About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Snake gourd curd salad - ළපටි පතෝල මී කිරි සලාදය

ළපටි පතෝල, ඒ වගේම මී කිරි එකට දාලා සලාදයක් හදාගන්න විදිහ තමයි දැන් කියලා දෙන්න යන්නෙ. මී කිරි නැත්න…
 Snake gourd curd salad - ළපටි පතෝල මී කිරි සලාදය
ළපටි පතෝල, ඒ වගේම මී කිරි එකට දාලා සලාදයක් හදාගන්න විදිහ තමයි දැන් කියලා දෙන්න යන්නෙ. මී කිරි නැත්නම්, ප්ලේන් යෝගට් යොදාගන්න පුලුවන් ඔයාලට මේකට.
 
අවශ්‍ය දේවල්:
  • ළපටි පතෝල 300g
  • මුදවපු මී කිරි අඬු කෝප්ප ½
  • සිහින්ව ලියා ගත් රතු ලූණු 100g
  • සිහින්ව කපා ගත් අමු මිරිස් කරල් 6-7ක්
  • කබලේ බැද ගත් සූදුරු තේ හැදි ¼
  • සිහින් පෙති කපා ගත් සාමාන්‍ය ප්‍රමාණයේ තක්කාලි ගෙඩි 1
  • ගම්මිරිස් කුඩු (රස අනුව)
  • ලුණු (රස අනුව)
  • දෙහි යුෂ (රස අනුව)
  • වියළි මිදි / මුද්දරස්පලම් 30g (කැමති නම් පමණක්)

සාදා ගන්නා ආකාරය:
  • මුලින්ම ළපටි පතෝල ටික හොඳින් සෝදා පිරිසිදු කර ගෙන හීනියට කපා ගන්න.
  • දැන් එයට රතු ලූණු, අමු මිරිස් හා තක්කාලි ටික දමා ගෙන පොඩි නොවන සේ කලවම් කරන්න.
  • පසුව මී කිරි වලට සුදුරු ටික, රස අනුව ලුණු, රස අනුව ගම්මිරිස් කුඩු සහ රස අනුව දෙහි යුෂ එකතු කර ගන්න.
  • ඊට පස්සේ මී කිරි මිශ්‍රණය පතෝල මිශ්‍රණයට හොඳින් කලවම් කර ගන්න.
  • ඉන් පසුව වියළි මිදි මුද්දරස්පලම් ටික උඩින් ඉස ගෙන පිළිගන් වන්න.

වැදගත්:
  • කැමති නම් වියළි මිදි / මුද්දරස්පලම් එකතු කර ගන්නේ නැතුව වුණත් සකස් කර ගන්න පුළුවන්.
  • මී කිරි නැත්නම් ඒ වෙනුවට ප්ලේන් යෝගට් (Plain yogurt) පාවිච්චි කර ගත් හැකියි.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Newer Posts
Older Posts
Comment