About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Milk Caramel Pudding - මිල්ක් කැරමල් පුඩිං

ඔන්න ඔයාලා වගේම අපේ මේ ඉවුම් පිහුම් ඇප් එක බලන මිතුරියක්, "මිල්ක් කැරමල් පුඩිං" එකක් හදන …
Milk Caramel Pudding - මිල්ක් කැරමල් පුඩිං
ඔන්න ඔයාලා වගේම අපේ මේ ඉවුම් පිහුම් ඇප් එක බලන මිතුරියක්, "මිල්ක් කැරමල් පුඩිං" එකක් හදන විදිහ ඔයාලටත් කියලා දෙන්න කියලා අපිට එවලා තිබුනා. අපේ මිතුරියගෙ නම තමයි ශෆ්නා ෆර්සාන්. ඔන්න අපි හැමෝම අපේ අලුත් ශෆ්නා මිතුරියව ඉතාම ආදරයෙන් පිලිගන්නවා නේද! බලන්නකෝ එහෙනම් අපේ ශෆ්නා මිතුරියගෙ මිල්ක් කැරමල් පුඩිං එක කොහොමද හදන්නේ කියලා..

අවශ්‍ය දේවල්:
  • උකු කළ කිරි 390g (Condensed milk) - (පොඩි මිල්ක්මේඩ් ටින් 1ක් ගත්තනම් හරි)
  • බිත්තර 5
  • නැවුම් කිරි (Fresh milk) 350ml
  • සීනි කප් ½ (115g) හා මේස හැදි 4ක් (50g) වෙන වෙනම
  • වැනිලා එසන්ස් (Vanilla essence) තේ හැදි 1

සාදා ගන්නා ආකාරය:
  • මුලින්ම භාජනයකට සීනි මේස හැදි 4 සහ වතුර මේස හැන්දක් දමා සීනි දිය වී කැරමල් වන තුරු රත් කර පුඩිං එක බේක් කිරීමට යොදා ගන්නා භාජනයට හෝ තැටියට දමා ගෙන එහි පතුල සහ බිත්ති හොඳින් කැරමල් වලින් ආවරණය වන සේ කැරමල් දවටා ගෙන පසෙකින් තබන්න. (ඉක්මනින් උණුවෙන්ම බේක් කරන භාජනයේ හෝ තැටියේ කැරමල් තවරා ගන්න. නැත්තම් කැරමල් නිවෙන කොට හයි වෙන නිසා තවරා ගන්න බැරි වේවි.)
  • පසුව තවත් භාජනයක් ගෙන එයට බිත්තර 5 කඩා දමා ගෙන මදක් හැන්දකින් ගසා ගන්න.
  • එයටම උකු කළ කිරි (මිල්ක්මේඩ්), නැවුම් කිරි, සීනි සහ වැනිලා එසන්ස් එකතු කර හොඳින් මිශ්‍ර වන සේ ටිකක් හැන්දකින් ගසා ගෙන පෙරා ගන්න. (පෙරා ගැනීමෙන් පිලී රහ එන එක නවත්ත ගන්න පුළුවන්.)
  • දැන් කලින් සාදා ගත් "කැරමල් දවටා ගත් බේක් කරන භාජනයට" හෝ තැටියට පෙරා ගත් මිශ්‍රණය දමා ගෙන කලින් 200°C / 392°F උෂ්ණත්වයට රත් කර ගත් අවන් එකක විනාඩි 30ක් පමණ බේක් කර ගන්න.
  • මිල්ක් කැරමල් පුඩිං එක නිවුනු පසුව අනිත් පැත්ත හරවා ගන්න. (පරිස්සමින් හරවා ගන්න, නැත්නම් කැඩෙන්න පුළුවන්.)
  • පසුව පැය කිහිපයක් ශීතකරණයේ තබා ගෙන කූල් කර රස විදින්න.

වැදගත්:
  • ඉරටුවක් හෝ ටූත් පික් (Tooth pick) එකක් වැනි යමක් පුඩිං එකේ මැදට ගහලා හොදට බේක් වෙලා තියෙනව ද කියලා බලා ගන්න පුළුවන්. ඉරටුව පිරිසිදුව එනව නම් හොදට බේක් වෙලා. එහෙම නැතුව පුඩිං තැවරිලා ඉරටුව එනවා නම් බේක් වෙලා මදි, එහෙම නම් තව ටික වෙලාවක් බේක් කර ගන්න.
  • ඒ වගේම මේ පුඩිං එක ස්ටීම් කරලත් හදා ගන්න පුළුවන්.
  • වැඩිය පැණි රසට අකමැති නම් සීනි ප්‍රමාණය අඩු කර හෝ සීනි එකතු නොකර සාදා ගත හැකියි. (උකු කළ කිරි වලත් සීනි තියෙනවා නේ.)
  • ඔන්න තවත් මේ පුඩින් එක හදනකොට ගැටලු ආවොත්, චුට්ටක් ඉවුම් පිහුම් ඇප් එකේ "පුඩිං/ අතුරුපස වර්ග" කියන කොටසේ "ක්‍රීම් කැරමල් පුඩිම සහ කැරම්ල් පුඩිම් හදා ගැනීමේදී පැන නගින ගැටලු වලට පිලිතුරු" ලිපිය කියවන්නකෝ... 







මේ අහාර වට්ටෝරුව අපිට එව්වේ ශෆ්නා ෆර්සාන් මිතුරිය. ඇය අපිට අහාර වට්ටෝරුව එව්වේ ඉංග්‍රීසියෙන්. මේ ඒ අහාර වට්ටෝරුවේ සිංහලට කරපු පරිවර්තනය. අපිත් චූටි චූටි දේවල් ටිකක් දැම්ම ලිපියට. ඔන්න ඒකට අපේ මිතුරිය තරහා වෙන්නෙ නැතිවෙයි කියලා හිතෙනවා. මේ වගේ රසම රස පුඩිං එකක් හදන විදිහ අපිට කියලා දුන්නට, අපේ ශෆ්නා ෆර්සාන් මිතුරියට ස්තූතියි කියන්නත් අමතක කරන්න හොද නෑනෙ. ඔන්න අපේ මිතුරියට බොහොම ස්තූතියි!
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment