About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Paneer Rice - පනීර් රයිස්

ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ පනීර් දාපු බත් එකක් හදන විදිහ. ඒ හින්දම පනීර් රයිස් කියලා තමයි කියන්නෙ …
Paneer Rice - පනීර් රයිස්
ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ පනීර් දාපු බත් එකක් හදන විදිහ. ඒ හින්දම පනීර් රයිස් කියලා තමයි කියන්නෙ මේවට. පනීර් කියන්නෙ චීස් වර්ගයක්. පනීර් ගොඩක්ම ජනප්‍රිය දකුණු ආසියානු රටවල් වල තමයි. මීට කලින් අපි ඉවුම් පිහුම් ඇප් එකේ පනීර් ගෙදරදීම හදන විදිහ කියලත් දුන්නනෙ. ඔන්න දැන් පනීර් ගෙදරදීම හදාගන්නත් පුලුවන් එකේ මේ බත් එකත් වෙලාවක හදලා බලන්න ඕනෙ එහෙනම්. හා හා.. කතා ඇති. බලන්නකෝ එහෙනම් මේ බත් එක හදාගන්නේ කොහොමද කියලා එහෙනම්.

අවශ්‍ය දේවල්:
  • බාස්මති සහල් 750g
  • අඹරා ගත් කුඩා ඉඟුරු කැබැල්ලක්
  • අඹරා ගත් සුදුලූණු බික් 2-3ක්
  • තලා ගත් කරදමුංගු (එනසාල්) ඇට 2-3ක්
  • කුරුඳු පොතු කැබැල්ලක්
  • කරාබු නැටි 1-2ක්
  • රම්පේ
  • බටර් මේස හැදි 4-6ක් පමණ
  • බත් ඉදීමට අවශ්‍ය ප්‍රමාණයට මස් තැම්බූ වතුර (Chicken Stock) හෝ චිකන් කියුබ් (Chicken Cub) දිය කර ගත් වතුර
  • චොප් කර ගත් සුදු ලූණු බික් 1-2ක්
  • පනීර් 500g
  • කුඩා කොටු හැඩයට කපා ගත් කැරට් 200g
  • පොඩියට කපා ගත් බෝංචී 150g
  • කපා ගත් ලූණු කොළ 75g
  • කරපිංචා
  • සිහින්ව ලියා ගත් රට ලූණු ගෙඩි 1
  • ලුණු (රස අනුව)
  • ගම්මිරිස් කුඩු ස්වල්පයක් (රස අනුව)
  • කහ කුඩු ස්වල්පයක් (කැමති නම් පමණක්)

සාදා ගන්නා ආකාරය:
  • මුලින්ම බාස්මති හාල් හොඳින් සෝදා වතුර පෙරා ගන්න.
  • පසුව බටර් මේස හැදි 2-3ක් රයිස් කුකර් (Rice cooker) එකට දමා රයිස් කුකර් එක ක්‍රියාත්මක (on) කරන්න.
  • බටර් ටික රත් වී දිය වී ගෙන එන විට එයට කරදමුංගු (එනසාල්) ඇට, කුරුඳු පොතු කැබැල්ල, කරාබු නැටි සහ රම්පේ එකතු කර යන්තමින් බැදෙන්න හරින්න.
  • දැන් එයටම අඹරා ගත් ඉඟුරු හා සුදුලූණු එක් කර යන්තමින් රන්වන් පාටට බැදෙන්න දෙන්න.
  • ඉන් පසුව එයටම සෝදා වතුර පෙරා ගත් හාල් ටික එකතු කර හොඳින් කලවම් කර විනාඩි 2-3ක් තෙම්පරාදු කර ගන්න.
  • පසුව මස් තැම්බූ වතුර හෝ චිකන් කියුබ් දිය කර ගත් වතුර බත් ඉදීමට අවශ්‍ය ප්‍රමාණයට දමා බත පිස ගන්න. (බත බෙරි කර ගන්න එපා)
  • රස අනුව ලුණු ටිකක් ද එකතු කර ගන්න.
  • බත් ඉදෙන අතර තුර ශීතකරණයේ තිබූ පනීර් ටික ගෙන කුඩා කොටු වලට කඩා ගෙන උණු වතුරට දමා විනාඩි 2-3ක් ගිල්වා තබන්න.
  • පසුව වතුර පෙරා ගෙන පනීර් ටික කුඩා කෑලි සිටින සේ කුඩු කර ගන්න.
  • දැන් සුදුසු භාජනයක් ලිප තබා එයට බටර් මේස හැදි 2-3ක් දමා ගන්න.
  • බටර් රත් වී ගෙන එන විට එයට කරපිංචා, චොප් කර ගත් සුදු ලූණු සහ රට ලූණු එකතු කර ලූණු ටික යන්තමින් මෘදු වන තුරු තෙම්පරාදු කර ගන්න.
  • එයටම කහ කුඩු ස්වල්පයක්, රස අනුව ලුණු හා ගම්මිරිස් කුඩු ස්වල්පයක් එක් කරන්න.
  • ඉන් පසුව එයට කැරට් ටික සහ බෝංචි ටික එකතු කර මදක් තැම්බෙන්න හරින්න.
  • දැන් එයටම කුඩු කර ගත් පනීර් ද එකතු කර හොඳින් කලවම් කර විනාඩි 2 ක් පමණ පිස ගෙන ලිපෙන් බා ගන්න.
  • ලිපෙන් බා ගත් පසුව එයට ලූණු කොළ එකතු කරන්න.
  • බත් ඉදුනු පසුව සාදා ගත් පනීර් මිශ්‍රණය එයට එකතු කර හොඳින් කලවම් කර ගෙන උණුවෙන්ම රස විදින්න.

වැදගත්:
  • කැමති නම් ගැඹුරු තෙලේ බැද ගත් කජු, වියළි මිදි (මුද්දරස්පලම්), හතු ආදි දෙයක් උඩින් ඉස ගෙන සරසා ගන්න පුළුවන්.
  • ඒ වගේම ඔබ කැමති නම් ලීක්ස් (ලූණු කොළ වෙනුවට), තම්බා ගත් ග්‍රීන් පීස්, බෙල් පෙපර් ආදී එළවළු වුනත් මෙයට එක් කර ගත හැකියි.
  • බත කහ පාට වෙනවට අකමැති නම් කහ කුඩු එකතු කරන්න එපා.

මේ තියෙන්නෙ පනීර් කුඩු කරගන්න විදිහ.

 මේ එළවළු මිශ්‍රණයට කුඩු කර ගත්ත පනීර් ටික එකතු කරනවා. බත් එක ඉදුනට පස්සෙ, හදාගත්ත පනීර් මිශ්‍රණය බත් එකට එකතු කරලා හොදට කලවම් කරගන්න ඕනෙ.

ඔන්න වැඩේ ඉවරයි! දැන් උණුවෙන්ම කන්න තමයි තියෙන්නෙ ඉතින්.







ලිපිය ලියන්න කරුණු ලබාගත්තා ezcookbook.net වෙබ් අඩවියෙනුත්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment