About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Ginger Pudding - ඉඟුරු පුඩිම

ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ රසම රස ඉඟුරු පුඩිමක් හදාගන්න විදිහ. මේක හදන්න නම් ඔන්න, ගොඩක් දේවල් ඕන …
Ginger Pudding - ඉඟුරු පුඩිම
ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ රසම රස ඉඟුරු පුඩිමක් හදාගන්න විදිහ. මේක හදන්න නම් ඔන්න, ගොඩක් දේවල් ඕන වෙන්නෙ නෑ. හැම දෙයක්ම වගේ අපිට ලේසියෙන්ම හොයාගන්න පුලුවන් දේවල්. බලන්නකෝ එහෙනම් මේ පුඩිම හදන්නේ කොහොමද කියලා..

අවශ්‍ය දේවල්:
සිරප් එක සඳහා අවශ්‍ය දේවල්:
  • වතුර අඬු කෝප්ප 1 ½
  • සීනි 225g
  • බටර් මේස හැදි 2 - 3ක්
  • වැනිලා එසන්ස් (Vanilla Essence) තේ හැදි 1
  • ඉඟුරු ඉස්ම අඬු කෝප්ප ¼ ක් පමණ (රස අනුව අඩු වැඩි කර ගන්න.)

පුඩිං එක සඳහා අවශ්‍ය දේවල්:
  • බටර් මේස හැදි 2 - 3ක්
  • ගසා ගත් ලොකු බිත්තර 1
  • නැවුම් කිරි (ෆ්‍රෙෂ් මිල්ක්- Fresh Milk) 120ml
  • උකු කළ කිරි (Condensed Milk) මේස හැදි 2 - 3ක් (මිල්ක්මේඩ් - Milkmaid)
  • කුඩා කෑලි වලට කපා ගත් පුහුල් දෝසි 60g
  • කුඩා කෑලි වලට කපා ගත් ඉඟුරු දෝසි 40g
  • ඉඟුරු ඉස්ම තේ හැදි 1ක්
  • ග්‍රේට් කර ගත් ඉඟුරු තේ හැදි 1 ½ ක්
  • සීනි 60g
  • බේකින් පවුඩර් (Baking Powder) තේ හැදි 1 ½
  • මිශ්‍ර පළතුරු ජෑම් (මික්ස්ඩ් ෆෘට් ජෑම්- Mixed Fruit Jam) මේස හැදි 2 (කැමති නම් පමණක්)
  • පාන් පිටි 120g
  • ලුණු ස්වල්පයක්

සාදා ගන්නා ආකාරය:
සිරප් එක සාදා ගන්නා ක්‍රමය:
  • මුලින්ම භාජනයක් ලිප තබා එයට වතුර, සීනි, ඉඟුරු ඉස්ම, බටර් සහ වැනිලා එසන්ස් දා ගෙන සාමාන්‍ය ගින්දරේ රත් කරන්න ගන්න.
  • සීනි හොඳින් දිය වී නටා එන විට ලිපේ ගින්දර අඩු කරන්න.
  • සිරප් මිශ්‍රණය උකු වන තුරු  විනාඩි 4 - 5ක් පමණ නටවා ගන්න.
  • පසුව උණුවෙන්ම පුඩිං එක බේක් කිරීමට හෝ ස්ටීම් කිරීමට යොදා ගන්නා බටර් ගා ගත් තැටියේ පතුලට දා ගෙන හොඳින් විසුරුවා ගන්න.

පුඩිං එක සාදා ගන්නා ක්‍රමය:
  • දැන් බටර්, සීනි සහ බිත්තරය වෙනත් භාජනයකට දමා ක්‍රීම් වන තුරු බීට් කර ගන්න.
  • පසුව වෙනත් භාජනයක් ගෙන එයට නැවුම් කිරි, ජෑම්, ඉඟුරු ඉස්ම සහ උකු කළ කිරි දමා හොඳින් කලවම් කර ගෙන කලින් බීට් කර ගත් බිත්තර මිශ්‍රණයටම මිශ්‍ර කර ගන්න.
  • ඉන් පසුව පාන් පිටි ටිකට බේකින් පවුඩර් හා ලුණු ස්වල්පයක් දමා කලවම් කර දෙතුන් වරක් හලා ගන්න.
  • එයටම පුහුල් දෝසි කෑලි, ඉඟුරු දෝසි කෑලි සහ ග්‍රේට් කර ගත් ඉඟුරු දමා කලවම් කරන්න.
  • දැන් දියර මිශ්‍රණය සමඟ පිටි මිශ්‍රණය හැන්දකින් පෙරලමින් පාන් පිටි කැටි නොසිටින සේ කලවම් කර ගන්න.
  • පසුව කලින් සිරප් වක් කර ගත් තැටියට දමා ගෙන කලින් 180°C / 356°F උෂ්ණත්වයට රත් කර ගත් අවන් එකක විනාඩි 25 - 35ක් පමණ බේක් කර ගන්න. (නැත්නම් වාෂ්පෙන් තම්බා ගන්න.)
  • උණුවෙන්ම වැනිලා අයිස් ක්‍රීම් (Vanilla Ice Cream) හෝ කස්ටඩ් ක්‍රීම් (Custard Cream) සමඟ රස විදින්න.

වැදගත්:
  • බීට් කරන විට හා කලවම් කරන සෑම විටකම එක අතකට පමණක් පුඩිං මිශ්‍රණය බීට් / කලවම් කර ගන්න.
  • කැමති නම් නිවුනු පසුව ශීතකරණයේ පැය 3ක් පමණ තියා ගෙන රස විදින්නත් පුළුවන්.
  • විපින් ක්‍රීම් (Whipping Cream), ලෙමන් සෝස් (Lemon Sauce), බටර් ස්කොච් සෝස් (Butter Scotch Sauce), කැරමල් සෝස් (Caramel Sauce), උකු කළ ටින් කිරි (Condensed Milk) වැනි දේවල් සමඟ ද රස විදින්න පුළුවන්.

මේ තියෙන්නෙ ගත්ත දේවල් ටික:
මේ තියෙන්නෙ ග්‍රේට් කර ගත්ත, නැත්නම් පොඩියට ගාගත්ත ඉඟුරු.

මේ වගේ මිශ්‍ර පළතුරු ජෑම් එකක් ගත්තනම් හරි. හැබැයි ඕනෙම නෑ.

එතකොට මේ තියෙන්නෙ වැනිලා. ඔයාලා දන්නවනේ මේවනම්.

මේ බටර්. මේවත් දන්නවනෙ.

නැවුම් කිරි, නැත්නම් ෆ්‍රෙෂ් මිල්ක් තමයි මේ

තව මේ වගේ උකු කළ කිරි එකක් ගත්තනම් හරි.







ලිපිය ලියන්න කරුණු ටිකක් ලබාගත්තා food.com වෙබ් අඩවියෙනුත්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment