About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Apple Custard Pudding - ඇපල් කස්ටඩ් පුඩිං

ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ රසම රස ඇපල් කස්ටඩ් පුඩිං එකක් හදාගන්න විදිහ. ඔන්න මේක හදන්නත් මහා ලොකු …
Apple Custard Pudding - ඇපල් කස්ටඩ් පුඩිං
ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ රසම රස ඇපල් කස්ටඩ් පුඩිං එකක් හදාගන්න විදිහ. ඔන්න මේක හදන්නත් මහා ලොකු දේවල් ඕන වෙන්නෙ නෑ. මේකට ඕන දේවල් ටික සුපර් මාකට් එකකින් නම් ලේසියෙන්ම ගන්න පුලුවන්. බලන්නකෝ මේක හදන්නේ කොහොමද කියලා එහෙනම්...

අවශ්‍ය දේවල්:
  • රතු ඇපල් ගෙඩි 2 (Red Apples)
  • සීනි 25gක් සහ මේස හැදි 2ක් සහ මේස හැදි 2ක් වෙන වෙනම
  • මී පැණි මේස හැදි 2 (කැමති නම් පමණක්)
  • වැනිලා කස්ටඩ් පවුඩර් (Vanilla Custard Powder) මේස හැදි 2
  • නැවුම් කිරි (ෆ්‍රෙෂ් මිල්ක්- fresh milk) 225ml
  • දෙහි යුෂ තේ හැදි 1 + තේ හැදි 1 වෙන වෙනම

සාදා ගන්නා ආකාරය:

  • මුලින්ම ඇපල් ගෙඩි දෙකෙන් එකක් අරන් සෝදලා හීනි පෙති වලට කපා ගෙන දෙහි යුෂ තේ හැදි 1 ක් දා ගන්න. (ඇපල් ගෙඩියේ පොතු අරින්න එපා.)
  • දැන් පෑන් එකක් ලිපේ තියලා සීනි මේස හැදි 2යි, වතුර මේස හැදි 3කුයි ඇපල් පෙති ටිකයි දාලා ඇපල් යන්තමින් මෘදු වෙනකන් විනාඩි 2ක් පමණ රත් කරලා නිවෙන්න තියන්න.
  • ඇපල් ටික සම්පූර්ණයෙම නිවුනට පස්සේ මී පැණි ටික ඇපල් වලට දාලා කලවම් කරලා පැත්තකින් තියන්න.
  • දැන් අනිත් ඇපල් ගෙඩිය අරන් පොතු ඇරලා හෝදලා පොඩි කෑලි වලට කපන්න.
  • පස්සේ භාජනයක් ලිපේ තියලා පොඩි කෑලි වලට කපපු ඇපල් ටිකත් එක්ක සීනි මේස හැදි 2ක්, දෙහි යුෂ තේ හැදි 1 ක් සහ වතුර ටිකක් දාලා හොදට තම්බ ගෙන බ්ලෙන්ඩර් කර ගන්න. (තැම්බෙන්න ඕන කරන ගානට වතුර දාන්න. ගොඩක් වතුර දාන්න එපා. ඒ වගේම බ්ලෙන්ඩර් කරන කොට වතුර දාන්න එපා.)
  • ඊළඟට නැවුම් කිරි (ෆ්‍රෙෂ් මිල්ක්) වලින් ටිකකට කස්ටඩ් පවුඩර් ටික දාලා හොදට දිය කර ගන්න.
  • ඊට පස්සේ අනිත් කිරි ටික එක්ක සීනි 25g දාලා අඩු ගින්දරේ ලිපේ තියන්න.
  • කිරි ටිකක් රත් වුණාට පස්සේ කිරි වල දිය කර ගත්තු කස්ටඩ් පවුඩර් ටිකත් ඒකටම දාන්න.
  • නොනවත්වා හැදි ගාන ගමන් මිශ්‍රණය නටනකම් උණු කරන්න.
  • මිශ්‍රණය ටිකක් උකු ඒත් වැක්කෙරෙන ප්‍රමාණයට ඝන වුනාම ලිපෙන් බා ගෙන ඒකට කලින් බ්ලෙන්ඩර් කර ගත්ත ඇපල් ටික දා ගෙන හොදට කලවම් කරලා නිවෙන්න තියන්න.
  • දැන් කලින් හදා ගත්ත ඇපල් පෙති ටිකයි කස්ටඩ් මිශ්‍රණයයි ඔයාලා කැමති විදියේ පිළිගන්වන්න සුදුසු වීදුරු බෝල් එකක් වගේ භාජනයකුයි ගන්න.
  • මුලින්ම ඇපල් පෙති ටිකෙන් භාගයක් වගේ භාජනේ පතුලෙන් අතුර ගන්න ඕනේ.
  • ඊළඟට කස්ටඩ් මිශ්‍රණයෙන් භාගයක් ඒ උඩින් දා ගෙන හැන්දෙන් ඇපල් පෙති වැහෙන විදියට විහිද ගන්න.
  • දැන් ඉතුරු ඇපල් පෙති බාගේ ඒ උඩින් අතුරලා ඉතුරු කස්ටඩ් මිශ්‍රණය දා ගන්න.
  • අන්තිමට ශීතකරණයට දාලා පැය 2 ක් වගේ තියලා රස බලන්න.

වැදගත්:
  • කැමති නම් උඩින් වැනිලා අයිස් ක්‍රීම් (Vanilla Ice Cream) හරි විපින් ක්‍රීම් (Whipping Cream) හරි දා ගන්න පුළුවන්.
  • ඒ වගේම කජු කෑලි ටිකක් නැත්තම් ඇපල් කෑලි ටිකක් හරි උඩින් දා ගෙන සරසා ගත හැකියි.
  • කස්ටඩ් මිශ්‍රණයට දාන සීනි ප්‍රමාණය රස අනුව අඩු වැඩි කර ගන්න පුළුවන්.
  • ඇපල් තම්බලා බ්ලෙන්ඩර් කර ගෙන ගන්නේ නැතුව ඒ වෙනුවට ඇපල් පියුරී (Apple Puree) වුණත් දා ගන්න පුළුවන්.

පොටෝ ටිකත් බලන්නකෝ:
 මේ තියෙන්නෙ ගත්ත දේවල් ටිකක්

 මේ ඇපල් පෙති උයන ගමන්

 මේ උයපු ඇපල් පෙති වලට මී පැණි දැම්මට පස්සෙ

 මේ ඇපල් කැලි තම්බන ගමන්

 මේ බ්ලෙන්ඩර් කරපු ඇපල්

 මේ කස්ටඩ් ක්‍රීම් එක හදන ගමන්

 මේ හදා ගත්ත කස්ටඩ් ක්‍රීම් එක

 මේ තියෙන්නෙ ඒ විදිහට හදාගත්ත අපේ රසම රස ඇපල් කස්ටඩ් පුඩිං.
    wikitech.xyz
    wikitech.xyz

    Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

    Article Tag
    Newer Posts
    Older Posts
    Comment