරු වෙයි. හැබැයි ජෑම් එක හොයාගත්තොත්, මේ පුඩිං එක හදන්න නම් අමතක කරන්න එපා. මොකද මේක ටිකක් උණුවෙන් කන පුඩිං එකක්. වෙනස්ම අත්දැකීමක් ගන්න පුලුවන් මේ පුඩිං එක හදලා ඔයාලට. කතා ඇති! කතා ඇති! බලමු බලමු මේ පුඩිං එක හදන්නේ කොහොමද කියලා එහෙනම්..

අවශ්‍ය දේවල්:
පුඩිං එක සඳහා අවශ්‍ය දේවල්:
  • බටර් මේස හැදි 2
  • සීනි 110g
  • ලොකු බිත්තර 1
  • ඇප්‍රිකට් ජෑම් (Apricot Jam) මේස හැදි 1
  • ආප්ප සෝඩා (බේකින් සෝඩා- Baking Soda) තේ හැදි 1
  • නැවුම් කිරි (ෆ්‍රෙෂ් මිල්ක්- Fresh Milk) 125g
  • පාන් පිටි 120g
  • ලුණු කුඩු ස්වල්පයක්
  • සුදු විනාකිරි (White Vinegar) මේස හැදි 1

සෝස් එක සඳහා අවශ්‍ය දේවල්:
  • බටර් 125g
  • සීනි කප් ¾ (170g)
  • වතුර 65ml
  • ෆ්‍රෙෂ් ක්‍රීම් (Fresh Cream) 185ml
  • වැනිලා එසන්ස් (Vanilla Essence) තේ හැදි 1

සාදා ගන්නා ආකාරය:
පුඩිං එක සාදා ගන්නා ආකාරය:
  • බටර් හා සීනි භාජනයකට දමා සීනි සම්පූර්ණයෙන්ම දිය වී ක්‍රීම් වන තුරු හොඳින් බීට් කර ගන්න.
  • පසුව එයටම බිත්තරය දා ගෙන මෘදු, සැහැල්ලු ගතියක් ලැබෙන තුරු බීට් කර ගන්න.
  • ඉන් පසුව එයට ඇප්‍රිකට් ජෑම් ටිකත් දා ගෙන බීට් කරන්න. (ජෑම් හොඳින් කලවම් වන තුරු බීට් කළාම ඇති.)
  • නැවුම් කිරි ටික ගෙන එයට බේකින් සෝඩා(ආප්ප සෝඩා) දමා දිය කර ගන්න.
  • පාන් පිටි වලට ලුණු කුඩු කලවම් කර ගෙන පෙනේරයකින් හලා ගන්න.
  • ඊළඟට කලින් බීට් කර ගත් මිශ්‍රණයට නැවුම් කිරි සහ හලා ගත් පිටි ටික ටික මාරුවෙන් මාරුවට දා ගෙන කලවම් කරන්න. (පිටි කැටි නොසිටින සේ කලවම් කර ගන්න.)
  • අන්තිමට සුදු විනාකිරි දමා කලවම් කර ගන්න.
  • පසුව බේක් කිරීමට යොදා ගන්නා භාජනයකට මිශ්‍රණය දමා ගෙන ඇලුමිනියම් ෆොයිල් (Aluminum foil) එකකින් ආවරණය කර ගන්න.
  • අනතුරුව කලින් 180°C / 360°F උෂ්ණත්වයට රත් කර ගත් අවන් එකක විනාඩි 55 - 60 ක් පමණ බේක් කර ගන්න.

සෝස් එක සදා ගන්නා ක්‍රමය:
  • දැන් වෙනත් භාජනයක් සාමාන්‍ය ගින්දරේ ලිපේ තබා එයට බටර්, සීනි සහ වතුර දා ගෙන විනාඩි 2-3 නොනවත්වා හැදි ගාමින් නටවා ගෙන ලිපෙන් බා ගන්න.
  • පසුව තප්පර 10 ක් පමණ හැදි ගා ගෙන එයටම ෆ්‍රෙෂ් ක්‍රීම් සහ වැනිලා දා ගෙන හොඳින් හැදි ගාමින් කලවම් කර ගෙන උණුවෙන්ම බේක් කර ගත් පුඩිං එක උඩට වක් කර ගෙන උණුවෙන්ම පිළිගන් වන්න.

වැදගත්:
  • පුඩිං එක සෑදීමේදී සෑම විටකම එක් අතකට පමණක් බීට් කිරීම හා කලවම් කිරීම කර ගන්න.
  • පුඩිං එක උඩින් සෝස් එක දමා ගන්නා විට පුඩිං එක මෙන්ම සෝස් එකත් උණුවෙන්ම තිබිය යුතුයි.
  • කැමති නම් වැනිලා අයිස් ක්‍රීම් (Vanilla Ice Cream) සමඟ වුණත් රස විදින්න පුළුවන්.

පොටෝ ටිකත් බලන්නකෝ:

 මේ තමයි හොයාගන්න අමාරු ඇප්‍රිකට් ජෑම්. මේක හොයාගත්තනම් වැඩේ හරි.

 ආප්ප සෝඩා යි (බේකින් සෝඩා) ෆ්‍රෙෂ් ක්‍රීමුයි තමයි මේ. මේවනම් ඔයාලා දන්නවනේ. මේවා අපිට ලේසියෙන්ම හොයාගන්න පුලුවන්.

 තව අපිට මේක හදනකොට ඕනෙ වෙනවා සුදු විනාකිරියි, බේක් කරගන්න භාජනය වහගන්න ඇලුමිනියම් ෆොයිල් එකකුයි.

 අන්ට්තිමට හදාගත්ත පුඩින් එකට සෝස් එක දාගන්න ඕනෙ රස්නෙ පිටින්ම.

 ඊට පස්සෙ ඉතින් කන්න තමයි තියෙන්නෙ.

 මේක උණුවෙන්ම කන්න ඕනෙ කියලා තමයි කියන්නෙ නම්.








ලිපිය ලියන්න කරුණු ලබාගත්තා hulettssugar.co.za වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment