About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Chocolate Mousse - චොකලට් මූස්

ඔන්න දැන් කියලා දෙන්න හදන්නෙ චොකලට් වලින් රසම රස "මූස්" එකක් හදාගන්න විදිහ. "මූස්&qu…
Chocolate Mousse - චොකලට් මූස්
ඔන්න දැන් කියලා දෙන්න හදන්නෙ චොකලට් වලින් රසම රස "මූස්" එකක් හදාගන්න විදිහ. "මූස්" එකක් කියන්නෙ මොකක්ද කියලා නොදන්න අය මේක චොකලට් වලින් හදාගන්න රසම රස අතුරුපසක් කියලා හිතා ගන්නකෝ...
 
අවශ්‍ය දේවල්:
  • බිත්තර කහමද 5
  • සීනි මේස හැදි 4 (50g)
  • හෙවි ක්‍රීම් - Heavy Cream කප් 2 (475ml)
  • ඩාක් චොකලට් - Dark Chocolate (226g)
  • බටර් - Butter මේස හැදි 1 ½ ක් පමණ
  • වැනිලා එසන්ස් - Vanilla Essence තේ හැදි 1

සාදා ගන්නා ආකාරය:
  • මුලින්ම චොකලට් ටික කුඩා කැබලි වලට කඩා ගෙන එයට බටර් ටික එකතු කර ඩබල් බොයිල් ක්‍රමයට උණු කර චොකලට් ටික හොඳින් දිය කර ගන්න. (ඩබල් බොයිල් ක්‍රමය යනු, කුඩා බදුනක් සහ එම කුඩා බදුන ගිල්විය හැකි ප්‍රමාණයේ විශාල බදුනක් ගෙන, විශාල බදුනට වතුර දමා ලිප තබා කුඩා බදුන එම විශාල බදුනේ ගිල්වා ගෙන කුඩා බදුනෙහි යමක් උණු කර ගැනීමයි.)
  • පසුව බිත්තර කහමද සහ සීනි වලින් මේස හැදි 2ක් (25g) භාජනයකට දමා ගෙන හැන්දකින් හෝ විස්ක් එකකින් (Whisk) සීනි මදක් දිය වනතුරු අතින් ගසා ගන්න.
  • ඉන් පසුව එයටම හෙවි ක්‍රීම් වලින් කප් ¾ ක් (175ml ක් පමණ) එකතු කර මිශ්‍ර කර ගන්න.
  • දැන් ඩබල් බොයිල් ක්‍රමයට බිත්තර කහමද මිශ්‍රණය අඩු ගින්දරේ ලිප තබා සීනි හොඳින් දිය වී භාජනයේ බිත්ති වල මෙම මිශ්‍රණය තුනීයට ගැල්වී ආවරණය කරන සේ උකු වන තුරු විනාඩි 2-5ක් පමණ ගසා ගෙන (විස්ක් කර) ලිපෙන් බා ගන්න. (නටන තුරු උණු කරන්න යන්න එපා. භාජනයේ බිත්ති තුනීයට ආවරණය කරන ගානට උකු වුණාම ඇති.)
  • ලිපෙන් බා ගත් විගස එයටම දිය කර ගත් චොකලට් ටික සහ වැනිලා එසන්ස් දමා ගෙන අතින් ගසා ගන්න. (නැත්නම් විස්ක් කරන්න.)
  • දැන් සාදා ගත් චොකලට් මිශ්‍රණය නිවෙන්න හැර පසෙකින් තබා ගන්න.
  • ඒ අතරතුර ඉතුරි හෙවි ක්‍රීම් ටිකට ඉතිරි සීනි ටික එකතු කර වෙනත් භාජනයකට දමා ගෙන සීනි හොඳින් දිය වී ෂිෆ්ට් පීක් (Shift peaks) හැදෙන තුරු හොඳින් බීට් කර ගන්න. (ෂිෆ්ට් පීක් අවස්ථාවට පත් වන තුරු බීට් කරන්න දන්නෙ නැත්නම් ඉවුම් පිහුම් ඇප් එකේ "අපි දැන ගත යුතු දේවල්" කියන කොටසේ "ක්‍රීම් වර්ග, බිත්තර සුදුමද වගේ දේවල් නිවරැදිව බීට් කර ගමු" කියන ලිපිය චුට්ටක් බලන්නකෝ.. )
  • කලින් සාදා ගත් චොකලට් මිශ්‍රණය සම්පූර්ණයෙන්ම නිවුනු පසුව බීට් කර ගත් හෙවි ක්‍රීම් වලින් භාගයක් පමණ එයට දමා හොඳින් හැන්දකින් කලවම් කරන්න.
  • ඉන් පසුව එයටම ඉතුරු හෙවි ක්‍රීම් ටික දමා ගෙන යන්තමින් හැන්දකින් පෙරල ගනිමින් කලවම් කරන්න. (ඕනවට වඩා කලවම් කරන්න යන්න එපා, කේක් වලිදි පිටි එකතු කරන ආකාරයට යන්තමින් මිශ්‍ර කර ගත්තහම ඇති. නැත්තම් මූස් එක ඕනවට වඩා හයි වෙනවා.)
  • පසුව සුදුසු වීදුරු බෝල් එකකට හෝ පිළිගන් වන කප් වලට දමා කැමති විදියකට සරසා ගෙන අවම පැය 2-3ක් වත් ශීතකරණයේ තබා කූල් කර ගන්න.
  • පිළිගැන් වීමට කලින් විනාඩි 10ක් පමණ ශීතකරණයෙන් පිටත තබා ගන්න. (යන්තමින් කූල් එක තිබෙන ගානට)

වැදගත්:
  • මෙය සාදා ගෙන දවස් 3ක් පමණ ශීතකරණයේ තබා ගන්න පුළුවන්.
  • මේ සඳහා කොකෝවා ප්‍රමාණය 60% හෝ ඊට වැඩි ඩාක් චොකලට් භාවිතා කරන්න.
  • ඔබ භාවිතා කරන චොකලට් වර්ගයේ ප්‍රමිතිය අනුව මූස් එකේ රස සහ පැහැය වෙනස් විය හැකියි.
  • ලුණු රහිත බටර් භාවිතා කරන්න පුළුවන් නම් ගොඩක් හොදයි.
 
 මේ තියෙන්නෙ මේක හදන්න ගත්ත දේවල් වලින් ටිකක්.






ලිපිය ලියන්න කරුණු ලබාගත්තා marthastewart.com වෙබ් අඩවියෙනුත්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment