About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Tamarind Chutney - සියඹලා චට්නි

හදමුද සියඹලා චට්නියක්? මේක ටිකක් වෙනස් චට්නියක්, ඒ කියන්නේ පැණි රස තරමටම ඇඹුල් රසත් තියෙන අපි හැමදා…
Tamarind Chutney - සියඹලා චට්නි
හදමුද සියඹලා චට්නියක්? මේක ටිකක් වෙනස් චට්නියක්, ඒ කියන්නේ පැණි රස තරමටම ඇඹුල් රසත් තියෙන අපි හැමදාම හදන චට්නි වලට වඩා ටිකක් වෙනස් විදියේ චට්නියක්. සියඹලා එහෙම තියෙනවනම් හොයාගන්න, මේක හදන්නෙ නැතුව ඉන්නවා එහෙම නෙමෙයි ඕන්!
 
අවශ්‍ය දේවල්:
  • සියඹලා 750g
  • රටඉඳි 500g
  • සීනි 500g
  • අබ තේ හැදි 2 ½
  • වියළි මිරිස් කරල් 12-15ක් පමණ
  • අඟල් 1 ½ ක පමණ ඉඟුරු කැබැල්ලක්
  • සුදුලූණු බික් 4-5ක්
  • විනාකිරි 450ml
  • ලුණු (රස අනුව)
  • ගම්මිරිස් කුඩු ස්වල්පයක්

සාදා ගන්නා ආකාරය:
  • මුලින්ම රටඉඳි වල ඇට ඉවත් කර සෝදා කුඩා කෑලි වලට කපා ගන්න.
  • පසුව අබ, ඉඟුරු, සුදුලූණු සහ වියළි මිරිස් කරල් වලට විනාකිරි වලින් ටිකක් එකතු කර හොඳින් අඹරා ගන්න. (නැත්නම් බ්ලෙන්ඩර් කර ගන්න.)
  • ඉන් පසුව ඉතිරි විනාකිරි වලින් ටිකක් සියඹලා වලට දමා ගෙන සියඹලා බොරය සම්පූර්ණයෙන්ම විනාකිරිවල දිය කර ගෙන ඇට හා පොතු පෙරා ගෙන ඉවත් කර ගන්න.
  • දැන් සුදුසු භාජනයක් මද ගින්නේ ලිප තබා එයට ඉතිරි විනාකිරි ඔක්කොම දමා ගන්න.
  • විනාකිරි රත් වී ගෙන එන විට එයට සීනි ටික, රස අනුව ලුණු සහ රටඉඳි ටික එකතු කරන්න.
  • සීනි හොඳින් දිය වී නටා ගෙන එන විට එයට සියඹලා බොර ටික එකතු කර හොඳින් හැදි ගාමින් ටික වෙලාවක් පිස ගන්න.
  • පසුව එයටම අඹරා ගත් බ්ලෙන්ඩර් කර ගත් මිශ්‍රණය සහ ගම්මිරිස් කුඩු එකතු කර නොනවත්වා හැදි ගාමින් චට්නිය හොඳින් උකු වන තුරු පිස ගන්න.
  • නිවුනු පසුව පිරිසිදු වීදුරු බෝතලයකට දමා ගන්න.

වැදගත්:
  • මැටි වලදක් සහ පොල් කටු හැන්දක් පාවිච්චි කරන්න පුළුවන් නම් වඩාත් හොදයි.
  • සීනි සහ විනාකිරි ප්‍රමාණය ඔබේ රස අනුව අඩු වැඩි කර ගත හැකියි.
  • මෙය ශීතකරණයකින් තොරව සති 2ක් පමණ කල් තබා ගන්න පුළුවන්.
 මේ තියෙන්නෙ අපි හැමෝම දන්න සියඹලා.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Newer Posts
Older Posts
Comment