About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Boondi 2 - බූන්දී හදමු 2

අපේ මිතුරිය සෙව්මි, මේ ලගදී බූන්දි හැදුවලුනෙ. මේ පොටෝ වල තියෙන්නෙ ඇත්තටම එයා හදපු බූන්දි. ඉතිං එයා,…
Boondi 2 - බූන්දී හදමු 2
අපේ මිතුරිය සෙව්මි, මේ ලගදී බූන්දි හැදුවලුනෙ. මේ පොටෝ වල තියෙන්නෙ ඇත්තටම එයා හදපු බූන්දි. ඉතිං එයා, එයා බූන්දි හදපු විදිහ ඔයාලට කියලා දෙන්න කියලා අපිට එව්වා. ඔන්න බලන්නකෝ එහෙනම් සෙව්මි බූන්දි හැදුවෙ කොහොමද කියලා එයාගෙ වචන වලින්ම..

අවශ්‍ය දේවල්:
බූන්දි බැටර් එක සඳහා අවශ්‍ය දේවල්: (බැටර් එක කියන්නෙ බූන්දි හදන කොට අපි පිටිවලින් හදාගන්න මිශ්‍රණයට කියලා හිතාගන්නකෝ)
  • කඩල පිටි 100g
  • පාන් පිටි 400g
  • බේකින් පවුඩර් මේස හැදි 2 (Baking powder 25g)
  • පිටි කිරි අඬු කෝප්ප 3 (මද රස්නේ පිටින්)
  • කලරින් මේස හැදි 2-3 (ටිකක් වැඩිපුර ඕනේ, නැත්නම් පාට එන්නේ නෑ)
  • දෙහි යුෂ තේ හැදි 1
  • ලුණු ස්වල්පයක් (Pinch of salt)
  • මද උණුසුම් වතුර (ඕන වුනොත් විතරක්)
  • පොල්තෙල් බෝතල් 1/2 (බැද ගැනීමට)

සීනි පැණි සඳහා අවශ්‍ය දේවල්:
  • සීනී 400g
  • වතුර අඬු කෝප්ප 1 ½
  • දෙහි යුෂ මේස හැදි 2 - 3
  • කලරින් තේ හැදි 1

සාදා ගන්නා ආකාරය:
බූන්දි බැටර් එක සාදා ගන්නා ආකාරය:
  • මුලින්ම පිටි කිරි මේස හැදි 5ක් සහ සීනි මේස හැදි 2ක් නටපු උණු වතුර අඬු කෝප්ප 3ක දිය කර කිරි සාදා ගෙන ටිකක් නිවෙන්න තියන්න.
  • කිරි වලටම කලරින් ටිකත් දා ගෙන හොඳින් කලවම් කර ගන්න.
  • පාන් පිටි, කඩල පිටි, ලුණු හා බේකින් පවුඩර් එකට කලවම් කර දෙතුන් වරක් පෙනේරයකින් හලා ගන්න.
  • දැන් කිරි ටික මද රස්නය තිබිය දීම පිටි මිශ්‍රණයට දමා ගෙන කැටි නොසිටින සේ හොඳින් අනා ගන්න.
  • එයටම දෙහි යුෂ තේ හැන්දත් දා ගෙන හොඳින් මිශ්‍ර කරන්න. (ගොඩාක්ම උකු ගතියට නැති දියාරුත් නැති වෙන පදමට බැටර් එක සාදා ගන්න. අවශ්‍ය වුවහොත් මද රස්නෙන් වතුර ටිකකුත් දා ගෙන බැටර් එක සකස් කර ගන්න.)

සීනි පැණි එක සාදා ගන්නා ආකාරය:
  • සීනි සහ වතුර භාජනයකට දමා ගෙන ලිප තබා උණු කරන්න ගන්න.
  • සීනි ටික හොඳින් දිය වී පැණි මිශ්‍රණය නටා ගෙන එන විට ගින්දර අඩු කර පැණි ටිකක් උකු වන තුරු රත් කරන්න.
  • පසුව ලිප නිවා ගෙන එයට දෙහි යුෂ හා කලරින් මිශ්‍ර කරන්න.

බූන්දි සාදා ගන්නා ආකාරය:
  • තෙල් තාච්චියක් ලිප තබා එයට තෙල් දමා රත් කරන්න ගන්න.
  • තෙල් ටික රත් වෙන අතර තුර බූන්දි බැටර් එක පයිපින් බෑග් (Piping bag) එකකට පුරවා ගන්න.
  • තෙල් හොඳින් රත් වූ පසුව පයිපින් බෑග් එක ආදාරයෙන් බූන්දි බැටර් එක ටික ටික තෙලට වක් කර ගෙන තත්පර 10-15 වගේ දෙපැත්ත දමා ගැඹුරු තෙලේ බැද ගෙන බා ගන්න.
  • බා ගත් විගසම බූන්දි ටික සීනි පැණි එකට දමා කලවම් කර ගෙන තත්පර 20-30ක් පමණ පැණි වලම ගිල්වා තබන්න.
  • පසුව පැණි බේරා වෙනම භාජනයකට දමා ගන්න.

වැදගත්:

  • පැණි උණුවෙන්ම තිබිය දී බූන්දි දා ගන්න. පැණි නිවුනොත් බූන්දි වලට පැණි උරා ගන්නේ නඇහැ. පැණි නිවී ගෙන එන විට පොඩ්ඩක් රත් කර ගන්න.
  • බූන්දි ලිපෙන් බාපු ගමන් පැණි එකට දමා කලවම් කරන්න. තෙල් බේරෙන්න තියන්නේ නැහැ. බූන්දි නිවුනාමත් බූන්දි වලට පැණි උරා ගන්නේ නැහැ.
  • බූන්දි පැණි වලට දාමා ගොඩාක් වෙලා තියා ගන්න එපා. එවිට ඕනවට වඩා වැඩියෙන් පැණි උරා ගෙන බූන්දී පැණි වල පොඟනවා වගේ වෙනවා, එමෙන්ම පැණි රසත් ගොඩක් වැඩියි. ඒ නිසා තත්පර 20 - 30 ක් පමණ පැණි වල තබා ගත්තාම ඇති.
  • සීනි පැණි මිශ්‍රණය ටිකක් සාමාන්‍යයෙන් හදනවාට වඩා උකු ගතියට තියෙන්න ඕන.
  • බූන්දි බැටර් එක ගොඩාක්ම උකු ගතියට ගන්න එපා, දියාරු කරන්නත් එපා.
 
 මේ තියෙන්නෙ අපේ සෙව්මි මිතුරිය හදපු රසම රස බූන්දි.





ලිපිය ලිව්වේ සෙව්මි උපේක්ෂා මිතුරිය. එයත් ඔයාලා වගේම ඉවුම් පිහුම් ඇප් එක පාවිච්චි කරන කෙනෙක්නෙ. සෙව්මි මිතුරියට බොහොම ස්තූතියි එයාගෙ රහසුත් එක්කම බූන්දි හදන විදිහ අපි හැමෝටම කියලා දුන්නට.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment