About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Fruit Salad - ෆෘට් සැලඩ්

අපි හැමෝම වගේ කන්න කැමති දෙයක්නෙ ෆෘට් සැලඩ් කියන්නෙ. ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ ෆෘට් සැලඩ් හදන්නෙ …
Fruit Salad - ෆෘට් සැලඩ්
අපි හැමෝම වගේ කන්න කැමති දෙයක්නෙ ෆෘට් සැලඩ් කියන්නෙ. ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ ෆෘට් සැලඩ් හදන්නෙ කොහොමද කියලා. මේක හදනකොට පළතුරු වර්ග කීපයක්ම දානවා. කඩේකට ගිහිල්ලා ෆෘට් සැලඩ් එකක් කෑවොත් නම් ගොඩක් වෙලාවට කෙසෙලුයි ඇපලුයි ගස්ලබුයි විතරක් දාපු දාපු ෆෘට් සැලඩ් එකක් තමයි කන්න වෙන්නෙ. ඒවනෙ ඉතින් ලේසියෙන්ම ඕනෙම් කාලෙකදි හොයාගන්න පුලුවන් දේවල්. තව ඕනෙනම් අයිස් ක්‍රීම් චුට්ටකුත් උඩින් දාලා දෙයි. ගොඩක් වෙලාවට ඔච්චරම තමයි ඉතින් කඩෙන් කෑවොත් නම්. දවස් කිහිපයකට කලින් කපලා විකුණුන් නැති ෆෘට් සැලඩ් එකක් උඩින් අයිස් ක්‍රීම් ටිකක් දාලා හම්බෙන්නත් පුලුවන්. හැබැයි සමහරක් කඩවල පළතුරු එවෙලෙම කපලා හොදට හදනවා ෆෘට් සැලඩ්. ඔන්න දැන් කියලා දෙන්න යන විදිහට එක පාරක් ගෙදරදී හදලා බලන්නකෝ කොහොමද රස කියලා.. ඕන කරන දේවල් ටික හැමදාම හොයාගන්න පුලුවන් උනොත්, අපේ ඉවු පිහුම් උදවිය මේ විදිහට හැමදාම ෆෘට් සැලඩ් හදලා කන එකනම් ශුවර්..
 
අවශ්‍ය දේවල්:
  • කෑලි වලට කපා ගත් කෝලිකුට්ටු කෙසෙල් ගෙඩි 5
  • කෑලි වලට කපා ගත් ඇඹුල් කෙසෙල් ගෙඩි 5
  • කොටු හැඩයට කෑලි කපා ගත් ඇපල් ගෙඩි 1
  • කොටු හැඩයට කෑලි කපා ගත් කොමඩු ගෙඩි ½
  • කොටු හැඩයට කෑලි කපා ගත් ගස්ලබු ගෙඩි ½
  • කොටු හැඩයට කෑලි කපා ගත් අන්නාසි ගෙඩි ½
  • කොටු හැඩයට කෑලි කපා ගත් අඹ ගෙඩි 2
  • වැනිලා එසන්ස් (Vanilla Essence) තේ හැදි 2
  • සීනි (කැමති නම් පමණක්)
  • ලුණු ස්වල්පයක් (රස අනුව)
  • දෙහි යුෂ (රස අනුව)

සාදා ගන්නා ආකාරය:
  • මුලින්ම පළතුරු සියල්ල භාජනයකට දා ගන්න.
  • පස්සේ ඒකටම වැනිලා ටික, සීනි, ලුණු ස්වල්පයක් (රස අනුව) හා දෙහි යුෂ (රස අනුව) එකතු කර ගන්න.
  • ඊට පස්සේ පළතුරු ටික පොඩි වෙන්නේ නැති වෙන්න හොදට කලවම් කර ගන්න ඕන.
  • අන්තිමට ශීතකරණයේ දාලා පැය 1 - 2ක් තියලා රස විදින්න පුළුවන්.

වැදගත්:
  • ඔබට කැමති පළතුරු එකතු කරන්න පුළුවන්. (මිදි- Grapes, කිවි ෆෘට්- Kiwi Fruit, ස්ටෝබෙරි- Strawberry, වියළි මිදි- Dried Grapes, රටඉඳි- Dates, කජු- Cashew, වගේ කැමති දෙයක්)
  • රස අනුව සීනි එකතු කරන්න ඕනේ. (කැමති නම් සීනි නොදා වුණත් හදන්න පුළුවන්.)
  • දෙහි යුෂ වෙනුවට ලෙමන් යුෂ (Lemon Juice) හරි දොඩම් යුෂ (Orange Juice) හරි දා ගන්න පුළුවන්.
  • වැනිලා අයිස් ක්‍රීම්, උකු කළ ටින් කිරි (Condensed Milk- ඒ කියන්නෙ මිල්ක්මේඩ් වගේ ඒවට), කස්ටඩ් ක්‍රීම් (Custard Cream) වගේ දෙයක් එක්ක පිළිගන් වන්න, තවත් රසයි.
 
 කාටහරි පිළිගන්වනවා නම් අයිස් ක්‍රීම් ටිකක් උඩින් දාලා, ඒ වගේම ලස්සනට සරසලා පිලිගන්වන්න අමතක කරනවා එහෙම නෙමෙයි. තනියම නම් ඉතින් ෆෘට් සැලඩ් එකට වගකියන්න යන්නෙ, මොන සැරසිලිද නෙහ්. ෆ්‍රිජ් එකේ තියන්න ඉතුරු වෙන්නෙත් නැහැනෙ.

ආහාර වට්ටෝරුව ලිව්වේ ටී.පී දම්මිකා මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Newer Posts
Older Posts
Comment