About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Kiri Kos Maluwa - කිරි කොස් මාළුව

කොළඹින්, නැත්නම් නගරබද පරිසරයෙන් ඈතට ඇතට යනකොට අපිට හම්බෙන තවත් එක රස කෑමක් තමයි මේ. අපේ ගම්වල අත්ත…
Kiri Kos Maluwa - කිරි කොස් මාළුව
කොළඹින්, නැත්නම් නගරබද පරිසරයෙන් ඈතට ඇතට යනකොට අපිට හම්බෙන තවත් එක රස කෑමක් තමයි මේ. අපේ ගම්වල අත්තම්මලා තමයි කිරි කොස් මාළුව හොදටම හදන්න දන්නෙ. මං ඉන්නෙත් ගමකනෙ. අපේ අත්තම්මාත් කිරි කොස් මාළුව හදනවා හරිම රසට. මේ කිරි කොස් මාළුව නම් ලිව්වෙ අත්තම්මාගෙන් අහගෙන නෙමේ. මේක ලිව්වෙ මගේ මිතුරියක්. අත්තම්මගෙන් අහගෙන අත්තම්මා කිරි කොස් මාළුව හදන විදිහ වෙලාවක ලියන්නම්කො. මෙහෙම හදලත් හරිම රසයි.
 
අවශ්‍ය දේවල්:
  • අමු කොස් මදුළු 500g (හොදින් පැහුනු මදුළු තමයි ගන්න ඕනෙ)
  • සිහින්ව කපා ගත් අමු මිරිස් කරල් 2-3ක්
  • සිහින්ව ලියා ගත් රතු ලූණු ගෙඩි 6-7ක්
  • කහ කුඩු ස්වල්පයක්
  • මිරිස් කුඩු තේ හැදි ½ ක් පමණ (කැමති නම් පමණක්)
  • තුනපහ කුඩු තේ හැදි ¾  ක් (රස අනුව අඩු වැඩි කර ගන්න)
  • කළු තුනපහ කුඩු ස්වල්පයක් (කැමති නම් පමණක්)
  • අබ කුඩු ස්වල්පයක්
  • කබලේ බැද ගත් උළුහාල් ඇට ස්වල්පයක්
  • කරපිංචා
  • රම්පේ
  • දිය කිරි අඬු කෝප්ප 1 ක් පමණ
  • මිටි කිරි අඬු කෝප්ප 1 ක් පමණ
  • ලුණු (රස අනුව)

සාදා ගන්නා ආකාරය:
  • මුලින්ම අමු කොස් මදුළු ටික සෝදා පිරිසිදු කර ගෙන මදක් සිහින් දික් තීරු ලෙස කපා ගන්න.
  • පසුව එයට කහ කුඩු, මිරිස් කුඩු, තුනපහ කුඩු, උළුහාල් ඇට සහ අබ කුඩු එක් කර අත ගා ගන්න.
  • එයටම රම්පේ, කරපිංචා, රතු ලූණු, අමු මිරිස් සහ දිය කිරි දමා සාමාන්‍ය ගින්දරේ ලිප තබා විටින් විට හැදි ගාමින් පියනකින් වසා ගෙන පිස ගන්න.
  • කිරි ටික නටා ගෙන එන විට ලිපේ ගින්දර ටිකක් අඩු කර කිරි හිදී ගෙන එන තුරු පිස ගන්න.
  • දැන් හොද්ද හිදී ගෙන එන විට මිටි කිරි ටික එකතු කර කිරි හිදෙන තුරු හැදි ගාමින් පිස ගෙන ලිපෙන් බා ගත් ගමන් කළු තුනපහ කුඩු ස්වල්පයක් උඩින් ඉස ගන්න.

වැදගත්:
  • කැමති නම් මිරිස් කුඩු එකතු නොකර වුනත් හදා ගන්න පුළුවන්.
  • කළු තුනපහ කුඩු කැමති නම් පමණක් උඩින් ඉස ගන්න.
  • කළු තුනපහ කියන්නේ බැදපු තුනපහ කුඩු වලට, තව කළු කුඩු කියලත් කියනවා.
 
 කොස් මදුළු ටික හොදට සුද්ද කරලා ගන්න.
 
 ඊට පස්සෙ කොස් මදුළු ටික කපාගන්න ඕනෙ මෙන්න මේ වගේ.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment