About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Carrot Egg Mallum - කැරට් බිත්තර මැල්ලුම

ඔන්න දැන් ඔයාලට කියලා දෙන්න හදන්නෙ රසම රස කැරට් බිත්තර මැල්ලුමක් හදාගන්න විදිහ. මේක ඉන්දියාවේ කැරට්…
Carrot Egg Mallum - කැරට් බිත්තර මැල්ලුම
ඔන්න දැන් ඔයාලට කියලා දෙන්න හදන්නෙ රසම රස කැරට් බිත්තර මැල්ලුමක් හදාගන්න විදිහ. මේක ඉන්දියාවේ කැරට් හදන විදිහක්. කැරට් මුට්ට තෝරම් කියලා තමයි එයාල මේකට කියන්නේ. හැමදාම එකම විදිහට බිත්තර කැරට් හදන්නේ නැතුව, ඔන්න ගෙදර කැරටුයි බිත්තරයි තියෙනවනම් මේ විදිහට එක පාරක් හරි හදලා බලන්න ඕනෙ. බලන්නකෝ එහෙනම් කොහොමද මේක හදන්නේ කියලා..

අවශ්‍ය දේවල්:
  • බිත්තර 2
  • චොප් කර ගත් රට ලූණු ගෙඩි 1
  • චොප් කර ගත් කැරට් 250g
  • හීනියට කපා ගත් අමු මිරිස් කරල 3 - 4ක්
  • ගා ගත් පොල් කප් ¼ - ½ ක් පමණ
  • කහ කුඩු ස්වල්පයක්
  • තෙල් මේස හැදි 2 - 3ක්
  • අබ ඇට ස්වල්පයක්
  • කෑලි වලට කඩා ගත් වියළි මිරිස් කරල් 2ක් පමණ
  • කරපිංචා
  • රම්පේ
  • ලුණු (රස අනුව)
  • ගම්මිරිස් කුඩු ස්වල්පයක්
  • ගරම් මසාල පවුඩර් තේ හැදි ¼ ක් පමණ (කැමති නම් පමණක්)

සාදා ගන්නා ආකාරය:
  • මුලින්ම බිත්තර ටික කඩලා භාජනේකට දා ගෙන යන්තමින් පෙන එන්න ගෑරුප්පුවකින් ගහලා පැත්තකින් තියා ගන්න.
  • දැන් කැරට් වලට කහ කුඩු ටිකයි ලුණු ස්වල්පයකුයි දාලා අත ගා ගන්න.
  • පස්සේ පෑන් එකක් අඩු ගින්දරේ ලිපේ තියලා ඒකට කැරට් ටිකත් එක්ක වතුර ටිකකුත් දා ගෙන කැරට් සාමාන්‍ය ගානකට තැම්බෙනකන් උයා ගෙන ලිපෙන් බා ගන්න. (වතුර යන්තමින් කැරට් තැම්බෙන්න ඕනේ කරන ගානට දාන්න, වැඩිය වතුර දාන්න එපා.)
  • ඊට පස්සේ ආපහු පෑන් එක ලිපේ තියලා තෙල් ටික දා ගෙන රත් වෙන්න තියන්න. (කලින් පෑන් එකම කැරට් ටික අයින් කරලා වෙනත් භාජනේකට දා ගෙන අර ගන්න.)
  • තෙල් රත් වුණාට පස්සේ රම්පේ ටිකයි, කරපිංචා ටිකයි, අබ ඇට ටිකයි, කෑලි වලට කඩා ගත්තු වියළි මිරිස් කරලුයි දාලා අබ පිපිරෙනකන් බැදෙන්න දෙන්න.
  • අබ පිපුරුවට පස්සේ ඒකටම චොප් කරපු ලූණුයි කපා ගත්ත අමු මිරිසුයි එකතු කරලා ලූණු මෘදු වෙනකන් බැදෙන්න අරින්න.
  • ඊළඟට කලින් තම්බ ගත්ත කැරට් ටිකත් එක්ක ගා ගත්ත පොල් ටිකයි දාලා විනාඩි 3 - 4ක් බැදෙන්න දෙන්න.
  • දැන් ඒකටම ගම්මිරිස් කුඩුයි, ගරම් මසාලා පවුඩරුයි දාලා හොදට කලවම් කර ගන්න.
  • අන්තිමට කලින් පැත්තකින් තියා ගත්ත බිත්තර ටිකත් එකතු කරලා හැන්දෙන් කලවම් කරන ගමන් බිත්තර වල ඉස්ම ගතිය නැති වෙලා හොදටම තැම්බෙනකන් උයා ගෙන ලිපෙන් බා ගන්න ඕනේ.


පොටෝ ටිකත් බලන්නකෝ..
 කැරට් ටික මේ වගේ කපා ගන්න. (චොප් කරන්න.)

 මේ තියෙන්නේ යන්තමින් බීට් කරපු බිත්තර..

 කැරට් එක්ක පොල් එකතු කරන් උයන ගමන් තමයි මේ..

 අන්තිමට බිත්තරත් දාලා, බිත්තර හොදට තැම්බිලා ඉස්ම ගතිය නැති වෙනකන්ම හොදට හැදි ගාන ගමන් උයන්න ඕනෙ.

 ඉතින් ඔය විදිහට හදාගත්ත අපේ රසම රස කැරට් බිත්තර මැල්ලුම තමයි මේ තියෙන්නෙ.








ලිපිය ලියන්න කරුණු ලබාගත්තා lekshmisadukkala.com වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment