About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Mushroom Curry - බිම්මල් ව්‍යංජනක්

මීට කලිනුත් ඉවුම් පිහුම් ඇප් එකේ බිම්මල් ව්‍යංජන හදන විදිහ කියලා දීලා තියෙනවනෙ. බිම්මල් කියන්නෙ කවු…
Mushroom Curry - බිම්මල් ව්‍යංජනක්
මීට කලිනුත් ඉවුම් පිහුම් ඇප් එකේ බිම්මල් ව්‍යංජන හදන විදිහ කියලා දීලා තියෙනවනෙ. බිම්මල් කියන්නෙ කවුරුත් කන්න කැමති දෙයක් හින්දා ඔන්න දැන් තවත් විදිහකට බිම්මල් ව්‍යංජනක් හදාගන්න විදිහ තමයි කියලා දෙන්න යන්නෙ. නියම රසට බිම්මල් උයා ගත්තොත්, කෑම වේලකට වෙන මොනවත්ම ව්‍යංජන නම් ඕනෙ වෙන්නෙ නෑ.
 
අවශ්‍ය දේවල්:
  • බිම්මල් 350g
  • කපාගත් රතුලූනු 50g
  • කපාගත් අමු මිරිස් කරල් 04
  • සුදුලූනු බික් 04
  • කරපිංචා කිනිත්තක්
  • තුන පහ කුඩු තේ හැඳි 1/2
  • මිරිස් කුඩු තේ හැදි 1ක් හෝ 1 1/2ක්
  • තක්කාලි ගෙඩි 01
  • පදමට ලුණු
  • තෙල් මේස හැඳි 02
  • මිටි කිරි අඩු කෝප්ප 01

සාදාගන්නා ආකාරය:
  • බිම්මල් තරමක ලොකු කෑලි වලට කපාගන්න.
  • මැටි වලඳක් ලිප තබා එයට තෙල් එක්කර රත්වන විට රතුලුනු, සුදු ලූනු, අමු මිරිස්, රම්පේ, කරපිංචා දමා තෙම්පරාදු කරගන්න.
  • දැන් මෙයට මිරිස් කුඩු, තුනපහ එකතු කර විනාඩි 02ක් පමණ තෙම්පරාදු කර කපාගත් බිම්මල් ද එක්කර තවත් විනාඩි 04 ක් පමණ තෙම්පරාදු කර මිටිකර දමා හින්දවා ලිපෙන් ඉවතට ගන්න.





ලිපිය ලබාගත්තේ vattoru.blogspot.com වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment