- කරවිල මැල්ලුම්
- කරවිල ග්රෑම් 500
- සුදුළුනු බික් 8ක්
- රතුළුණු ගෙඩි 10ක්
- අමුමිරිස් කරල් 5ක්
- ඉගුරු කැබැල්ලක්
- සියබලා 4ක් පමණ
- කහ ස්වල්පයක්
- මිරිස් කුඩු මේස හැන්දක් පමණ
- පොල් බෑයක පොල් (සිහින්ව ගා ගත් )
- රස පදමට ලුණු
- කරපිංචා ඉති කීපයක්
- පොල්තෙල් ස්වල්පයක්
සාදා ගන්නා අයුරු:
- පළමුව කරවිල සෝදා ඇට ඉවත් කර හොදින් තම්බා ගන්න.
- සුදුළුනු,රතුළුණු,අමු මිරිස් සහ ඉගුරු ශුද්ධ කර හොදින් තලා ගන්න
- සියබලා ටික ඇට ඉවත් කර උකුවට ද්රාඅවණයක් ලෙස සදා ගන්න
- දැන් භාජනයක් ලිප තබා තෙල් ස්වල්පයක් එයට දමා හොදින් රත් කර ගන්න
- පසුව සුදුළුනු රතුළුණු ඉගුරු අමුමිරිස් (මුලින් තලාගත්) තෙලට දමා රන්වන් වනතුරු මද ගින්නේ තෙම්පරාදු කරගන්න.
- පසුව පොල් ටිකත් එයට දම මිරිස් කුඩු හා කහ කුඩු මිශ්රි කරගන්න.දැන් සියබලා ටිකත් දමා කලවම් කරන්න.
- ඊ ලගට කරවිල ටික දමා හොදින් පොඩි කරගන්න.
- ලිපෙන් බා ගෙන කරපිංචා ටික එකතු කර ලුණු කලවම් කරන්න .