About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Abarella Curry - ඇඹරැල්ලා මාළුව

ඔන්න දැන් කියලා දෙන්න හදන්නෙ ඇඹරැල්ලා මාළුවක් හදන විදිහ. මුලුතැන්ගේ පැත්තට අලුත් අපේ බවලත් උදවියටයි…
Abarella Curry - ඇඹරැල්ලා මාළුව
ඔන්න දැන් කියලා දෙන්න හදන්නෙ ඇඹරැල්ලා මාළුවක් හදන විදිහ. මුලුතැන්ගේ පැත්තට අලුත් අපේ බවලත් උදවියටයි, අපේ අයියලා මල්ලිලාටයි තමයි මේ ලිපිය. හරිම රසයි මේ විදිහට හදපුවහම ඇඹරැල්ලා. මේකට සීනි එහෙමත් දාලා හදන නිසා, ඇඹරැල්ලා මාළුවත් එක්ක බත් මුට්ටියකට උනත් වග කියන්න නම් පුලුවන් වෙයි ඕන්..
අවශ්‍ය දේවල්:
  • මදක් පැසුණු ඇඹරැල්ලා ගෙඩි 400g
  • සිහින්ව ලියා ගත් රතු ලූණු ගෙඩි 6 - 7ක්
  • කුඩා ඉඟුරු පෙත්තක්
  • චොප් කර ගත් සුදුලූණු බික් 2 - 3ක්
  • හීනියට කපා ගත් අමු මිරිස් කරල් 2 - 3ක්
  • බැදපු තුනපහ කුඩු තේ හැදි 2 ½ ක් පමණ (රස අනුව අඩු වැඩි කර ගන්න.)
  • බැදපු මිරිස් කුඩු තේ හැදි 1 ½ ක් පමණ (රස අනුව අඩු වැඩි කර ගන්න.)
  • ගම්මිරිස් කුඩු ස්වල්පයක් (කැමති නම් පමණක්)
  • කහ කුඩු ස්වල්පයක්
  • රම්පේ
  • කරපිංචා
  • තලා ගත් කරදමුංගු (එනසාල්) ඇට 2 - 3ක්
  • කුරුඳු පොතු කෑල්ලක්
  • කරාබු නැටි 1 - 2ක්
  • මිටි කිරි අඬු කෝප්ප 1 ½ ක් පමණ
  • දිය කිරි අඬු කෝප්ප 2 ½ ක් පමණ
  • ලුණු (රස අනුව)
  • සීනි තේ හැදි 1 - 2ක් (රස අනුව අඩු වැඩි කර ගන්න.)
  • පොල් තෙල් මේස හැදි 1 - 2ක් පමණ
  • අබ ඇට ටිකක්

සාදා ගන්නා ආකාරය:
  • මුලින්ම ඇඹරැල්ලා ටික පොතු හැර සුද්ද කර සෝදා ඇටත් එක්කම කෑලි වලට කපා ගන්න. (ඇට ඉවත් කරන්න එපා.)
  • එයටම බැදපු තුනපහ කුඩු, බැදපු මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු හා කහ කුඩු දා ගෙන අත ගා ගන්න.
  • පසුව රතු ලූණු, ඉඟුරු පෙත්ත, අමු මිරිස්, රම්පේ, කරපිංචා, කරදමුංගු (එනසාල්), කුරුඳු පොත්ත, කරාබු නැටි සහ දිය කිරි එකතු කර ගෙන සාමාන්‍ය ගින්දරේ ලිප තියන්න. (තැම්බෙන්න කිරි මදි වගේ නම් අවශ්‍ය ප්‍රමාණයට වතුර ටිකකුත් එකතු කරන්න.)
  • ඇඹරැල්ලා ගෙඩි ටික තැම්බෙන තුරු විටින් විට හැදි ගාමින් පියනකින් වසා ගෙන පිස ගන්න.
  • ඇඹරැල්ලා ටික තැම්බී දිය කිරි හීදී ගෙන එන විට එයට මිටි කිරි ටික එකතු කරන්න.
  • එයටම රස අනුව ලුණු ද දමා ගන්න.
  • හොද්ද නටා ගෙන එන විට ගින්දර අඩු කර සීනි ටික දා ගෙන කලවම් කරන්න.
  • හොද්ද අවශ්‍ය ප්‍රමාණයට උකු වන තුරු බස්සවා ගෙන ලිපෙන් බා ගන්න.
  • ඉන් පසුව වෙනත් භාජනයක් ලිප තබා එයට තෙල් ටික දා ගන්න.
  • තෙල් රත් වී ගෙන එන විට එයට අබ ඇට ටික දා ගෙන අබ පුපුරවා ගන්න.
  • අබ පිපිරූ පසුව චොප් කර ගත් සුදුලූණු දමා ගෙන රන්වන් පාට වන තුරු තෙම්පරාදු කර ලිපෙන් බා ගන්න.
  • ලිපෙන් බා ගත් විගසම එය ඇඹරැල්ලා මාළුව උඩින් දා ගන්න.
 
    මේ අපි හැමෝම දන්න ඇඹරැල්ලා.


    wikitech.xyz
    wikitech.xyz

    Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

    Article Tag
    Newer Posts
    Older Posts
    Comment