About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Custard lemon pie - කස්ටඩ් ලෙමන් පයි

ඔන්න දැන් මේ කියලා දෙන්න හදන්නේ පැණි රස වගේම ඒ එක්කම ටිකක් ඇඹුල් රසයකුත් දැනෙන අතුරුපසක් හදන විදිහ.…
Custard lemon pie - කස්ටඩ් ලෙමන් පයි
ඔන්න දැන් මේ කියලා දෙන්න හදන්නේ පැණි රස වගේම ඒ එක්කම ටිකක් ඇඹුල් රසයකුත් දැනෙන අතුරුපසක් හදන විදිහ. මේකට කියන්නෙ "කස්ටඩ් ලෙමන් පයි" කියලා. සමහර අයනම් අහලා ඇති ඕන්.

අවශ්‍ය දේවල්:
  • මාරි බිස්කට් 200g
  • ලුණු රහිත බටර් 120g
  • උකු කළ කිරි (Condensed milk) 390g (මිල්ක්මේඩ්- Milkmaid පොඩි ටින් 1ක්)
  • බිත්තර කහමද 5
  • ග්‍රේට් කර ගත් ලෙමන් පොතු (Lemon zest) තේ හැදි 1
  • ලෙමන් යුෂ (Lemon juice) 175ml
  • විපින් ක්‍රීම්(Whipping cream) 250ml

සාදා ගන්නා ආකාරය:
  • මුලින්ම මාරි බිස්කට් කුඩා කෑලි සිටින සේ කුඩු කර ගන්න. (ෆුඩ් ප්‍රොසෙසර්- food processor එකක් මඟින් හෝ ග්‍රයින්ඩර්- grinder එකක් මඟින් කර ගන්න පුළුවන් නම් ලේසියි.)
  • බටර් ටික භාජනයකට දමා ලිපේ තබා දිය කර ගන්න. (මයික්‍රෝවේව් අවන්- microwave oven එකකින් වුනත් කර ගන්න පුළුවන්.)
  • පසුව කුඩු කර ගත් මාරි බිස්කට් හා දිය කර ගත් බටර් එකතු කර අනා ගෙන අවන් එකේ බේක් කරන්න පාවිච්චි කරන තැටියක (tray- ට්‍රේ එකක) පතුල හා වටේ බිත්ති ආවරණය වන සේ තුනී තට්ටුවක් අතුරා ගන්න.
  • පසුව කලින් 177°C / 350°F උෂ්ණත්වයට රත් කර ගත් අවන් එකක විනාඩි 5-8ක් පමණ යන්තමින් රන්වන් පාට වන තුරු බේක් කර ගෙන නිවෙන්න තබන්න.
  • ඒ අතරතුර උකු කළ කිරි, බිත්තර කහමද, ග්‍රේට් කර ගත් ලෙමන් පොතු සහ ලෙමන් යුෂ භාජනයකට දමා හොඳින් මිශ්‍ර වන සේ හැන්දකින් ගසා ගන්න.
  • පසුව කලින් බේක් කර සාදා ගත් තැටියට මෙම මිශ්‍රණය පුරවා ගෙන කලින් 177°C / 350°F උෂ්ණත්වයට රත් කර ගත් අවන් එකක විනාඩි 8-12 ක් පමණ මිශ්‍රණය හයි වන තුරු බේක් කර විනාඩි 45 ක් පමණ නිවෙන්න හරින්න.
  • ඊළඟට විපින් ක්‍රීම් ටික භාජනයකට දමා හොඳින් බීට් කර ගන්න. (ෂිෆ්ට් පීක් - shift peak අවස්ථාවට පත් වන තුරු බීට් කරන්න. එහෙම බීට් කරගන්න දන්නෙ නැත්නම් මේ ඉවුම් පිහුම් ඇප් එකේ "අපි දැන ගත යුතු දේවල්" කියන කොටසේ "ක්‍රීම් වර්ග, බිත්තර සුදුමද වගේ දේවල් නිවරැදිව බීට් කර ගමු" කියන ලිපිය චුට්ටක් බලන්නකෝ.)
  • බේක් කර ගත් කස්ටඩ් ලෙමන් පයි එක සම්පූර්ණයෙන්ම නිවුනට පස්සෙ විපින් ක්‍රීම් ටික උඩින් දාලා සරසා ගන්න. ඊට පස්සෙ පැය 1 ½ - 3ක් විතර ෆ්‍රිජ් එකේ තිය්න්න ඕනෙ. අන්තිමට ලොකුම ලොකු කෑල්ලක් කපාගෙන කන්න තමයි තියෙන්නෙ.

වැදගත්:
  • විපින් ක්‍රීම් (Whipping cream), ලුණු රහිත බටර් (Unsalted butter) සහ උකු කළ කිරි (Condensed milk) ආපිකෝ (Arpico), ෆුඩ්සිටි (Food City) වගේ සුපිරි වෙළඳ සැල් වලින් ගන්න පුලුවන් ඔයාලට.

පල්ලෙ පොටෝ ටිකත් බලන්නකෝ: 

 මේ තියෙන්නේ අපි ගත්ත විපින් ක්‍රීම්, ලුණු රහිත බටර් සහ උකු කළ කිරි.

 ලෙමන්

 මේ තියෙන්නේ ග්‍රේට් කර ගත් ලෙමන් පොතු. කොහොම හරි ලෙමන් පොතු ටිකක් පොඩියට ගාගත්තනම් ඇති.

 
 මේ තියෙන්නෙ හදලා ඉවර වෙලා කෑල්ලකුත් කැපුවට පස්සෙ.
    විපින් ක්‍රීම් ටික උඩින් දාලා ඔයාලා කැමති විදිහට සරසා ගන්න. පස්සෙ ඉතිං තනියම ලොකුම ලොකු කෑල්ලකට වග කියන්න තමයි තියෙන්නෙ. මේ කෑල්ලනම් මදි නෙහ්?








    ලිපිය ලියන්න කරුණු ලබාගත්තා thehippietriathlete.com වෙබ් අඩවියෙනුත්.
    wikitech.xyz
    wikitech.xyz

    Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

    Article Tag
    Newer Posts
    Older Posts
    Comment