About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Chickpea Curry - කඩල මාළුව

ඔන්න දැන් කියලා දෙන්න හදන්නෙ රසම රස කඩල මාළුවක් හදාගන්න විදිහ. බලන්නකෝ හදන විදිහ එහෙනම්... අවශ්‍ය දේ…
Chickpea Curry - කඩල මාළුව
ඔන්න දැන් කියලා දෙන්න හදන්නෙ රසම රස කඩල මාළුවක් හදාගන්න විදිහ. බලන්නකෝ හදන විදිහ එහෙනම්...
 
අවශ්‍ය දේවල්:
  • තම්බා ගත් කඩල 250g
  • උම්බලකඩ කෑලි ටිකක්
  • හීනියට ලියා ගත් රතු ලූණු ගෙඩි 6 - 7ක්
  • සිහින්ව කපා ගත් අමු මිරිස් කරල් 2 - 3ක්
  • රම්පේ
  • කරපිංචා
  • කපා ගත් තක්කාලි ගෙඩි ½
  • තුනපහ කුඩු තේ හැදි ¾ (රස අනුව අඩු වැඩි කර ගන්න.)
  • කහ කුඩු තේ හැදි ¼
  • මිරිස් කුඩු තේ හැදි 1 (රස අනුව අඩු වැඩි කර ගන්න.)
  • ගම්මිරිස් කුඩු ස්වල්පයක් (කැමති නම් පමණක්)
  • ලුණු (රස අනුව)
  • මිටි කිරි අඬු කෝප්ප 1ක් පමණ
  • දිය කිරි අඬු කෝප්ප ½ ක් පමණ

සාදා ගන්නා ආකාරය:
  • මුලින්ම තම්බ ගෙන වතුර පෙරා ගත්තු කඩල ටික ඇතිලියකට දාන්න.
  • ඒකටම තුනපහ කුඩුයි, මිරිස් කුඩුයි, කහ කුඩුයි, ගම්මිරිස් කුඩුයි දාලා හොදට කලවම් කරන්න.
  • පස්සේ ඒකටම උම්බලකඩ, රතු ලූණු, රම්පේ, කරපිංචා, අමු මිරිස්, තක්කලි, මිටි කිරි ටික හා දිය කිරි ටික දාලා හොදට කලවම් කරලා සාමාන්‍ය ගින්දරේ ලිපේ තියන්න.
  • ඊට පස්සේ කිරි නටා ගෙන එනකොට රස අනුව ලුණුත් එකතු කරන්න.
  • දැන් හොද්ද හොදට බස්ස ගෙන ලිපෙන් බාලා උණුවෙන්ම රස බලන්න තියෙන්නේ.

වැදගත්:
  • කඩල තම්බනකොට ඊට පැය කීපයකට කලින් පොඟන්න දාලා, පස්සේ වතුර අවශ්‍ය පරිදි දා ගෙන තම්බලා අන්තිමට ලුණු ටිකක් එකතු කරන්න. (කඩල බෙරි වෙන්න තම්බන්න එපා.)
 
 කන්න තමයි තියෙන්නෙ දැන් ඉතින්. කඩල මාළුව මේ විදිහට හදලා හරිම රසයි.

wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment