About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Parmesan Crackers - පාර්මසාන් ක්‍රැකර්ස්

අපේ තිෂාරා මිතුරිය මේ පාර ඔන්න ඔයාලට බිස්කට් වර්ගයක් හදන විදිහ තමයි කියලා දෙන්න යන්නෙ. මේක හදන්න නම…
Parmesan Crackers - පාර්මසාන් ක්‍රැකර්ස්
අපේ තිෂාරා මිතුරිය මේ පාර ඔන්න ඔයාලට බිස්කට් වර්ගයක් හදන විදිහ තමයි කියලා දෙන්න යන්නෙ. මේක හදන්න නම් ගොඩක් වෙලා යන්නෙ නෑ. ඒ වගේම තමයි ගොඩක් දේවල් ඕන වෙන්නෙත් නෑ මේක හදන්න. පාර්මසාන් චීස් ටිකක් තමයි ඔයාලට හොයාගන්න අමාරු උනොත් අමාරු වෙන එකම දේ. ඔන්න බලන්නකෝ එහෙනම් අපේ මිතුරියගෙ වචන වලින්ම මේ බිස්කට් හදන විදිහ.
 
අවශ්‍ය දේවල්:
  • බටර් 180g
  • ග්‍රේට් කරගත් පාර්මසාන් චීස් 180g (Parmesan)
  • පිටි 250g (Plain flour)

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම අවන් එක 180°C ට රත් කරගෙන තියාගන්න.
  • බටර් ටික වෙනම දිය කරගන්න.
  • දිය කරගත් බටර් ටිකට පිටි, ග්‍රේට් කරගත් පාර්මසාන් චීස් ටික දාලා කලවම් කරගන්න. හොදින් මිශ්‍ර කරගත්තට පස්සේ පැයක් ෆ්‍රිජ් එකේ තියන්න.
  • තෙල් කොලයක් උඩ හදාගත්ත මිශ්‍රනය (ඩෝ එක) තියලා ඊට උඩින් තව තෙල් කොලයක් තියාගෙන රෝලින් පින් එකකින් රෝල් කරගන්න.
  • බිස්කට් කටර් එකකින් රවුම් කපාගන්න. (බිස්කට් කටර් එකක්ම ඕනෙ නෑ. මොකක් හරි රවුම් හැඩයක් පාවිච්චි කරලා බිස්කට් ටික රවුමට කපාගන්නයි ඕනෙ)
  • අනිතිමට බේකින් ට්‍රේ එකක තියලා විනාඩි 15ක් බිස්කට් ටික රන්වන් පාට වෙනකන් බේක් කරගන්න.
 
 "ග්‍රේට් කරගත්" කියලා කියන්නෙ "පොඩියට ගාගත්ත" කියන එකට. මේ තියෙන්නෙ ග්‍රේට් කරගත්ත නැත්නම් පොඩියට ගාගත්ත පාර්මසාන් චීස්.

වැදගත්:
  • පාර්මසාන් චීස් (Parmesan) ඔයාලට කේක් බඩු කඩවලින්, සුපර්මාකට් වලින් ගන්න පුලුවන්.




මේ ලිපිය අපේ තිෂාරා ජයතුංග මිතුරිය විසින් සිංහලට කරපු පරිවර්තනයක්. මුල් ලිපිය ලබාගෙන තියෙන්නෙ allrecipes.co.uk වෙබ් අඩවියෙන්. ඇයට බොහොම ස්තූතියි නේද අපි වෙනුවෙන් මේ ලිපිය සිංහලට පරිවර්තනය කරලා අපිට මේ රසම රස බිස්කට් හදන් විදිහ කියලා දුන්නට? බොහොම ස්තූතියි තිෂාරා!!
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment