About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Apple Purée Mousse - ඇපල් පියුරී මූස්

මීට කලින් අපි වරකා වලින් මූස් එකක් හැදුවා මතකයි නේද? ඇයි වරකා වලින් මූස් හදන්න ගිහිල්ලා අපි හරක් එහ…
Apple Purée Mousse - ඇපල් පියුරී මූස්
මීට කලින් අපි වරකා වලින් මූස් එකක් හැදුවා මතකයි නේද? ඇයි වරකා වලින් මූස් හදන්න ගිහිල්ලා අපි හරක් එහෙමත් දැක්කුවෙ. ඔන්න දැන් ඔයාලට කියලා දෙන්න යන්නෙ ඇපල් වලින් රසම රස මූස් එකක් හදාගන්න විදිහ. බලන්නකෝ එහෙනම් හදන විදිහ.

අවශ්‍ය දේවල්:
  • රතු ඇපල් ගෙඩි 4ක්
  • සීනි 150g
  • ඇපල් යුෂ (Apple juice) මේස හැදි 5ක්
  • වතුර අඬු කෝප්ප 1 ½ ක් පමණ (ඇපල් ටික තැම්බීමට අවශ්‍ය ප්‍රමාණය වතුර)
  • දෙහි ගෙඩි 1 ½ ක යුෂ
  • කුඩා කුරුඳු පොත්තක්
  • විපින් ක්‍රීම් (Whipping cream) 250ml
  • ජෙලටින් පවුඩර් (Gelatin powder) 7g (තේ හැදි 2 ක් පමණ)
  • උණු වතුර ස්වල්පයක් (ජෙලටින් දිය කර ගැනීමට)
  • රතු හෝ කැමති පාටකින් පාට කලරින් (Food coloring) බිංදු 1-2ක් (කැමති නම් පමණක්)

සාදා ගන්නා ආකාරය:
  • මුලින්ම ඇපල් ගෙඩි වල පොතු හැර සෝදා ගෙන කුඩා කෑලි වලට කපා භාජනයකට දමා ගන්න.
  • පසුව එයට වතුර, ඇපල් යුෂ, සීනි, කුරුඳු පොතු කැබැල්ල සහ දෙහි යුෂ එකතු කර ලිපේ තබා ගන්න.
  • ඇපල් ටික හොඳින් තැම්බුනාට පසුව ලිපෙන් බා ගෙන වතුර පෙරා පසෙකින් තබා ගෙන නිවෙන්න හරින්න. (කුරුඳු පොතු කැබැල්ල ඉවත් කරන්න.)
  • පසුව උණු වතුර ටිකක ජෙලටින් ටික දිය කර ගන්න.
  • ඇපල් ටික නිවුනු පසුව බ්ලෙන්ඩරයකට දමා ගන්න.
  • එයටම දිය කර ගත් ජෙලටින් ටික හා කලරින් එකතු කර හොඳින් බ්ලෙන්ඩර් කර ගන්න.
  • දැන් වෙනම භාජනයක විපින් ක්‍රීම් ටික හොඳින් බීට් කර ගන්න. (ෂිෆ්ට් පීක්- ශිෆ්ට් පේක් වෙන්කන් බීට් කරන්නයි ඕනෙ. එහෙම බීට් කරන්න දන්නෙ නැත්නම් අපේ මේ ඉවුම් පිහුම් ඇප් එකේ "අපි දැනගත යුතු දේවල්" කියන කොටසේ "ක්‍රීම් වර්ග, බිත්තර සුදුමද වගේ දේවල් නිවරැදිව බීට් කර ගමු" කියලා ලිපියක් දාලා තියෙනවා. අන්න ඒ ලිපිය චුට්ටක් බලන්නකෝ. ඒක ගොඩක් වැදගත් වෙයි ඔයාට.)
  • ඉන් පසුව බීට් කරගත් විපින් ක්‍රීම් ටික බ්ලෙන්ඩර් කරගත් ඇපල් වලට හොඳින් කලවම් කර අවම පැය 3-4ක් වත් ශීතකරණයේ තබා ගන්න.
  • අවසානයේ දී කැමති ආකාරයකට සරසා ගෙන පිළිගන් වන්න.

වැදගත්:
  • මේ සඳහා වෙළඳ පොලේ තිබෙන ඇපල් පියුරී (Apple Purée) ද යොදා ගත හැකියි.
  • ඇපල් යුෂ භාවිත නොකර වුනත් මෙය සකස් කර ගන්න පුළුවන්.
  • සීනි ප්‍රමාණය තම තමන්ගේ රස අනුව අඩු වැඩි කර ගත හැකියි.
  • විපින් ක්‍රීම් (Whipping cream), ජෙලටින් පවුඩර් (Gelatin powder) සුපිරි වෙළඳ සැල් වලින් (Arpico, Food City ආදී) මිලදී ගන්න පුළුවන්.

    අපි මේකට ගන්නෙ රතු ඇපල්.
    wikitech.xyz
    wikitech.xyz

    Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

    Article Tag
    Newer Posts
    Older Posts
    Comment