About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Jack Fruit Stir Fry - කොස් තෙම්පරාදුව

අපි කොස් වලට දෙන වදයක් ඇත්තටම නේද? කිරි කොස් හදනවා, කොස් තම්බලා හදනවා, කොස් කූරු ගලා හදනවා, කොස් මැ…
Jack Fruit Stir Fry - කොස් තෙම්පරාදුව
අපි කොස් වලට දෙන වදයක් ඇත්තටම නේද? කිරි කොස් හදනවා, කොස් තම්බලා හදනවා, කොස් කූරු ගලා හදනවා, කොස් මැල්ලුම් හදනවා, තව අටු කොස් වලින් මැල්ලුම් හදනවා.. හපොයි! ඇයි තව එක එක පැතිවල අය කොස් හදන එක එක ක්‍රමත් තියෙනවනෙ. කොස් ගහ දන්නවනම් මෙච්චර වදයක් දෙනවා කියලා ගෙඩිවලට, අම්මපා පනා පතුරකින් වත් පලදාවක් දෙන්නෙ නෑ. "පනා පතුරු" කියන්නෙ අර කොස් ගස්වල මුලින්ම හැදෙන චූටි චූටි කොස් ගෙඩි වගේ ඒවටනෙ. ගොඩක් ඒවා පොඩි කාලෙදිම කලු පාට වෙලා කුණු වෙලා යනවා. ඉතුරුවෙන ඒවා ලොකු වෙලා තමයි කොස් ගෙඩි හැදෙන්නෙ. හා හා! කතා ඇති! කතා ඇති! ඔන්න දැන් කියලා දෙන්න හදන්නෙ තවත් අලුත් ක්‍රමයකට කොස් හදාගන්න විදිහක්. මෙච්චර කොස් හදන්න ක්‍රම තියෙන එකේ මෙන්න මෙයා තව ක්‍රමයක් උස්සන් ඇවිල්ලා නෙහ්. මේ කියලා දෙන්න හදන්නෙ කොස් තෙම්පරාදුවක් හදාගන්න විදිහ ඕන්න. බලන්නකෝ එහෙනම්..

අවශ්‍ය දේවල්:
  • කොස් මදුළු 250g
  • ලියා ගත් රතු ලූණු හෝ රට ලූණු 75g
  • අබ ඇට ස්වල්පයක්
  • කහ කුඩු ස්වල්පයක්
  • කඩා ගත් වියළි මිරිස් කරල් 3 - 4ක් (රස අනුව අඩු වැඩි කර ගන්න.)
  • ලුණු (රස අනුව)
  • උම්බලකඩ කුඩු මේස හැදි 1 - 2ක්
  • කරපිංචා කොළ
  • පොල්තෙල් මේස හැදි 2 - 3ක්

සාදා ගන්නා ආකාරය:
  • කොස් මදුළු ඇට ඉවත් කර සුද්ද කර ගෙන සෝදා දික් තීරු ලෙස කපා ගන්න.
  • පසුව එයට අවශ්‍ය ප්‍රමාණයට වතුර ටිකක් සහ ලුණු ස්වල්පයක් දමා තම්බා ගන්න. (බෙරි කර ගන්න එපා.)
  • පසුව සුදුසු භාජනයක් ලිප තබා එයට තෙල් දා ගෙන රත් වෙන්න තියන්න.
  • තෙල් රත් වුනු පසුව එයට අබ ටික දා ගෙන අබ පුපුරා ගන්න.
  • අබ පිපිරූ පසුව එයටම කරපිංචා කොළ හා කඩා ගත් වියළි මිරිස් කරල් එකතු කර මදක් බැදෙන්න දෙන්න.
  • ඉන් පසුව එයට ලූණු ටික සහ කහ කුඩු එකතු කර යන්තමින් තෙම්පරාදු කර ගන්න.
  • එයටම තම්බා ගත් කොස් ටික එකතු කර ගෙන හොඳින් කලවම් කර ගන්න.
  • රස අනුව ලුණු ද එකතු කර ගෙන තවත් විනාඩි 2 - 3ක් මද ගින්නේ කොස් ටික තෙම්පරාදු කර ගෙන ලිපෙන් බා ගන්න.

වැදගත්:
  • සැරට කැමති නම් අන්තිමට තවත් කෑලි මිරිස් ටිකකුත් එකතු කර ගන්න පුළුවන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment