About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Mango Delight Pudding - මැන්ගෝ ඩිලයිට් පුඩිං

ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ අඹ වලින් රසම රස පුඩින් එකක් හදන විදිහ. ඔන්න මේක හදන්න ඕන වෙන බඩු ටික නම…
Mango Delight Pudding - මැන්ගෝ ඩිලයිට් පුඩිං
ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ අඹ වලින් රසම රස පුඩින් එකක් හදන විදිහ. ඔන්න මේක හදන්න ඕන වෙන බඩු ටික නම් ඔයාලට හොයාගන්න කොහෙත්ම අමාරු වෙන්නෙ නෑ. බලන්නකෝ එහෙනම් මේක හදන්නේ කොහොමද කියලා.
 
අවශ්‍ය දේවල්:
  • හොඳින් ඉදුනු අඹ ගෙඩි 4
  • අඹ යුෂ අඬු කෝප්ප 1
  • උකු කළ ටින් කිරි 525g (Condensed milk)- මිල්ක්මේඩ් ලොකු ටින් 1ක් වගේ ගත්තනම් හරි (Milkmaid 525g Tin)
  • ජෙලටින් පවුඩර් (Gelatin Powder) තේ හැදි 3 ½
  • විපින් ක්‍රීම් (Whipping Cream) 120ml
  • උණු වතුර අඬු කෝප්ප 1
  • දෙහි යුෂ ස්වල්පයක් (රස අනුව)
  • තැඹිලි පාට කලරින් බිංදු 2 - 3ක් (කැමති නම් පමණක්)
  • සීනි 50g (රස අනුව අඩු වැඩි කර ගන්න)

සාදා ගන්නා ආකාරය:
  • මුලින්ම උකු කළ ටින් කිරි එක්ක අඹ යුෂ ටික හොඳින් කලවම් කරලා ශීතකරණයට දාලා දවසක් විතර තියන්න ඕනේ.
  • ඊළඟ දවසේ උකු කළ ටින් කිරි මිශ්‍රණය එළියට අරන් ක්‍රීම් එකක් වෙනකම් හොදට බීට් කරන්න.
  • දැන් ජෙලටින් ටික උණු වතුරේ හොදට දිය කර ගෙන නිවෙන්න තියන්න.
  • ඊට පස්සේ විපින් ක්‍රීම් ටිකත් වෙනම භාජනයකට දා ගෙන ඒකටම දිය කර ගත්ත ජෙලටින් ටික ටික සැරින් සැරේ දාන ගමන් හොදට බීට් කර ගෙන පැත්තකින් තියන්න. (දිය කර ගත්ත ජෙලටින් ටික සම්පූර්ණයෙන්ම නිවිලා තියෙන්න ඕනේ.)
  • පස්සේ අඹ ගෙඩි ටික අරන් පොතු ඇට එහෙම අයින් කරලා පොඩි කෑලි වලට කපා ගන්න.
  • ඒ කපපු අඹ වලින් භාගයක් විතර අරන් සීනි ටිකයි දෙහි යුෂ ටිකයි කලරින් ටිකයි එක්ක බ්ලෙන්ඩර් එකට දාලා හොදට ක්‍රීම් වෙනකම් බ්ලෙන්ඩර් කර ගන්න.
  • දැන් බ්ලෙන්ඩර් කර ගත්ත අඹ ටික, බීට් කර ගත්ත විපින් ක්‍රීම් මිශ්‍රණය සහ බීට් කර ගත්තු උකු කළ ටින් කිරි මිශ්‍රණය එකට කලවම් කර ලා විනාඩි 2 - 3 ක් වගේ ටිකක් බීට් කර ගන්න.
  • පස්සේ පුඩිං එක හදා ගන්න පාවිච්චි කරන වීදුරු බෝල් එකක් හරි සුදුසු වෙනත් භාජනයක් හරි අර ගෙන මුලින්ම ක්‍රීම් මිශ්‍රණයෙන් 1/3 ක් විතර දාන්න.
  • පස්සේ කෑලි වලට කපා ගත්ත අඹ වලින් භාගයක් විතර අරන් අඹ තට්ටුවක් ඒක උඩින් දා ගන්න.
  • දැන් ආයෙත් ක්‍රීම් මිශ්‍රණයෙන් තවත් 1/3 ක වගේ ප්‍රමාණයක තට්ටුවක් අඹ කෑලි ටික උඩින් දා ගන්න.
  • ඊට පස්සේ ඉතුරු අඹ ටිකත් දා ගෙන ඒ උඩින් ඉතුරු ක්‍රීම් මිශ්‍රණය දා ගන්න.
  • අන්තිමට ශීතකරණයට දාලා පැය 2 - 3ක් වගේ කූල් වෙන්න තියලා කැමති විදියකට සරසලා පිළිගන් වන්න.

වැදගත්:
  • කොහු (තන්තු, කෙඳි)ගතිය අඩු අඹ ගන්න පුළුවන් නම් වඩාත් හොදයි.

මේ තියෙන්නෙ ගත්ත දේවල් වලින් ටිකක්:
 අඹ..

 මිල්ක්මේඩ් එකක්..

 මේ ජෙලටින්..

 එතකොට මේ විපින් ක්‍රීම්

 ඔන්න ඔය දේවල් ඔක්කොම දාලා හදපු අපේ රසම රස මැන්ගෝ ඩිලයිට් පුඩිං එක තමයි මේ..

wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment