About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Mung Bean Sprouts Salad - මුල් ඇද්දූ මුං ඇට සලාදය

මුං ඇට පැළ කරලා ඉව්වම ගොඩක් රසයි වගේම පෝෂණ ගුණයත් ගොඩක්ම ඉහළයි කියලා කියනවනෙ. ඔන්න දැන් කියලා දෙන්න…
Mung Bean Sprouts Salad - මුල් ඇද්දූ මුං ඇට සලාදය
මුං ඇට පැළ කරලා ඉව්වම ගොඩක් රසයි වගේම පෝෂණ ගුණයත් ගොඩක්ම ඉහළයි කියලා කියනවනෙ. ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ පැළ කර ගත්ත, නැත්නම් මුල් අද්දගත්ත මුං ඇට වලින් කෑමක් හදන විදිහ තමයි. මේ පාර කියලා දෙන්න හදන්නෙ සලාදයක් හදන විදිහ. මීට කලින් ඉවුම් පිහුම් ඇප් එකේ මුල් කාලෙදි, මේ විදිහටම මුල් අද්දගත්ත මුං ඇට වලින් බැදුමක් හදන විදිහත් කියලා දීලා තියෙනවා කියලා ඉවුම් පිහුම් ඇප් එකේ මුල් කාලෙ ඉදන්ම ඉන්න අපේ කට්ටියට මතක ඇති නේද? ඔන්න බලන්නකෝ එහෙනම් මේ සලාදෙ හදන්නෙ කොහොමද කියලා..

අවශ්‍ය දේවල්:
  • පැල කර ගත් මුං ඇට (Mung Bean Sprouts) 200g
  • උම්බලකඩ කුඩු ටිකක් (කැමති ප්‍රමාණයක්)
  • කුඩාවට කපා ගත් තක්කාලි 50g
  • හීනියට ලියා ගත් අමු මිරිස් කරල් 2 - 3ක්
  • සිහින්ව ලියා ගත් රතු ලූණු හෝ රට ලූණු 50g
  • තල තෙල් (Sesame Oil) මේස හැදි 1 ½ ක් පමණ
  • දෙහි යුෂ (රස අනුව)
  • කබලේ බැද ගත් තල ඇට තේ හැදි 1
  • තලා ගත් සුදුලූණු බික් 2
  • ලුණු (රස අනුව)
  • ගම්මිරිස් කුඩු (රස අනුව)
  • සෝයා සෝස් (Soya Sauce) මේස හැදි 1 ½ ක් පමණ
  • සීනි තේ හැදි ¼ (කැමති නම් පමණක්)
  • සිහින්ව ලියා ගත් අමු ඉඟුරු ටිකක් (කැමති නම් පමණක්)

සාදා ගන්නා ආකාරය:
  • පැල කර ගත් මුං ඇට ටික හොඳින් සෝදා ගන්න.
  • පසුව භාජනයක් ලිපේ තබා එයට වතුර දමා නටන තුරු උණු කර ගන්න.
  • වතුර නටන්න ගත් පසුව එයට පැල කර ගත් මුං ඇට දා ගෙන විනාඩි 1 - 2ක් පමණ තම්බා වතුර පෙරා ගෙන වතුර බේරීමට තබා ගන්න.
  • ඒ අතරතුර කබලේ බැද ගත් තල ඇට ටික මදක් කොටා ගන්න.
  • දැන් තම්බා ගත් මුල් ඇද්දූ මුං ඇට ටික, උම්බලකඩ කුඩු, තක්කාලි, අමු මිරිස්, ලූණු ටික, කබලේ බැද ගෙන කොටා ගත් තල ඇට, සුදුලූණු සහ සිහින්ව ලියා ගත් අමු ඉඟුරු යන සියල්ල භාජනයකට දමන්න.
  • පසුව කුඩා භාජනයක් ගෙන එයට සෝයා සෝස් ටික, දෙහි යුෂ හා සීනි එකතු කර සීනි දිය වන තුරු හොඳින් මිශ්‍ර කර ගෙන මුල් ඇද්දූ මුං බීජ මිශ්‍රණයට් දමා ගන්න.
  • එයටම රස අනුව ලුණු සහ ගම්මිරිස් කුඩු එකතු කරන්න.
  • අන්තිමට තල තෙල් ටිකත් එයටම දමා ගෙන පොඩි නොවන සේ හොඳින් කලවම් කර ගෙන විනාඩි 20 - 30ක් පමණ තබා ගෙන රස විදින්න.

මේ තියෙන්නෙ පැල කර ගත්ත මුං ඇට.

මේ තල තෙල්. මේවනම් ඔයාලා දන්නවනේ.

 මේ සෝයා සෝස්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Newer Posts
Older Posts
Comment