About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Cashew Stir Fry - කජු බැදුම

හදමුද රසම රස කජු බැදුමක්? මේ කියලා දෙන්න යන්නෙ කොහොමද රසම රස කජු බැදුමක් හදන්නේ කියලා. කජුනම් ටිකක්…
Cashew Stir Fry - කජු බැදුම
හදමුද රසම රස කජු බැදුමක්? මේ කියලා දෙන්න යන්නෙ කොහොමද රසම රස කජු බැදුමක් හදන්නේ කියලා. කජුනම් ටිකක් ගනන් තමයි. කජු හම්බුන වෙලාවක, නැත්නම් ගමේ ගියපු වෙලාවක හදලා බලන්නකෝ..

අවශ්‍ය දේවල්:
  • කජු 250g
  • සිහින්ව ලියා ගත් ලොකු රට ලූණු ගෙඩි 1
  • හීනියට කපා ගත් අමු මිරිස් කරල් 2 - 3ක්
  • කරපිංචා
  • රම්පේ
  • කෑලි මිරිස් මේස හැදි 1ක් පමණ (රස අනුව අඩු වැඩි කර ගන්න.)
  • ලුණු (රස අනුව)
  • තෙල් මේස හැදි 3 - 4ක්

සාදා ගන්නා ආකාරය:

  • මුලින්ම කජු ටික හොදට සෝදලා පැය 4 - 5ක් වත් වතුරේ පෙඟෙන්න දා ගන්න ඕනේ.
  • පස්සේ වතුර පෙරලා කජු ටික අරන් වතුර බේරෙන්න තියා ගන්න.
  • ඊට පස්සේ තාච්චියක් ලිපේ තියලා එකට තෙල් දා ගෙන රත් වෙන්න තියන්න.
  • තෙල් රත් වුණාට පස්සේ රම්පෙයි, කරපිංචයි දා ගෙන ටිකක් බැදෙන්න දෙන්න.
  • ඊළඟට ඒකටම ලූණු ටිකත් එක්ක අමු මිරිස් දාලා තෙම්පරාදු කර ගන්න.
  • දැන් කජු ටිකත් එකතු කරලා විනාඩි 5ක් විතර හොදට හැදි ගාන ගමන් තෙම්පරාදු කර ගන්න.
  • අන්තිමට කෑලි මිරිසුයි, රස අනුව ලුණුයි එකතු කරලා හොදට කලවම් කරලා ලිපෙන් බාන්න.

 මේ කජු පෙඟෙන්න දාලා තියෙන්නෙ.

 මේ තියෙන්නේ වතුර පෙරලා අර ගත්ත කජු. දැන් වතුර බේරෙන්න තියන්න ඕනෙ.

 ඉතින් ඔය විදිහට හදාගත්ත අපේ රසම රස කජු බැදුම තමයි මේ තියෙන්නෙ.

wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment