About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Green Bean Mallum - බෝංචි මැල්ලුම

අපි හැමදාම බෝංචි උයලා, එහෙමත් නැත්නම් තම්බලා කනවානේ. ඔන්න දැන් කියලා දෙන්න හදන්නෙ "බෝංචි මැල්ල…
Green Bean Mallum - බෝංචි මැල්ලුම
අපි හැමදාම බෝංචි උයලා, එහෙමත් නැත්නම් තම්බලා කනවානේ. ඔන්න දැන් කියලා දෙන්න හදන්නෙ "බෝංචි මැල්ලුමක්" හදාගන්න විදිහ. බෝංචි ගෙනාපු වෙලාවක, හැමදාම එකම විදිහට බෝංචි හදන්නේ නැතුව මේ විදිහටත් එක පාරක් හරි හදලා බලන්නකෝ..

අවශ්‍ය දේවල්:
  • බෝංචි 250g
  • ගම්මිරිස් කුඩු ස්වල්පයක් (කැමති නම් පමණක්)
  • අමු මිරිස් කරල් 2 - 3ක්
  • කහ කුඩු ස්වල්පයක්
  • රතු ලූණු ගෙඩි 3 - 4ක් (ගෙඩි පිටින්ම)
  • ලියා ගත් රතු ලූණු ගෙඩි 3 - 4
  • සුදුලූණු බික් 1 - 2ක්
  • කරපිංචා
  • රම්පේ
  • උම්බලකඩ (කැමති නම් පමණක්)
  • ගා ගත් පොල් කප් ¼ පමණ (අවශ්‍ය පරිදි අඩු වැඩි කර ගන්න.)
  • කෑලි මිරිස් ටිකක් (රස අනුව)
  • තෙල් මේස හැදි 1 - 2ක්
  • ලුණු (රස අනුව)

සාදා ගන්නා ආකාරය:
  • මුලින්ම බෝංචි වල දෙපැත්ත කඩලා නූල් එහෙම ඇරලා සුද්ද කරන් සෝද ගෙන පොඩියට කපා ගන්න ඕනේ.
  • පස්සේ ගා ගත්තු පොල් වලට ගම්මිරිස් කුඩු, අමු මිරිස් කරල්, කහ කුඩු, රතු ලූණු ගෙඩි, සුදුලූණු, උම්බලකඩ දා ගෙන වං ගෙඩියේ කොටා ගන්න.
  • දැන් භාජනයක් ලිපේ තියලා තෙල් ටික දාලා රත් වෙන්න දෙන්න.
  • තෙල් රත් වුණාට පස්සේ රම්පෙයි, කරපිංචයි, ලියා ගත්ත රතු ලූණුයි, කෑලි මිරිසුයි දා ගෙන යන්තමින් බැදුනට පස්සේ බෝංචි ටික එකතු කරන්න ඕන.
  • බොංචි තැම්බී ගෙන එනකොට කොටා ගත්ත පොල් මිශ්‍රණය එකතු කරන් හොදට කලවම් කරන්න. (අඩිය අල්ලන්න පුළුවන් නිසා පරිස්සම් වෙන්න ඕන.)
  • පස්සේ රස අනුව ලුණු එහෙමත් දාලා අවශ්‍ය ගානට මලව ගෙන ලිපෙන් බා ගන්න.

වැදගත්:
  • කැමති නම් තෙල් රත් වුණාට පස්සේ අබ ඇට ටිකකුත් දා ගන්න පුළුවන්.
 
 මේ විදියට තමයි බෝංචි කපා ගන්න ඕනෙ.
 
 
 
 
 
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment