About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Yogurt & Curd Pudding - යෝගට් මී කිරි පුඩිං

ඔන්න දැන් රසම් රස පුඩින් එකක් හදාගන්න විදිහ තමයි කියලා දෙන්න යන්නෙ. යෝගට්, මී කිරි එහෙම දාලා තම්යි …
Yogurt & Curd Pudding - යෝගට් මී කිරි පුඩිං
ඔන්න දැන් රසම් රස පුඩින් එකක් හදාගන්න විදිහ තමයි කියලා දෙන්න යන්නෙ. යෝගට්, මී කිරි එහෙම දාලා තම්යි මේක හදන්නෙ. ඔන්න බලන්නකෝ මේක හදන විදිහ.

අවශ්‍ය දේවල්:
  • ජෙලටින් 10g
  • නාරං ගෙඩියක යුෂ
  • දොඩම් ගෙඩි 2ක යුෂ
  • සීනි 125g (රස අනුව අඩු වැඩි කර ගන්න පුළුවන්.)
  • ප්ලේන් යෝගට් (Plain Yogurt) අඬු කෝප්ප 2 ½
  • මී කිරි (Curd) අඬු කෝප්ප ½
  • කහ පාට කලරින් (Yellow Food Coloring) තේ හැදි 1 (කැමති නම් පමණක්)
  • වැනිලාතේ හැදි 2
  • මාරි බිස්කට් 150g
  • දිය කර ගත් බටර් මේස හැදි 4
  • උණු වතුර අඬු කෝප්ප ¼
  • උකු කළ ටින් කිරි (Condensed milk- මිල්ක්මේඩ් වගේ ඒවා) මේස හැදි 6ක් ගන්න. (මේස හැදි 3 ගානේ වෙන වෙනම)

සාදා ගන්නා ආකාරය:
  • මුලින්ම ජෙලටින් ටික උණු වතුර ටිකේ දිය කර ගෙන නිවෙන්න තියලා ශීතකරණයට දලා ටිකක් සෙට් වෙන්න තියන්න.
  • පසුව නාරං යුෂ, දොඩම් යුෂ, සීනි ටික හා ශීතකරණයේ දාලා සෙට් කර ගත්ත ජෙලටින් එකට දා ගෙන හොඳින් බීට් කර ගන්න.
  • ඉන් පසුව යෝගට් ටිකට, මී කිරි, වැනිලා, උකු කළ ටින් කිරි මේස හැදි 3 ක් සහ කහ පාට කලරින් දා ගෙන හොඳින් මිශ්‍ර වෙනකන් ටිකක් බීට් කර ගන්න ඕනේ. (ගොඩක්ම බීට් කරන්න එපා.)
  • ඊළඟට බීට් කර ගත් මිශ්‍රණයට, යෝගට් මී කිරි මිශ්‍රණය දාලා හොඳින් හැන්දකින් කලවම් කරන්න.
  • දැන් මාරි බිස්කට් ටික ග්‍රයින්ඩරේකට දාලා හොදට කුඩු කර ගන්න.
  • එයටම දිය කර ගත්ත බටර් සහ උකු කළ ටින් කිරි මේස හැදි 3 ක් දාලා හොදට මිශ්‍ර කර ගන්න.
  • පස්සේ පුඩිං එක හදා ගන්න භාජනේ පතුලට බිස්කට් කුඩු මිශ්‍රණය දාලා සමතලා වන විදියට තද කරන්න.
  • ඊට පස්සේ කලින් හදා ගත්ත යෝගට් මී කිරි මිශ්‍රණය එයට දා ගෙන ශීතකරණයේ සෙට් වෙනකන් පැය 2 - 3ක් පමණ තියා ගෙන කැමති විදියකට සරසලා පිළිගන් වන්න.

වැදගත්:
  • කැමති නම් දොඩම් වෙනුවට, ලෙමන් වුණත් පාවිච්චි කරලා මේ පුඩිං එක හදා ගන්න පුළුවන්.
 
 මේකේ පෙනුම වගේම තමයි, හරිම රසයි මේ පුඩිං එක.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment