About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Mango Pickles - අඹ අච්චාරුවක් හදමු

ඔන්න දැන් රසම රස අඹ අච්චාරුවක් හදාගන්න විදිහ තමයි කියලා දෙන්න යන්නෙ. කෙළ ගිලලා අහුවෙනවා එහෙම නෙමෙයි…
Mango Pickles - අඹ අච්චාරුවක් හදමු
ඔන්න දැන් රසම රස අඹ අච්චාරුවක් හදාගන්න විදිහ තමයි කියලා දෙන්න යන්නෙ. කෙළ ගිලලා අහුවෙනවා එහෙම නෙමෙයි! මතකද ඉස්සර අම්මා හදලා දුන්න අඹ අච්චාරුවක් එහෙම? ඔන්න එහෙනම් ආපහු ගම පැත්තෙ ගිහිල්ලා එන්න කාලෙ හරි. දෙසැම්බර් නිවාඩු කාලෙත් ආවනෙ. නුවර වැව රවුමේදී, ගෝල් ෆේස් එකේදී ගන්න පුලුවන් "මිරිස් කුඩු, ලුණු කුඩු දාපු අඹ" තියෙන්නෙ, අන්න ඒවා වගේම තමයි මේ අච්චාරුවත්. හැබැයි අපි මේකට විනාකිරි, සීනි එහෙම චුට්ටකුත් දානවා.

අවශ්‍ය දේවල්:
  • භාගෙට ඉදුණු අඹ ගෙඩියක්
  • කෑලි මිරිස් තේ හැදි 1ක්
  • මිරිස් කුඩු තේ හැඳි 01ක්
  • විනාකිරි තේ හැඳි 01ක්
  • ලුණු තේ හැඳි 01ක්
  • සීනි තේ හැඳි 01ක්

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම අඹ ගෙඩියෙ පොත්ත ඉවත් කරලා කුඩා කැබලි වලට කපා ගන්න ඕනෙ.
  • ඊට පස්සෙ මිරිස් කුඩු, කෑලි මිරිස්, සීනි, විනාකිරි, ලුණු දාලා හොදට මිශ්‍ර කරගන්න ඕනෙ. ඔච්චරයි. වැඩේ ඉවරයි.
 ඉදුණු අඹ ගන්න නිසා හරිම රසයි අච්චාරුව. කෙළ ගිලිනවා එහෙම නෙමෙයි ඕන්!






ලිපිය ලබාගත්තේ freshfood.lk වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Newer Posts
Older Posts
Comment