About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Devilled Mushrooms - හතු ඩෙවල්

ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ හතු ඩෙවල් එකක් දා ගන්න විදිහ. ඔය උඩින් දාලා තියෙන්නෙ තල ඇට. තල ඇට? ඔව් …
Devilled Mushrooms - හතු ඩෙවල්
ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ හතු ඩෙවල් එකක් දා ගන්න විදිහ. ඔය උඩින් දාලා තියෙන්නෙ තල ඇට. තල ඇට? ඔව් ඔව්.. මේක හදනකොට අපි ඒවත් දානවනෙ. බලන්නකෝ එහෙනම් මේ හතු ඩෙවල් එක හදන්නේ කොහොමද කියලා..
අවශ්‍ය දේවල්:
  • හතු 200g
  • කඩල පිටි 100g
  • බේකින් පවුඩර් (Baking Powder) තේ හැදි ½
  • කහ කුඩු ස්වල්පයක්
  • ලුණු (රස අනුව)
  • මිරිස් කුඩු (රස අනුව)
  • ගම්මිරිස් කුඩු (රස අනුව)
  • පොල් තෙල් (හතු බැද ගැනීමට)
  • බටර් මේස හැදි 2-3ක්
  • අඹරා ගත් ඉඟුරු තේ හැදි 1 ½
  • අඹරා ගත් සුදුලූණු තේ හැදි 1 ½
  • කැලි මිරිස් ටිකක් (රස අනුව)
  • කබලේ යන්තමින් බැද ගත් තල ඇට (Sesame seeds) මේස හැන්දක්
  • මස් තම්බා ගත් වතුර (Chicken stock) අඬු කොප්ප ¾
  • ඉරිඟු පිටි (Corn flour- කෝන් ෆ්ලා) තේ හැදි 1
  • සීනි තේ හැඳි 1ක් පමණ
  • සෝයා සෝස් මේස හැදි 2
  • තක්කාලි සෝස් මේස හැදි 5
  • ඔයිස්ටර් සෝස් මේස හැදි 1

සාදා ගන්නා ආකාරය:
  • මුලින්ම හතු ටිකක් ලොකු කෑලි වලට ඉරා ගෙන ලුණු සහ කහ කුඩු මිශ්‍ර මදක් උණුසුම් වතුරේ විනාඩි 10ක් පමණ තබා ගෙන සෝදා ගෙන වතුර බේරීමට පැය භාගයක්- පැයක් පමණ පසෙකින් තබා ගන්න. (වතුර මිරිකන්න එපා, එතකොට හතු පොඩි වෙනවා.)
  • පසුව කඩල පිටි ටික භාජනයකට දමා එයට බේකින් පවුඩර් එතකු කර හොඳින් කලවම් කරන්න.
  • එයටම රස අනුව ලුණු කුඩු, ගම්මිරිස් කුඩු සහ මිරිස් කුඩු එකතු කර මිශ්‍ර කර ගන්න.
  • දැන් එයටම වතුර ටික ටික එකතු කරමින් කැටි නොසිටින සේ මිශ්‍ර කර ගෙන උකු ඝනකම් බැටර් එකක් සාදා ගන්න.
  • දැන් තෙල් තාච්චියක් සාමාන්‍ය ගින්දරේ ලිප තබා එයට පොල් තෙල් ටික දමා රත් වෙන්න තබන්න.
  • තෙල් හොඳින් රත් වූ විට ලිපේ ගින්දර අඩු කර ගෙන හතු කැබලි ටික එකින් එක බැටර් එකේ දවටමින් මද ගින්නේ ගැඹුරු තෙලේ රන්වන් දුඹුරු පාට වන තුරු බැද ගෙන තෙල් බේරීමට පසෙකින් තබා ගන්න.
  • දැන් වෙනත් භාජනයක් සාමාන්‍ය ගින්දරේ ලිප තබා එයට බටර් ටික දා ගන්න.
  • බටර් රත් වී ගෙන එන විට එයට ඉඟුරු හා සුදුලූණු එකතු කර යන්තමින් බැදෙන්න හරින්න.
  • ඉන් පසුව එයට සෝයා සෝස්, තක්කාලි සෝස් සහ ඔයිස්ටර් සෝස් දමා ගන්න.
  • රස අනුව ලුණු ස්වල්පයක් හා ගම්මිරිස් කුඩු ටිකක් ද එකතු කරන්න. (සෝස් වර්ග වලද ලුණු තිබෙන නිසා ලුණු එකතු කිරීමේදී සැලකිලිමත් වන්න.)
  • සෝස් මිශ්‍රණය බුබුළු දමමින් නටා ගෙන එන විට එයට ඉරිඟු පිටි (කෝන් ෆ්ලා) ටික මස් තැම්බූ වතුරේ දිය කර ගෙන එකතු කරන්න.
  • එයටම සීනි, කෑලි මිරිස් සහ තල ඇට ටික ද එකතු කර සීනි දිය වන තුරු පිස ගන්න.
  • මිශ්‍රණය ඝන වී ගෙන එන විට එයට කලින් ගැඹුරු තෙලේ බැද ගත් හතු ටික එකතු කර හොඳින් මිශ්‍ර හරන්න.
  • තවත් විනාඩියක් පමණ පිස ගෙන ලිපෙන් බා ගෙන උණුවෙන්ම රස විදින්න.
 
 හදලා ඉවර උනහම තමයි මේ..
 
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment