About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Coconut Macaroons - පොල් මැකරෝනි

ඔයාලා ව්ගේම ඉවුම් පිහුම් ඇප් එක බලන අපේ සුපුරුදු මිතුරියක් පොල් මැකරෝනි හදන විදිහ අපිට එවලා තිබුණා.…
Coconut Macaroons - පොල් මැකරෝනි
ඔයාලා ව්ගේම ඉවුම් පිහුම් ඇප් එක බලන අපේ සුපුරුදු මිතුරියක් පොල් මැකරෝනි හදන විදිහ අපිට එවලා තිබුණා. මිතුරියගෙ නම තමයි චම්පා දුලාංජනී. ඔන්න බලන්නකෝ එහෙනම් අපේ මිතුරියගෙ වචන වලින්ම මේක හදන විදිහ. "මම අද පොඩි කෑමක් හැදුවා හිතුන යාලුවොත් එක්ක ඒක බෙදාගන්න. මේකෙ නම තමයි Coconut Macaroons. මේකට බොහොම පොඩි දෙවල් ටිකක් තමයි ඕනෙ. ඔන්න එහෙනම් ඕන දේවල්.."
අවශ්‍ය දේවල්:
  • උකු ටින් කිරි පොඩි ටින් 1
  • ගා ගත් පොල් 420g
  • වැනිලා තේ හැදි 1
  • බිත්තර සුදු මද 2
  • ලුණු තේ හැදි ¼

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම ගන්න ටිකක් ලොකු භාජනයක්.
  • ඒකට පොල්, ටින් කිරි, වැනිලා පිළිවෙලට එකතු කර ගන්න.
  • ඊට පස්සේ ඒ ටික ටිකක් හැන්දකින් කවලම් කර ගන්න.
  • ඊට පස්සේ වෙන භාජනයකට බිත්තර සුදුමද හා ලුණු එකතු කරගෙන හොදට බීට් කර ගන්න.
  • හොදට බීට් වුණාට පස්සේ ඒක අර කලින් හදා ගත්තු පොල් වලට එකතු කරගෙන හොදට කවලම් කර ගන්න.
  • ඊට පස්සෙ අයිස් ක්‍රිම් ස්කුප් එකකින් හරි හැදි දෙකකින් හරි (හැදි දෙකක් අත් දෙකට අරගෙන එක හැන්දකින් මිශ්‍රණයෙන් ටිකක් අරගෙන ඒක අනිත් හැන්දට මාරු කරන්න. ) බටර් තවර ගත්ත තෙල් කොළයක් දාපු තැටියකින් තියා ගන්න. (පැහැදිලි මදි වගේ නම් පින්තූර ටික බලන්න.)
  • ඊට පස්සෙ 160°C උෂ්ණත්වයට කලින් රත් කර ගත්ත අවන් එකට දාලා විනාඩි 25 -30 බේක් කර ගන්න.(සමහර විට අවන් එකිනෙකට වෙනස් නිසා උෂ්ණත්වයත් වෙලාවත් වෙනස් වෙන්න පුළුවන්, ඒක නිසා කර නොවෙන්න වග බලා ගන්න.)

පොටෝ ටිකත් බලන්නකෝ:
 මුලින්ම භාජනයක් ඇරගෙන ඒකට පොල්, ටින් කිරි, වැනිලා පිළිවෙලට එකතු කර ගන්න ඕනෙ.

 ඊට පස්සේ ඒ ටික ටිකක් හැන්දකින් කවලම් කර ගන්න. ඊට පස්සේ තව භාජනයකට බිත්තර සුදුමද හා ලුණු එකතු කරගෙන හොදට බීට් කර ගන්න ඕනෙ.

 බිත්තර සුදුමද හා ලුණු හොදට බීට් වුණාට පස්සේ ඒක අර කලින් හදා ගත්තු පොල් වලට එකතු කරගෙන හොදට කවලම් කර ගන්න.

 ඊට පස්සෙ අයිස් ක්‍රිම් ස්කුප් එකකින් හරි හැදි දෙකකින් හරි මිශ්‍රණයෙන් ටික ටික ඇරන් බටර් තවර ගත්ත තෙල් කොළයක් දාපු තැටියක තියාගෙන බේක් කරගන්න තමයි තියෙන්නෙ.

 මේ තියෙන්නෙ ඒ විදිහට හදාගත්ත පොල් මැකරෝනි.



මෙන්න මගෙනුත් චූටි දේවල් ටිකක්:
  • උකු ටින් කිරි පොඩි ටින් එකක් කියන්නේ මිල්ක්මේඩ් 390g පොඩි ටින් එකක් ඇති මේවා හදා ගන්න. (නැත්තම් වෙනත් කන්ඩෙන්ස්ඩ් මිල්ක්- condensed milk වර්ගක් වුනත් ගන්න පුළුවන්.)
  • ඩෙසිකේටඩ් පොල්- Desiccated coconut වලින් වුනත් මේවා හදා ගන්න පුළුවන්.
  • ටිකක් වෙනස් පාටකට හදා ගන්න ඕනේ නම් බිත්තර සුදුමද බීට් කරන කොට කැමති පාටකින් කලරින් (Coloring) බිංදු 1-2ක් වගේ දා ගන්න.
  • බිත්තර සුදුමද ෂිෆ්ට් පීක්- Shift Peak අවස්ථාවට පත් වන තුරු බීට් කරන්න. (වැඩි විස්තර සඳහා ඉවුම් පිහුම් ඇප් එකේ "අපි දැන ගත යුතු දේවල්" කියන කොටසේ, "ක්‍රීම් වර්ග, බිත්තර සුදුමද වගේ දේවල් නිවරැදිව බීට් කර ගමු" ලිපිය චුට්ටක් බලන්නකෝ.)




ලිපිය ලිව්වේ චම්පා දුලාංජනී මිතුරිය. ඇයට බොහොම ස්තූතියි නේද මේ වගේ රසම රස කෑමක් හදන විදිහ අපි ඔක්කොටම කියලා දුන්නට. එයා මේක අපිට එවලා ගොඩක් කල්. ඇප් එකට දාන්න නම් ටිකක් පරක්කු උනා. අපෙ මිතුරිය, අපිත් එක්ක තරහා වෙලා නැතුව ඇති කියලා හිතනවා.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment