About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Lemon Butter Sauce - ලෙමන් බටර් සෝස්

ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ රසම රස සෝස් එකක් හදන විදිහ. මේ සෝස් එකට කියන්නෙ ලෙමන් බටර් සෝස් කියලා. …
Lemon Butter Sauce - ලෙමන් බටර් සෝස්
ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ රසම රස සෝස් එකක් හදන විදිහ. මේ සෝස් එකට කියන්නෙ ලෙමන් බටර් සෝස් කියලා. ගොඩක් අයනම් අහලා නැතුව ඇති මේ සොස් එක ගැන. හැබැයි සමහරුනම් හොදටම දන්නවා රස හින්දම. තම්බපු මාළු, ග්‍රිල් කර ගත් මාළු, මස් වගේම, ලෙමන් ෆිෂ් වගේ දේවල් ගෝඩක් රස කර ගන්න පුළුවන් මේ සෝස් එකත් එක්ක කෑමට අර ගෙන. ඔන්න බලන්නකෝ එහෙනම් හදන විදිහ.


අවශ්‍ය දේවල්:
  • වතුර අඬු කෝප්ප 1
  • ලෙමන් යුෂ (Lemon Juice) අඬු කෝප්ප 1ක් සහ තව ලෙමන් යුෂ මේස හැදි 2ක් (රස අනුව අඩු වැඩි කර ගන්න.)
  • ග්‍රේට් කර ගත් ලෙමන් පොතු (Lemon zest) තේ හැදි ¼ ක් පමණ
  • සිහින්ව ලියා ගත් අඟලක පමණ ඉඟුරු කෑල්ලක්
  • සුදු විනාකිරි (White vinegar) තේ හැදි 1 - 2 ක් (රස අනුව අඩු වැඩි කර ගන්න.)
  • සීනි තේ හැදි 2 - 3ක් (රස අනුව අඩු වැඩි කර ගන්න.)
  • ගම්මිරිස් කුඩු (රස අනුව)
  • ලුණු (රස අනුව)
  • බටර් 75g (අවශ්‍ය පරිදි බටර් ප්‍රමාණය අඩු වැඩි කර ගන්න.)
  • ඉරිඟු පිටි (Corn Flour- කෝන් ෆ්ලා) මේස හැදි 2

සාදා ගන්නා ආකාරය:
  • මුලින්ම වතුර අඬු කෝප්පයේ කෝන් ෆ්ලා ටික දිය කර ගන්න.
  • ඊළඟට සුදුසු භාජනයක් අඩු ගින්දරේ ලිප තබා එයට ලෙමන් යුෂ අඬු කෝප්පය, ලෙමන් පොතු, ඉඟුරු, විනාකිරි හා සීනි දා ගෙන මිශ්‍රණය නටන තුරු රත් කර ගන්න.
  • මිශ්‍රණය නටා ගෙන එන විට තවත් ගින්දර අඩු කර මද ගින්නේ විනාඩි 2 - 3ක් පිස ගෙන එයටම දිය කර ගත් කෝන් ෆ්ලා අඬු කෝප්පය එකතු කරන්න.
  • එයටම රස අනුව ලුණු හා ගම්මිරිස් කුඩු එකතු කරන්න.
  • මිශ්‍රණය ඝන වී ගෙන එන විට බටර් එකතු කර හොඳින් කලවම් කර ගෙන ලිපෙන් බා ගන්න.
  • බා ගත් විගස ලෙමන් යුෂ මේස හැදි 2 එකතු කරන්න. (රස අනුව එකතු කරන ලෙමන් යුෂ ප්‍රමාණය අඩු වැඩි කර ගන්න පුළුවන්.)
  • පසුව පිරිසිදු වීදුරු බෝතලකට හෝ භාජනයකට දමා ගෙන නිවුනු පසුව ශීතකරණයේ ගබඩා කර ගෙන අවශ්‍ය වෙලාවට භාවිතයට ගන්න.

වැදගත්:
  • කැමති නම් කෑලි මිරිස් ටිකක්, චොප් කර ගත් කොත්තම්ල්ලි කොළ (Chopped Coriander Leaves) හෝ චොප් කර ගත් පාස්ලි කොළ (Chopped Parsley Leaves) ටිකක් එකතු කර ගන්න පුළුවන්.
  • ඒ වගේම වතුර අඬු කෝප්පය වෙනුවට එළවළු තැම්බු වතුර (Vegetable Stock) හෝ මාළු තැම්බූ වතුර (Fish Stock) අඬු කෝප්පයක් යොදා ගෙන මෙය සදා ගත හැකියි.
  • මෙය ටිකක් වැඩියෙන් කහ පාට කර ගන්න අවශ්‍ය නම් කහ පාට කලරින් බිංදුවක් (Yellow Food Coloring) හෝ කහ කුඩු (Turmeric Powder) ස්වල්පයක් එකතු කර ගන්න.
  • මේ සෝස් එක සති 1 ½ - 2ක් පමණ ශීතකරණයේ තබා ගෙන කල් තබා ගත හැකියි.
 
සෝස් එක හැදුවට පස්සෙ වියලි-පිරිසිදු වීදුරු බෝතලකට හරි භාජනයකට හරි දාලා ෆ්‍රිජ් එකේ තියාගන්න. 

wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Newer Posts
Older Posts
Comment