About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Caramel Bread Pudding - බිත්තර රහිත කැරමල් පාන් පුඩිං

ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ පාන් වලින් පුඩිං එකක් හදන විදිහ. මේක අපි ස්ටීම් කරලා (හුමාලයෙන් තම්බලා)…
Caramel Bread Pudding - බිත්තර රහිත කැරමල් පාන් පුඩිං
ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ පාන් වලින් පුඩිං එකක් හදන විදිහ. මේක අපි ස්ටීම් කරලා (හුමාලයෙන් තම්බලා) තමයි හදන්නෙ. මේ පුඩිං එක බිත්තර කන්නෙ නැති අයට හොදයි. මේක හදන්න බිත්තර ගන්නෙ නෑ. මීට කලිනුත් ඉවුම් පිහුම් ඇප් ඒකේ පාන් වලින් පුඩිං හදන විදිහ කියලා දුන්නනේ. මේ තව ක්‍රමයක්.
 
අවශ්‍ය දේවල්:
  • පුඩිං එක සඳහා අවශ්‍ය දේවල්:
  • සැන්ඩ්විච් පාන් පෙති 8-10ක් පමණ
  • නැවුම් කිරි (ෆ්‍රෙෂ් මිල්ක්- Fresh Milk) 375ml
  • උකු කළ ටින් කිරි (Condensed Milk) මේස හැදි 5 (මිල්ක්මේඩ්- Milkmaid වගේ ගත්තනම් හරි)
  • සීනි රහිත යෝගට් (Sugar Free Yogurt) 90g
  • සීනි තේ හැදි 2-3ක් (රස අනුව අඩු වැඩි කර ගන්න)
  • කෝන් ස්ටාච් (Corn Starch) මේස හැදි 1
  • වැනිලා එසන්ස් (Vanilla Essence) තේ හැදි ½

කැරමල් එක සඳහා අවශ්‍ය දේවල්:
  • සීනි මේස හැදි 3
  • වතුර මේස හැදි 1

සාදා ගන්නා ආකාරය:
  • මුලින්ම කැරමල් එකට ඕනේ කරන සීනි ටිකයි වතුර ටිකයි භාජනේකට දාලා ලිපේ තියලා ටිකක් තද දුඹුරු පාටට කැරමල් හදා ගෙන පුඩිං එක ස්ටීම් කරන්න ගන්න භාජනේට දාලා භාජනයේ බිත්ති වල කැරමල් ටික හොදට තවර ගෙන පැත්තකින් තියන්න.
  • පස්සේ පාන් පෙති වල වාටි කපලා අයින් කර ගෙන පුංචි කෑලි වලට කපන්න.
  • ඊට පස්සේ නැවුම් කිරි ටිකක කෝන් ස්ටාච් දිය කර ගෙන පැත්තකින් තියා ගන්න.
  • දැන් ඉතුරු නැවුම් කිරි ටිකත් එක්ක සීනි ටික වෙනත් භාජනේකට දා ගෙන අඩු ගින්දරේ ලිපේ තියා ගෙන උණු කරන්න ගන්න.
  • ඒකටම කෝන් ස්ටාච් දිය කර ගත්තු නැවුම් කිරි ටිකත් දාලා සීනි ටික සම්පූර්ණයෙන්ම දිය වෙලා කිරි ටික සාමාන්‍ය ගානට රත් වුණාම ලිපෙන් බා ගන්න. (කිරි නටනකන් රත් කරන්න යන්න එපා.)
  • දැන් කලින් පොඩි කෑලි වලට කපා ගත්තු පාන් ටික කිරි වලට එකතු කර ගෙන ටිකක් කිරි වල පෙඟෙන්න තියන්න. (කිරි උණුවෙන්ම තිබිය දී පාන් ටික කිරි වලට දාන්න ඕනේ.)
  • පස්සේ පාන් වල කෑලි ගතිය නැති වෙන්න හැන්දකින් හොදට පොඩි කරන්න ඕනේ.
  • පාන් ටික හොදට පොඩි වුණාට පස්සේ ඒක නිවෙන්න හරින්න.
  • ඊළඟට යෝගට් ටිකයි, උකු කළ ටින් කිරි ටිකයි, වැනිලා ටිකයි භාජනේකට දාලා හොදට කලවම් කර ගන්න.
  • දැන් පොඩි කර ගත්ත පාන් මිශ්‍රණය සම්පූර්ණයෙන්ම නිවුනට පස්සේ ඒකට යෝගට් මිශ්‍රණය දාලා හොදට කලවම් කරලා කලින් කැරමල් එහෙම තවර ගෙන ලෑස්ති කර ගත්ත භාජනේට පාන් මිශ්‍රණය දා ගෙන ඇලුමිනියම් ෆොයිල් එකකින් ආවරණය කරලා ඇලුමිනියම් ෆොයිල් එකේ පොඩි හිල් ටිකක් ටූත් පික් එකකින් ඇනලා හදා ගන්න.
  • අන්තිමට විනාඩි 20-30 ක් විතර වාෂ්පෙන් තම්බ ගන්න / ස්ටීම් කර ගන්න ඕනේ.
  • ඔන්න දැන් ඉතින් නිවෙන්න එහෙම තියලා ශීතකරණයට දා ගෙන කූල් කරන් රස බලන්න තමයි තියෙන්නේ.

