About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Mushroom Mallum - බිම්මල් මැල්ලුම (හතු මැල්ලුම)

රසම රස බිම්මල් මැල්ලුමක් හදමුද? ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ හදන විදිහ. බලන්නකෝ එහෙනම් හදන්නේ කොහොමද…
Mushroom Mallum - බිම්මල් මැල්ලුම (හතු මැල්ලුම)
රසම රස බිම්මල් මැල්ලුමක් හදමුද? ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ හදන විදිහ. බලන්නකෝ එහෙනම් හදන්නේ කොහොමද කියලා..

අවශ්‍ය දේවල්:
  • කැමති හතු (බිම්මල්) වර්ගයකින් කප් 1ක්
  • ගා ගත් පොල් කප් ½ ක් පමණ
  • කපා ගත් අමු මිරිස් කරල් 3 - 4
  • හීනියට ලියා ගත් රතු ලූණු කප් ½ ක් පමණ
  • කෑලි වලට කඩා ගත් වියළි මිරිස් කරල් 2 - 3ක්
  • කහ කුඩු ස්වල්පයක්
  • ගම්මිරිස් කුඩු ස්වල්පයක් (රස අනුව)
  • අබ ඇට ටිකක්
  • රම්පේ
  • කරපිංචා
  • තෙල් මේස හැදි 3 - 4ක්
  • ලුණු (රස අනුව)

සාදා ගන්නා ආකාරය:
  • මුලින්ම හතු ටික පොඩියට කපලා හරි ඉරා ගෙන හරි සෝදලා පිරිසිදු කර ගන්න.
  • පස්සේ භාජනයක් අරන් ඒකට හතු ටිකයි, ලුණු ටිකකුයි, කහ කුඩුයි දාලා සාමාන්‍ය ගින්දරේ ලිපේ තියලා හතු ටික තම්බ ගන්න. (ඕනේ නම් වතුර ටිකකුත් දා ගන්න.)
  • හතු ටික ගානට තැම්බුනාට පස්සේ ලිපෙන් බා ගෙන ටිකකට පැත්තකින් තියා ගන්න. (හතු තැම්බුනාට පස්සේ වතුර ගතිය වැඩියි වගේ දැනෙනවා නම් හතු මිරිකලා ගන්න.)
  • දැන් වෙනත් භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් ටික දන්න.
  • තෙල් රත් වුණාට පස්සේ අබ ඇට, වියළි මිරිස් කරල්, රම්පේ, කරපිංචා දා ගෙන අබ පිපිරෙනකන් බැදෙන්න දෙන්න.
  • ඊට පස්සේ ඒකට ලූණු ටිකත් එක්ක අමු මිරිස් එකතු කරන් යන්තමින් බැදෙන්න ඇරලා හතු ටික දා ගන්න.
  • හතු ටිකත් විනාඩි 2 3ක් තෙම්පරාදු කර ගන්න.
  • දැන් රස අනුව ලුණු, ගම්මිරිස් එහෙම දාන්න ඕනේ.
  • ඊළඟට ලිපේ ගින්දර අඩු කරලා පොල් ටික දාලා හොදට කලවම් කරලා පොල් තැම්බෙනකන් ලිපේ තියා ගෙන බා ගන්න ඕනේ.

වැදගත්:
  • මේ අරන් තියෙන්නේ බටන් බිම්මල් (Button Mushrooms), හැබැයි ඔයාලට කැමති හතු වර්ගයක් ගන්න පුළුවන්.
  • කැමති නම් බැදපු තුනපහ පොඩ්ඩක් එකතු කර ගන්න පුළුවන්.
  • හතු වලට කහයි ලුණුයි දාලා තැම්බුවට පස්සේ වතුර ගතිය වැඩියි වගේ දැනෙනවා නම් හතු මිරිකලා ගන්න.

පොටෝ ටිකත් බලන්නකෝ..
මේ තියෙන්නෙ ගත්ත හතු ටික කපාගෙන.

එතකොට මේ ගා ගත්තු පොල්, කපා ගත්තු අමු මිරිසුයි, ලියපු රතු ලූණුයි.

මේ තියෙන්නෙ කහයි, ලුණුයි දාලා තම්බගත්ත අපේ හතු ටික.

ඉතින් ඔය ඔක්කොම දේවල් කරලා හදාගත්ත අපේ රසම රස බිම්මල් මැල්ලුම තමයි මේ..








wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment