අළු කෙසෙල් ව්‍යාංජනය කියන්නෙ අපේ ගම්වල නම් හැමෝම වගේ හදන්න දන්න කියන කෑමක්නෙ. අලු කෙසෙල් වගේම තව ගොඩක් කෙසෙල් වර්ගත් මේ වගේම ව්‍යාංජන හදනවා. දැන් ඔන්න අළු කෙසෙල් ව්‍යාංජනයක් හදන්නේ දන්නෙ නැති අයට රසම රස අළු කෙසෙල් ව්‍යාංජනයක් හදන විදිහ තමයි කියලා දෙන්න යන්නෙ..
- අළු කෙසෙල් 500g
- ලියා ගත් රතු ලූණු 6 - 7
- කපා ගත් අමු මිරිස් කරල් 2 - 3ක්
- කරපිංචා
- රම්පේ
- කහ කුඩු ස්වල්පයක්
- අමු තුනපහ කුඩු තේ හැදි ½ ක් පමණ
- මිරිස් කුඩු තේ හැදි ¼ - ½ ක් පමණ
- කුඩා කුරුඳු පොතු කැබැල්ලක්
- කබලේ බැද ගත් උළුහාල් ඇට ස්වල්පයක් (කැමති නම් පමණක්)
- අබ කුඩු ස්වල්පයක්
- ම්ටි කිරි අඬු කෝප්ප 1
- දිය කිරි අඬු කෝප්ප 2
- ලුණු (රස අනුව)
සාදා ගන්නා ආකාරය:
- මුලින්ම අළු කෙසෙල් වල ලෙල්ල ඇරලා කෑලි වලට කපා ගෙන හොදට සෝදලා භාජනයකට දා ගන්න.
- පස්සේ ඒකටම කහ කුඩුයි, තුනපහ කුඩුයි, මිරිස් කුඩුයි, අබ කුඩුයි දාලා හොඳින් අත ගා ගන්න.
- ඊට පස්සේ රතු ලූණුයි, අමු මිරිසුයි, රම්පෙයි, කරපිංචයි, උළුහාලුයි, කුරුඳු පොතු කැබැල්ලයි එක්ක දිය කිරියි දා ගෙන සාමාන්‍ය ගින්දරේ ලිපේ තියා ගන්න. (අළු කෙසෙල් තැම්බෙන්න දිය කිරි මදි කියලා හිතෙනවා නම් අවශ්‍ය ගානට තව කිරි ටිකක් එකතු කරන්න.)
- ඒ අතරේ රස අනුව ලුණුත් දාලා මිශ්‍ර කර ගන්න ඕනේ.
- දැන් අළු කෙසෙල් හොදට තැම්බිලා දිය කිරි හිඳෙනකන් සැරින් සැරේ හැදි ගාන ගමන් සාමාන්‍ය ගින්දරේ උයා ගන්න ඕනේ.
- ඊළඟට ලිපේ ගින්දර ටිකක් අඩු කරලා, මිටි කිරි ටික්කත් එකතු කරන් හොදට හැදි ගාන ගමන් හොද්ද නටා ගෙන එනකන් උයා ගන්න.
- අන්තිමට හොද්ද අවශ්‍ය ගානට හිඳෙනකන් බස්ස ගන්න.
වැදගත්:
- තම තමන්ගේ රස අනුව එකතු කරන කහ කුඩු, අමු තුනපහ කුඩු, අබ කුඩු සහ මිරිස් කුඩු ප්‍රමාණය අඩු වැඩි කර ගන්න පුළුවන්, හැබැයි ගොඩාක් මිරිස් කුඩුයි අමු තුනපහ කුඩුයි නම් දාන්න එපා. (මිරිස් කුඩු නම් නැතුවම වුණත් හදා ගන්න පුළුවන්.)
- තව කැමති නම් උයන්න කලින් අළු කෙසෙල් ගැඹුරු තෙලේ බැද ගන්න පුළුවන්, එතකොට තවත් රස වැඩියි.
- ලිපෙන් බෑවට පස්සේ කැමති නම් කළු කුඩු ටිකක් උඩින් ඉහ ගන්න පුළුවන්.
මේ තියෙන්නේ අපි හැමෝම වගේ දන්න අළු කෙසෙල්.
අළු කෙසෙල් මේ විදිහට කපා ගන්න ඕනේ (මේ නම් අලු කෙසෙල් නෙමේ)
මිටි කිරි ඇරෙන්න ඉතුරු ඔක්කොම දේවල් අළු කෙසෙක් එක්ක එකට දාලා දිය කිරෙන් ලිපේ තියලා, කිරි හිඳුනට පස්සේ මිටි කිරි එකතු කරලා උයා ගන්න තමයි තියෙන්නෙ ඊට පස්සෙ.
මේ තියෙන්නෙ ඔය විදිහට හදාගත්ත අපේ රසම රස අළු කෙසෙල් ව්‍යාංජනය. දැන් ඉතින් කන්න තමයි තියෙන්නෙ.