About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Moru - මෝරු

ඔන්න දැන් කියලා දෙන්න හදන්නෙ මෝරු හදන විදිහ. මේ අර මුහුදෙ ඉන්න මෝරු ගෙදර ඇති කරන ක්‍රමයක් එහෙම නෙමේ…
Moru - මෝරු
ඔන්න දැන් කියලා දෙන්න හදන්නෙ මෝරු හදන විදිහ. මේ අර මුහුදෙ ඉන්න මෝරු ගෙදර ඇති කරන ක්‍රමයක් එහෙම නෙමේ ඕන්. මේක ඉන්දියානු කෑමක්. ඉන්දියානුවන් බිරියානි එක්ක, චිකන් කරි එකක් එක්ක, රොටි.. පාන්.. කනවා නම් මේවා කන්න ගන්නවා. බලන්නකෝ එහෙනම් කොහොමද මෝරු හදන්නේ කියලා..

අවශ්‍ය දේවල්:
  • මී කිරි 500ml
  • සිහින්ව ලියා ගත් රතු ලූණු 100g
  • අඟල් 1/4ක පමණ ඉඟුරු පෙත්තක්
  • සිහින්ව කපා ගත් අමු මිරිස් කරල් 5-6ක්
  • කෑලි වලට කඩා ගත් වියළි මිරිස් කරල් 2-3ක්
  • කහ කුඩු ස්වල්පයක්
  • අබ ඇට තේ හැදි ¼ ක්
  • ලුණු දෙහි කැබැල්ලක් (කැමති නම් පමණක්)
  • උළුහාල් කුඩු ස්වල්පයක්
  • කරපිංචා කොළ
  • වතුර (අවශ්‍ය පදමට)
  • ලුණු (රස අනුව)
  • තෙල් ස්වල්පයක්

සාදා ගන්නා ආකාරය :
  • මුලින්ම මීකිරි ටික හැන්දකින් මදක් ගසා ගෙන ඔබට අවශ්‍ය ඝනකම ලැබෙන සේ වතුර එකතු කර හොඳින් මිශ්‍ර කර පසෙකින් තබා ගන්න.
  • දැන් භාජනයක් සාමාන්‍ය ගින්දරේ ලිප තබා එයට තෙල් දමා ගෙන රත් කරන්න ගන්න.
  • තෙල් රත් වී ගෙන එන විට එයට අබ ඇට දා ගෙන අබ පුපුරා ගන්න.
  • අබ පිපිරූ පසුව එයට උළුහාල් කුඩු, වියළි මිරිස්, රතු ලූණු, ඉඟුරු, අමු මිරිස් සහ කරපිංචා කොළ එක් කර විනාඩි 2 - 3ක් පමණ බැදෙන්න හරින්න.
  • ඉන් පසුව එයට රස අනුව ලුණු සහ කහ කුඩු එකතු කරන්න.
  • එයටම ලුණු දෙහි කැබැල්ල ද එකතු කරන්න. (ඔබ කැමති නම් පමණක්)
  • දැන් ලිපේ ගින්දර අඩු කර එයට මී කිරි මිශ්‍රණය එකතු කර හොඳින් නොනවතවා හැදි ගාමින් විනාඩි 5 - 7ක් පමණ මද ගින්නේ මෝරු රත් වන තුරු පිස ගෙන ලිපෙන් බාන්න. (නටවා ගන්න එපා, ටිකක් රත් වුනාම ඇති.)

වැදගත්:
  • මේ සඳහා මී කිරි (Curd) වෙනුවට ප්ලේන් යෝගට්(Plain yogurt) වුවත් භාවිතා කළ හැකියි.
  • එමෙන්ම මී කිරි හෝ ප්ලේන් යෝගට් භාවිතා නොකර මෙය බටර් මිල්ක් (Butter milk) යොදා ගෙන සාදා ගත හැකියි. (එවිට වතුර එකතු කරන්න එපා.)
  • කැමති නම් සීනි ස්වල්පයක් ද එකතු කර ගන්න පුළුවන්.
  • මෙය සාදා ගැනීමේන් අනතුරුව දවස් 3ක් පමණ ශීතකරණයේ තබා ගෙන ආහාරයට ගන්න පුළුවන්.
  • ඔබ මෙයට භාවිතා කරන මී කිරි / ප්ලේන් යෝගට් / බටර් මිල්ක් අනිවාර්යයෙන්ම කාමර උෂ්ණත්වයේ තිබිය යුතුයි. (එහෙම නැතනම් රත් කරන කොට ඉක්මනින් කැටි ගැහෙන්න පුළුවන්.)

මේ තියෙන්නෙ අන්තිමට හදලා ඉවර වුන මෝරු.







ලිපිය ලියන්න කරුණු ලබාගත්තා mariasmenu.com වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment