About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Lunu dehi achcharu - ලුණු දෙහි අච්චාරු

අපේ සෙව්මි උපේක්ෂා මිතුරිය ඔයාලට කියලා දෙන්න කියලා "ලුණු දෙහි අච්චාරුවක්" හදන විදිහ අපිට …
Lunu dehi achcharu - ලුණු දෙහි අච්චාරු
අපේ සෙව්මි උපේක්ෂා මිතුරිය ඔයාලට කියලා දෙන්න කියලා "ලුණු දෙහි අච්චාරුවක්" හදන විදිහ අපිට එවලා තිබුණා. මේ ඒ ලිපිය. මේ කියලා දෙන්න යන්නෙ "ලුණු දෙහි" හදන විදිහ එහෙම නෙමේ. මේ කියලා දෙන්න යන්නෙ "ලුණු දෙහි" අච්චාරුවක් හදාගන්න විදිහ. මේක හදන්න අපිට "ලුණු දෙහි" ඕනෙ වෙනවා. ඉවුම් පිහුම් ඇප් එකේ මීට කලින් "ලුණු දෙහි" හදාගන්න විදිහ කියලා දුන්නනේ (ඇප් එකේ "වෙනත් ආහාර වර්ග" කියන කොටසේ චුට්ටක් බලන්නකෝ). බලන්නකෝ එහෙනම් ලුණු දෙහි අච්චාරු හදන්නේ කොහොමද කියලා..
 
අවශ්‍ය දේවල්:
  • ලුණු දෙහි 100g
  • අමු මිරිස් කරල් 35g
  • සාමාන්‍ය ප්‍රමාණයේ රට ලූණු ගෙඩි 2 - 3ක් පමණ
  • සීනි 50 - 75g (රස අනුව අඩු වැඩි කර ගන්න.)
  • මිරිස් කුඩු මේස හැදි 1 ½ ක් පමණ (රස අනුව අඩු වැඩි කර ගන්න.)
  • ගම්මිරිස් කුඩු තේ හැදි ½ - 1ක් පමණ (රස අනුව අඩු වැඩි කර ගන්න.)
  • අබ කුඩු තේ හැදි 1ක් පමණ (රස අනුව අඩු වැඩි කර ගන්න.)
  • කහ කුඩු ස්වල්පයක්
  • විනාකිරි අඬු කෝප්ප ½ - 1ක් පමණ (රස අනුව අඩු වැඩි කර ගන්න.)
  • ලුණු (රස අනුව)

සාදා ගන්නා ආකාරය:
  • මුලින්ම රට ලූණු හා අමු මිරිස් සෝදා පිරිසිදු කර ගෙන වතුර බේරීමට පැය භාගයක් පමණ පසෙකින් තිබෙන්න හරින්න.
  • පසුව අමු මිරිස් දෙකට පලා ගන්න.
  • එමෙන්ම රට ලූණු හතරට කපා ගන්න.
  • පසුව සුදුසු භාජනයකට විනාකිරි දා ගන්න.
  • එයටම සීනි, කහ කුඩු, මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, අබ කුඩු සහ රස අනුව ලුණු එකතු කර සීනි ටික දිය වන තුරු හොඳින් මිශ්‍ර කර ගන්න.
  • සීනි දිය වූ පසුව එයට ලුණු දෙහි ටික, අමු මිරිස් සහ රට ලූණු එක් කර ගෙන හොඳින් කලවම් කර ගන්න.
  • අවම පැය 3-4ක් පමණ එලෙසම තිබෙන්න හැර පසුව කෑමට ගන්න. (නැත්තම් පිරිසිදු වීදුරු බෝතලයක අසුරා ගෙන පසුව පාවිච්චියට ගත හැකියි.)

වැදගත්:
  • මෙය සති 1 ½ ක් පමණ ශීතකරණයකින් තොරව කල් තියා ගත හැකියි.
  • රට ලූණු වෙනුවට රතු ලූණු යොදා ගන්නවා නම් ගෙඩි පිටින්ම එකතු කරන්න.
  • මැටි වලදක් හා පොල් කටු හැන්දක් යොදා ගන්නවා නම් වඩාත් සුදුසුයි.
 
 ලුණු දෙහි





ලිපිය ලිව්වේ සෙව්මි උපේක්ෂා මිතුරිය. ඇයට බොහොම ස්තූතියි නේද අපි හැමෝටම මේ වගේ නොදන්න දෙයක් කියලා දුන්නට. බොහොම ස්තුතියි සෙව්මි!
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Newer Posts
Older Posts
Comment