ලූණු මල් තෙම්පරාදුවක් හදලා කාලා තියෙනවද? තෙම්පරාදුවක් හදලා කාලා නැත්නම් ඔන්න ඊලග පාර ලූණු මල් හම්බුණ වෙලාවක මේ විදිහට හදලා බලන්නකෝ..
- ලූණු මල් 200g
- ලියා ගත් රට ලූණු ගෙඩි 1
- කපා ගත් අමු මිරිස් කරල් 2 - 3ක්
- චොප් කර ගත් හෝ තලා ගත් සුදුලූණු බික් 1
- කහ කුඩු තේ හැදි ¼ ක් පමණ
- කෑලි මිරිස් තේ හැදි 1 - 2ක්
- උම්බලකඩ කෑලි මේස හැදි 1 - 2ක්
- කරපිංචා
- රම්පේ
- තෙල් මේස හැදි 2 - 3ක්
- ලුණු (රස අනුව)
සාදා ගන්නා ආකාරය:
- මුලින්ම ලූණු මල් හොදට හෝදලා වතුර බේරෙන්න තියලා දඬුත් එක්කම කෑලි වලට කපා ගන්න.
- පස්සේ ඇතිලියක් ලිපේ තියලා තෙල් ටික දා ගෙන රත් වෙන්න දෙන්න.
- තෙල් රත් වුණාට පස්සේ සුදුලූණු එකතු කරන් සුවද එනකන් බැද ගන්න.
- ඊට පස්සේ ඒකටම රම්පේ, කරපිංචා, උම්බලකඩ දාලා ටිකක් බැදෙන්න අරින්න.
- ඊළඟට ඒකටම රට ලූණුයි, අමු මිරිසුයි කලවම් කරලා තෙම්පරාදු කර ගන්න.
- ලූණු ටික මෘදු වෙනකන් තෙම්පරාදු කර ගත්තට පස්සේ ඒකටම කහ කුඩු ටිකයි, කෑලි මිරිස් ටිකයි, රස අනුව ලුණුයි දා ගන්න.
- අන්තිමට කපා ගත්ත ලූණු මල් ටිකත් එකතු කරන් විනාඩි කීපයක් ලූණු මල් තෙම්පරාදු කරන් ලිපෙන් බා ගන්න. (ගොඩක්ම තෙම්පරාදු කරන්න යන්න එපා. ටිකක් හැපෙන ගතිය තියෙන්න ඕනේ, ඒ වගේම ලස්සනට කොළ පාටට තියෙන්නත් ඕනේ හදලා ඉවර වුණාම.)
වැදගත්:
- කැමති නම් පොඩි තක්කාලි ගෙඩියක් වගේ එකතු කර ගන්න පුළුවන්.
පොටෝ ටිකත් බලන්නකෝ..
මේ තියෙන්නේ ලූණු මල්.
මේ වගේ ලූණු මල් ටික කාපා ගන්න.
මේ ඔක්කොම එකතු කරන් තෙම්පරාදු කරන ගමන්, දැන් කපපු ලූණු මල් ටික විතරයි එකතු කර ගන්න තියෙන්නෙ.
මේ තියෙන්නෙ ඔය ඔක්කොම දේවල් කරලා හදාගත්ත අපේ රසම රස ලූණු මල් තෙම්පරාදුව. දැන් ඉතින් කන වැඩේ විතරයි ඉතුරු.
ලිපිය ලියන්න කරුණු ටිකක් ලබාගත්තා anomaskitchen.com වෙබ් අඩවියෙන්.