වැදගත්:
  • වාෂ්පෙන් තම්බ ගන්න පාවිච්චි කරන භාජනයේ හැඩය හා ප්‍රමාණය අනුව ස්ටීම් වෙන්න යන වෙලාව වෙනස් වෙනවා. ඒ නිසා වාෂ්පෙන් තම්බන්න යන වෙලාව එක එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන්.
  • පිරිසිදු ඉරටුවක් හරි ටූත් පික් එකක් වගේ දෙයකින් පුඩිං එකේ මැදට ඇන ගෙන ඉරටුව / ටූත් පික් එක පිරිසිදුව එනව ද කියලා බලලා පුඩිං එක සම්පූර්ණයෙන් තැම්බිලාද කියලා බලා ගන්න.
  • පුඩිං එක අනිත් පැත්ත පෙරල ගන්නවා නම් නිවුනට පස්සේ ශීතකරණයේ තියා ගෙනම පෙරල ගන්න. (නැත්තම් කැඩෙන්න බලයි.)

පොටෝ ටිකත් බලන්නකෝ:

 මේ ගත්ත දේවල් වලින් ටිකක්

 මේ හදාගත්ත කැරමල් ටික, පුඩිං එක ස්ටීම් කරන්න ගන්න භාජනේට දාලා භාජනයේ බිත්ති වල කැරමල් ටික තවරා ගෙන තියෙන විදිහ.

 මේ හදාගත්ත කිරි  මිශ්‍රණය.

 ඒකට පාන් කෑලි ටික දාලා පොඩි කරාට පස්සෙ තමයි මේ.

 ඊට පස්සෙ ඒකට යෝගට් එහෙම දාලා හදාගත්ත මිශ්‍රණය අර කලින් කැරමල් දාලා හදාගත්ත භාජනයට දාගත්තට පස්සෙ මේ.

 ඒ භාජනය ඇලුමිනියම් ෆොයිල් එකකින් ආවරණය කරලා ඇලුමිනියම් ෆොයිල් එකේ පොඩි හිල් ටිකක් ටූත් පික් එකකින් ඇනලා හදා ගන්න අමතක කරන්න එපා.. දැන් හුමාලයෙන් තම්බාගන්න තමයි හදන්නෙ.

මේ හුමාලයෙන් තම්බාගන්න ගමන්.

 ඔන්න වැඩේ ඉවරයි. මේ තියෙන්නෙ අපි හදාගත්ත අපේ රසම රස පාන් පුඩින් එක. මේ පුඩින් එක මේ උඩ යට මාරු කරලා තියෙන්නෙ අපි සාමාන්‍යයෙන් හැම පුඩින් එකක්ම වගේ අනිත් පැත්ත හරවලනෙ පිලිගන්වන්නෙ. දැන් ඉතින් කෑල්ලක් කපාගෙන කන්න තමයි තියෙන්නෙ.






ලිපිය ලියන්න කරුණු ලබාගත්තා vegrecipesofindia.com වෙබ් අඩවියෙනුත්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment